රනිල්,සජිත් සහ අනුර යන තුන්දෙනාගෙන් කිසිවෙකු මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති වීමට කිසිසේත්ම සුදුසු නැත.
Posted on June 24th, 2024

දේශමාන්‍ය ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්ථිරලේකම් සහ ශ්‍රී ලන්කා පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991-94)  

එමනිසා රට ජාතිය සහ සසුන බේරාගැනීම සඳහා මෙම ලිපීයේ පහතින් දැක්වෙන සුදුසුකම් ඇති එසේම එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥාදෙන 4 වැනි සින්හල බෞද්ධ අපේක්ෂකයෙකු මේ රටේ ජනාධිපති කමට තෝරා පත්කරගත යුතුය.

මේ රටේ කුමන පක්ශයක් බලයට පැමිණියද එම රජයේ පළමු වගකීම විය යුත්තේ, 1505 සිට ආරම්භවූ පෘතුගීසි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි යන ත්‍රිවිධ ආක්‍රමනිකයින් විසින් සිදුකරණලද ඝාතන කිරීම්, ඔවුන් විසින්ම ලක්ෂගණන් ඉන්දියානුවන් ගෙන්වා සිංහල ජනසන්යුතිය අඩුකිරීම සඳහා උතුරු නැගෙනහිර සහ රට මැද පදින්චි කිරීම සහ ඒ අතරම දකුණු ඉන්දියාවෙන් අනවරයන් පැමිණි (කල්ලතෝනීන්) දසදහස්ගානක් මෙහි  පදින්චිවීම ආදී හෙතූන් නිසා මේ රටේ භූමිපුත්‍රයින් හා  ජාතිය වන සිංහලයින්ගේ සන්ඛ්‍යාව ශීග්‍රයෙන් අඩුවුවද අදටත් මුළු ජනගහනයෙන් 75% ක් වන ස්වදේසික සිංහල ප්‍රජාව වෙනුවෙන් සේවය කිරීමය. මන්ද මේ රට සොයාගත්තෝද එහි  ශිෂ්ඨාචාරය බිහිකළෝද, වසර 2600 කට ආසන්න කාලයක් සියළුම විදේශ ආක්‍රමණ වලින් එය රැකගත්තෝද ඔවුන් නිසා එහි භූමිපුත්‍රයින් හා අයිතිකරුවන් වනුයේ ඔවුන් බැවිනි.

 1665 වනවිට සමස්ථ ජනගහනයෙන් 100% ක් ම සිංහලයින් වුවත් ඉහත සඳහන් අධිරාජ්‍යවාදින් විසින් 1505  සිට  1948 දක්වාම ලක්ෂ ගණනින් දකුණු  ඉන්දීය මලබා ජාතිකයින්, පළමුව උතුරු නැගෙනහිර දුන්කළ වගාවට කමකරුවන් ලෙසත්, දෙවනුව රටේ සිංහල ජනගහනය අඩු කිරීම සඳහා උතුරු නැගෙනහිර වියලි කලාපයේ පදිචිකිරීම සඳහාත්, තෙවණුව 1817-18 (ඌව ) සහ 1848 (මාතලේ) නිදස් අරගල වලදී ස්වදේසික සිංහලයින් මර්ධනය කිරීම සඳහා යුධ කුලීභටයින් මෙන්ද සිව්වනුව 1840 න් පසු විශේෂයෙන්ම උඩරට සිංහලයින්ගෙන් කොල්ලකාගත් ඉඩම්වල ව්‍යාප්තවූ කෝපිහා තේ වතුවල වහල් කුලිකරුවන් මෙන්ද ලක්ෂ ගණනින් ගෙන්වා  පදින්චි කළ නිසාද පස්වනුව නිරන්තරයෙන් පැමිණ මෙහි පදින්චිවු දකුණුඉන්දීය හොර වැසියන් (කල්ලතෝනීන්) නිසාද මේ වන විට ස්වදේසික සිංහලයින්ග් 75% දක්වා අඩුවී ඇතත් සෑම රජයකම පළමු වගකීම වනුයේ මේ රටේ ප්‍රවේණී උරුමකරුවන් වූ ස්වදේශීන් වන  සිංහලයින්ගේ අපේෂාවන් සහ ඔනෑ එපාකම් සම්පාදනය කිරීමය. එසේ කීමෙන් නීත්‍යානුකූලව මේ රටේ රටවැසිභාවය ලබාසිටින දෙමළ සහ මුස්ලිම් වරුන්ට නොසැලකියයුතු බවක් ඉන් අදහස් නොකෙරේ. කෙසේ වුවද ප්‍රමුකත්වය දියයුත්තේ ස්වදෙසික සිංහල ප්‍රජාවටය. මන්ද දෙමළ ප්‍රජාවට ඔවුන්ගේ මව් බිම ඉන්දියාවේද මුස්ලිම් වරුන්ට ඔවුන්ගේ මව් රට්වල් ලොව පුරාද ඇතත් සින්හලුන්ට එසේ යාමට ලෝකයේ කිසිම තැනක් නැති නිසාය.මේ මහපොලව මත ඔවුන්ට ඇති එකම බිම්කඩ වණුයේ ඔවුන්ගේ පාරම්පරික මාතෲභූමිය වු  වර්ග සැතපුම් 25,332 ක්වූ මේ කුඩා දිවයින පමණි. ලෝකයේ සිශ්ඨාචාරය ඇතිවූ දා සිටම අද දක්වාම ඔවුන්ගේ අඓතිහාසික මාතෲ භූමිය වූයේ මේ රටය.

1505,1665 සහ 1815 බටහිර අධිරාජ්‍යවාදීන් එදා බලයෙන් පැහැරගත්තේසිංහලයින්ගේ මව් රටය. ඔවුන් විනාශකළේත් සිංහලයින්ගේ වසර 2048 ක් පැරණි ශිෂ්ඨාචරය සහ අයිතිවාසිකම්ය.

රට, ජාතිය ගැන හෝ ඔවුන්ගේ අභිලාශයන් ගැන නොදන්නා, භූමිපුත්‍රයින් වන සිංහලයින් තුට්ටුවකට නොසලකා සුළුජන චන්දය පසුපසම යන ජනාධිපති තරඟ කරුවන්.

දැනට ජනාධිපති තරඟයට ඉදිරිපත්ව සීටින ප්‍රධාන අපේක්ෂකයින් වන රනිල්,සජිත් සහ අනුර යන තිදෙනාම මේ රටේ වසර 2600 කට ආසන්න පරම උරුමකරුවන්වූ රටේ ජාතිය වන75% ක් සිංහලයින් සහ බෞද්ධයින්ගේ මෙම ජන්ම අයිතිය තුට්ටුවකට ගනන් නොගනී. ඔවුන් භූමිපුත්‍රයින් වන සිංහලයින්ගේ ජන්ම අයිතිවාසිකම් මුලුමනින්ම නොසලකා හැර, දෙමළ සහ මුස්ලිම් චන්ද ලබා ගැනීම සඳහා එකිනෙකා තරඟයට මෙන්, විශේෂයෙන්ම මේ රටේ වෙනම දෙමළ රාජ්‍යයක් ලබාගැනිමට සටන් වැද සිටින උතුරේ දෙමළ ප්‍රජාවට පවා, පණින රිළවුන්ට ඉනිමන් බඳින්නාසේ, 13 වන සන්ශෝධනය යටතේ ඉඩම් සහ පොලිස් බලතල සහිතව වෙනම් රාජ්‍යක බලතල ලබාදෙන බවටද,  රට මැද 1987 දී  ජේ. ආර්. විසින් දෙනලද නීතිවිරෝධි රුපියලේ පුරවැසිකම් ලැබුණු වතුකරයේ  ඉන්දීය දෙමළ  කම්කරුවන්ට උඩරට සිංහලයින්ගේ වසර දහස් ගණනක ප්‍රවේණී ඉඩම්  ලබා දෙන බවටද, ඊටත් අමතරව නිවාස,රැකියා, විශ්ව විද්‍යාල ආදි දහසකුත් එකක් දෙන බවටද  පොරොන්දු දෙයි.

එහෙත් 1815 සිටම තම උපන්බිමේම අනාථයින් බවට පත්ව සිටින මේ රටේ භූමිපුත්‍රයින් වන සිංහල බෞද්ධයින්  වෙනුවෙන් ඔවුන්ගේ වරප්‍රසාධ පසෙක තබා 1815 සිට අද දක්වා වසර 209 ක් තිස්සේ අහිමිකළ ඔවුන්ගේ ප්‍රවේණී ඉඩම් සහ ජන්ම අයිතිවාසිකම් ලබාදීම පිළිබඳ හෝ එකම වචනයක් හෝ කථා නොකරන මොවුන් තිදෙනා හැසිරෙන්නේ මේ රට, හෝ ත මව්බිමේ ඉතිහාශය ගැන කිසිවක් නොදන්නා පිටසක්වලින් පැමිණි අද්භූත ජීවීන් තුන්දෙනෙක් මෙනි.

එසේම කෞටිල්‍යන් පෙන්වාදුන් රාජ්‍යයේ මුලික කාර්‍යයන් වන රක්ෂ, (රටේ ආරක්ෂාව) පාලන (පාලනය) සහ යෝගක්ෂේම (ජනතා ශුභසාධනය සැළසීම) යන ත්‍රිවිධ කාර්‍යයන්ද නිසි පරිදි ඉටුකරන බවට සහ පුරාන රජදරුවන් විසින් දිවුරා පොරොන්දු වූ පරිදි ශ්‍රී දළද වහන්සේ ඇතුලු බුද්ධ ශාසනය ආරක්ෂාකරණ බවටද මේ සිංහල බෞද්ධ රටේ හා ජාතියේ මුරදේවතාවුන් වන ගරුතර සන්ඝරත්නය ප්‍රමුඛ ජාතිය ඉදිරියේ මොවුන් දිවුරා පොරොන්දු වීද නැත.

එමනිසා මේ තුන්දෙනාටම නාමයෝජනා භාර දීමට පෙර ශ්‍රී දළදා මාලිගාවේදී ත්‍රයිනිකායික මහානායක හිමිවරුන් ප්‍රමුඛ සන්ඝසභාවක් ඉදිරියේ මේ රට, සිංහල බෞද්ධ රට බවද, එහි ජාතිය සින්හල ජාතිය බවද, රාජ්‍ය ආගම බුද්ධාගම බවද තමන්ගේ මූලික වගකීම ඒ ත්‍රිත්වය ආරක්ෂාකිරීම බැවින් දිවිහිමියෙන් ඒ ත්‍රිත්වය ආරක්ෂාකරන බවට දිවුරා සපථක කරණ මෙන් මම අභියෝග කරමි. එසේ නොකරණ කිසිවෙකුට තම චන්දය නොදෙන මෙන්ද මේ රටේ සියළුම සිංහලයින්ගෙන් මම ඉල්ලා සිටිමි.

එසේ කරණු වෙනුවට මොවුන් සියළු දෙනාම අදත් කරණුයේ, 1799 සිට සුද්දන් විසින්, සින්හල දෙමල වශයෙන් ජාතින් හා රටවල් දෙකකට බෙදා, මේ සිංහල බෞද්ධ ජාතිය හා ශිෂ්ඨාචරය විනාශ කිරීමට ගෙනගිය වැඩපිලිවෙලම තවදුරටත් අධිරාජ්‍යවාදීන් වෙනුවෙන් අඛන්ඩව කරගෙන යමින් තම ජාතිය ආරක්ෂා නොකොට පාවාදෙමින් 1665 න් පසු සුද්දන් විසින්  ඉන්දියාවෙන් ගෙන ආ ඔවුන්ගේ වහළුන් ආරක්ෂා කිරීමය.

1665 පමණ සිට ඕලන්ද කාරයින්ද 1799 න් පසුව ඉන්ග්‍රීසින්ද පළමුව උතුරුනැගෙනහිර පලාත්වල විශාල වශයෙන් මලබා ජාතිකයින් පදින්චි කිරීමෙන්ද එසේම 1840 න් පසු උඩරට කඳුකරයේ තේ වගාවට ලක්ෂ ගණනින් දකුණු ඉන්දීය වහල් කම්කරුවන් ගෙනවිත් පදින්චි කොට 1948 දී ඔවුන් රට හැරයනවිට එම ලක්ෂ 12ම, රටේ හදවත වන උඩරට පදින්චි කොට මේ රටේ භූමිපුත්‍රයින්වන අපගේ හිස මත තවත් දේශපාලනික,ජනවාර්ගික,ජනසන්යුතියික,අර්ථික හා සන්ස්කෘතික අවුල් ජලාවක් පටවා ගියහ.

1948 න් පසු මේ රටේ පාලනය භාරව සිටි සියලුදෙනාම එම අවුල් ජාලාව විසඳා 1815 ට පෙර මේ සිංහල තිබුණ සිංහල බෞද්ධ ආදිපත්‍ය නැවත පිහිටුවණු වෙනුවට සිදුකළේ යටත් විජිතවාදීන්ගේ සිංහල බෞද්ධ රට විනාශ කිරීමේ වැඩපිලිවෙලම තව දුරටත් පවත්වාගෙන යා.

ළබන ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින මේ තුන්දෙනාද ක්‍රියාත්මක කරණුයේ එම වැඩපිලිවෙලමය.

මේ රටේ උරුමකරුවන් වන  සිංහල බෞද්ධයින්ට අද අවශ්‍යව ඇත්තේ  එකී යටත්විජිත රාමුවෙන් මිදී යළිත් 1815 ට පෙර පැවැති ස්වාධීන,ස්වෛරී නිදහස්  සිංහල බෞද්ධ රාජ්‍යය නැවතත් මෙ ලක්පොලව මත පිහිටුවා ගැනීමය. 1956 දීත් එසේම 2019 දීත් නැගී සිටියේ එමජාතික බලවේගයමය.

අද මේ ලක්පොලව මත බුර බුරා නැවතත් නැගී සිටිණුයේ එදා 1956 සහ 2019 දී නැගී සිටි දේශානුරාගි දේශප්‍රේමී ඒ සිංහල බෞද්ධ බලවේගයමය. එමනිසා මේ රටේ මිනිසුන්ට අද අවශ‍යව ඇත්තේ ඒ සිංහල බෞද්ධ ජාතික බලවේගයට නායකත්වය දිය හැකි ශ්‍රීමත් අන්ගාරික ධර්මපාල චින්තනය අනුව ක්‍රියාකරණ ජාති වාත්ශල්යෙන් ඔද වැඩුනු දේශප්‍රේමි  සින්හල බෞද්ධ ජාතික නායකාත්වයක් මිස  සුදන්ගේ න්‍යායපත්‍රයම තවදුටත් ක්‍රියාත්මක කරන රනිල්,සජිත් සහ අනුර මොඩලයේ පරගැති, ඉන්දීය ගැති නිවට නියාලු දේශ පාලුවන්ගේ නායකත්වයක් නොවේ.

දැන්වත් ජාතිකත්වය මුල් තැන්හි තබා ක්‍රියා නොකරණ කිසිවෙකුට තම චන්දය නොදෙන මෙන් සමස්ථ ලන්කාවාසි සියළුම සිංහලයින්ට මම ආයචනය කරමි.විශේෂයෙන්ම දෙමළ වන්දනාවේ යෙදි සිටින, නලලේ අලුගාගෙන උඩුකය නිර්වස්ත්‍රව  දෙමළ චන්ද හිඟමින් මේ උතුම් සින්හල ජාතියට අවමන් කරන, රට ජාතිය පාවාදෙන ජාතිද්‍රෝහි, දේශද්‍රෝහී  සියළු දෙනාටම පාඩමක් ඉගෙන ගැනිමට කිසිම සිංහලයෙක් මොවුන්ට දැන්වත් චන්දය නොදිය යුතුයයි මම කියමි.මෙම මූලික අවශ්‍යතාවන් සපුරන්නේ නැතිනම් මේ තිදෙනා පමණක් නොව අන් කිසිවෙකු වුවද මේ රටේ රාජ්‍ය භාරකාරපදවිය දැරීමට සුදුසු නැත.

සිංහල බෞද්ධයින්ගේ අයිතිවාසිකම් ලබා නොදෙන,  ඔවුන්ගේ උරුමයන් ආරක්ෂා කරණ  බවට එසේ ප්‍රතිඥා නොදෙන මේ තුන්දෙනා ඇතුළු  සෑම අපෙක්ෂකයෙකුටම සුළුජන චන්ද වලින්ම ජනාධිපති වෙන්ට කියා මේ රටේ කිසිම සිංහලයෙක් තම චන්දය නොදිය යුතුයයි මම අව්ධාරණය කරමි. සෑම සිංහලයෙක්ම දැන්වත් දේශපාලන පක්ෂයට වඩා තමන්ගේ රට සහ ජාතිය මෙන්ම ආගම ගැන සිතා තම වටිනා චන්දය පාවිච්චි කිරීමට වග බලාගත යුතුය.

මොවුන් තිදෙනාගෙන් කිසිවෙකු නම් කිසිදිනෙක එසේ ප්‍රතිඥා නොදෙන බව මට විස්වාශය. මන්ද මේ වනවිටත් දෙමළුන්ට දියයුතු සියළුම පොරොන්දු දී අවසන් බැවිනි. අනෙක එසේ කීවොත් සුළු ජන චන්ද නොලැබෙන නිසාය.එම ආකල්පය ඔවුන්තුල තැන්පත්වී ඇත්තේ සුළුජන සහාය නොමැතිව මේ රටේ ජනාධිපති විය නොහැක යන මිත්‍යාව නිසාය. 2019 දී කිසිදු සුළුජන සහායක් නැතිව ගෝඨාභය 69, 24,255 ක් ලබාගත් බවවත් මොවුන් නොදන්නා බව මින් පෙනේ.ඔවුන් තිදෙනාම මේරට මෙන්ම පිට රටවලදීද දිවාරෑ නිදි නොලබා කථාකරන්නේ, සැළසුම් හදන්නේ සහ සිහින දකින්නේ සුළු ජන අයිතිවාසිකම් ආරක්ෂාකිරීම යන ඇම යොද  දෙමළ ලබාගෙන බලයට ඒමටය.

මන්ද 1956 සිටම කළ පරිදි පක්ෂය පාට අනුව දෑස් පියාගෙන මේ වතාවේදීද තම පාක්ෂිකයින් චන්දය දුන්නද එය මේ තුන්දෙනා අතර වෙනදාට වඩා සමානව ලැබීමට ඉඩ ඇති බැවින්, සුළු ජන චන්ද වැඩියෙන් ලබාගන්නා අපේක්ෂකයාට ජයග්‍රහනය කිරීමේ අවකාශය වැඩි බව ඔවුන් තිදෙනාම සිතන බැවිනි, උතුරු නැගෙනහිර සහ උඩරට වතුකරයේ දෙමළ ප්‍රජාවගේ චන්ද මෙහිදී ඔවුන් තිදෙනාගේම ප්‍රමුඛත්වය බවට පත්ව ඇත්තේ.

 වැඩිම ළන්ශුවට තම වර්ගයාගේ චන්දය දැක්කීම සුළු ජන දේශපාලකයින්ගේ සිරිත නිසා, තම ඉලක්කය සපුරා ගැනීමට අනෙකා පරදවා ඉහලම ලන්සුවක් දීමේ මාරාන්තික සටනක දැන් මේ තිදෙනා යෙදී සිටී.

ඒ බව ඔවුන්ගේ කථාවලින් සහ හැසිරීමෙන්ම සක්සුදක් සේ  පැහැදිළිවෙයි. එසේ කරණුයේ ඔවුන්ගේ චන්දය ලබාගැනීමට මිස ඔවුන්ට ඇති විශේෂ ආදරයක් නිසා නොවන බව සුළු ජනයාද හොඳාකාරවම දනි. එහෙත් වරින් වර කළදුටුකළ වල ඉහගැනීම මෙන්ම තැටිය රත්වී ඇති අතරේ රොටිය පුළුස්සා ගැනීම ඔවුන්ගේ සිරිතය.

මේ අවස්ථාවේදි තව විශේෂය කරුණක් කිය යුතුව ඇත. එනම් රාජපක්ෂලාට,චන්ද්‍රිකාට, සිරිසේන සහ නිමල් සිරිපාලල-අමවීරලාට පින්සිදුවෙන්ට දැන් ශ්‍රී ලන්කා නිදහස් පක්ෂයක් නැත. ගෝඨාභයට චන්දය දුන් ශ්‍රී ලන්කා කාරයින්ට සිංහලබෞද්ධයින්ට අද යන එන මඟක් නැතිව  අසරනව ඇත. එහෙත් ඔවුන්ගේ සින්හල බෞද්ධ කම ගත තුල මෙන්ම සිත තුලද නිදන්ගතව ඇත. කවදාටත් රට ජාතියට සහ බුදු සසුනට එකහිතින් ආදරය කළ ඔබ සියළුදෙනාම එකාවන්ව එක් රොක්වී දැන් කලයුතුව ඇත්තේ, රනිල්,සජිත් සහ අනුර යන තිදෙනාටම මේ රටේ සහ පිටරටවල සිටින දෙමළ මුස්ලිම් චන්ද වලින්ම  ජනාධිපති වන මෙන් අභියෝග කොට කිසිම සින්හලයෙක් මේ තුන්දෙනාට චන්දය නොදී  රට, දැය සමයට  ආදරයකරණ  ජනතා හිතවාදී සැබෑ සින්හල බෞද්ධ නායකයෙකු ජාතියේ නායකත්වයට දැන්වත් පත් කොටගෙන මේ රටේ 75% ක් වන දේශප්‍රේමී, ජාතිහිතයිෂී  සිංහලයින්ගේ බලය ඔවුන්ට පෙන්වන මෙන් මම දේශප්‍රේමයෙන් මේ රටේ සියළුම සින්හලයින්ගෙන් ඉල්ලා සිටිමි.

ඔබ සතු ඒ ඓතිහාසික ධූත මහෙවර වණුයේ 1948 සිට මේ දක්වා කිසිවෙකු නොකළ ඒ වීර ක්‍රියාව කොට මේ උතුම් සිංහලරටත්, සිංහල ජාතියත් එසේම සම්බුදු සසුනත් බේරාගත හැකි,  අභිමානවත් සින්හල ජාතියේ අපේක්ෂාවන් ඉටු කළ හැකි, ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනයෙන් පෝෂනය වූ සැබෑ වීර  සින්හල බෞද්ධ නායකයෙකු වටා එක්‍ රොක් වී ඔහු ජනාධිපති වශයෙන් තෝරාගැනීමයි.එසේම  ඔබවිසින් තෝරාගණු ලබන එම නායකයා, රජිව්/ජේ ආර් ගිවිසුම මෙන්ම 13 වන ව්‍යවස්ථා සන්සෝධයද විධායක ජනාධිපති කම සමඟම 1978 ව්‍යවස්ථාවද අහෝසිකොට  මේ රටේ සභ්‍යත්වයට අනුරූපවන ව්‍යවස්ථාවක් නිර්මානය කරණතුරු රට පාලනය කිරීම සඳහා 1972  ජනරජ ව්‍යවස්ථාව බලගැන්වීමට පොරුන්දුවන අයෙක්ද විය යුතුය.

පහතින් දැක්වෙණුයේ මේ රටේ ජාතිහිතෛෂී, දේශප්‍රේමී සියලු දෙනාම රට, ජාතිය සහ බුදු සසුන බේරාගැනීම සඳහා වහාම අහෝසි කළයුතුයයි එකහඬින් කියා සිටින නමුත් ඉහත සඳහන් තිදෙනාගෙන් එක් අයෙක් හෝ එසේ ප්‍රකාශ නොකරන ආයතන සහ කරුණු කීපයකි.

1.1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වාදුන් ඒකාධිපති විධායක ජනාධිපති තනතුර

2වර්තමානයේ රට තුල පවතින සෑම අර්භුධයකටම හේතුවවූ දේශපාලකයින් විසින්, ඔවුන් සඳහාම සහ ඔවුන්ගේම යහපත සඳහා සකස්කොට ඇති 21 වතාවක් සන්ශෝධනය කොට සකස්කරගත් 1977 ට වඩා මන්ත්‍රීවරුන් 57 වැඩි කර,රටට පැරණි ආසන ක්‍රමද අහෝසිකොට දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමයක් හඳුන්වා දිමෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය විකාරයක් සහ විහිළුවක් බවට පත් කළ අබමල් රේණුවක සේවයක් නොකළත් වසර 5 කින් පසු  මන්ත්‍රී වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇත්ලු අනේකවිධ දේශපාලන වරප්‍රසාධ වලින් පිරුණු මන්ත්‍රී වරප්‍රශාද කෙන්ද්‍රීය, ජනතා සේවාව මුඛ්‍ය අරමුණ නොවූ ජේ. ආර්. ගෙදර හැදූ ජනතා වරමක් නැති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීම.

3. රටේ බහුමික අඛන්ඩතාව සහ ස්වයිරීත්වය විනාශකළ, බෙදුම්වාදය ප්‍රබල ලෙස වර්ධනය කළ එසේම දිසා පර්‍රිපාලනය අවුලෙන් අවුලට පත්කළ සහ පරාජිත සහ චන්දයකින් කිසිම දිනක දිනන්ට බැරි දේශපාලකයින්, ගජමිතුරන් සහ ජනාධිපති වරයාගේ සහ ඇමතිවරුන්ගේ නෑදෑයින්ට  රට හා ජාතියට කිසිදු සේවයක් නොකලත් කුමාර සැප විඳීම සඳහා  ජනාධිපතිගේ බලතල සහ වරප්‍රසාද සහිත ආණ්ඩුකාර තනතුරු9 ක් ,කැබිනට් ඇමතිවරයෙකුගේ බලතල සහ අසීමිත වරප්‍රසාද සහිත මහ ඇමැතිවරුන් 9 ක් සහ තවත් ඇමති වරුන් 45ක් ,පලාත් සභා වසා තිබුණත් පඩිනඩි,යාන වාහන සහ නිලරථ ඇතුලු වරප්‍රසාද ලබන කථානායකයින් (සභාපතීන්) 9 ක් වැනි රටට දැරිය නොහැකි දේශපාලන, පරිපාලන සහ මූල්‍ය බරක්වූ 1987පලාත් සභා ක්‍රමය නමැති මේ රට බෙදා අවුලෙන් අවුලට පත්කොට දේශපාලන,ආර්ථික සාමාජීය වෂයෙන් මුළු රටම අකර්මණ්‍යකොට විනාශකිරීමට ඉන්දියාව විසින් අපගේ ගෙලේ බැඳි දේශපාලන කාල බෝම්බයක්ක්වූ ඉන්දීය ව්‍යාප්තිවාදයේ උරචක්‍ර මාලය අහෝසි කිරීම.

4 යටත් විජිත වාදීන්ට කඩුවෙන්, උන්ඩයෙන්, මන්කොල්ල කෑමෙන්, දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමෙන්, මනස් සෝධනයෙන් සහ බෙදා පාලනය කිරීමෙන් විනාශ කිරීමට නොහැකිවු රටවල්,තව දුරටත්  සූරා කෑමට සහ සදාකාලිකවම ඔවුන්ගේ යටත්විජිත වෂයෙන් තබා ගැනීම සඳහා යොදාගෙන ඇති නවතම  උපාය මාර්ගය සහ අවිය වූ, උන්ගේම භාණ්ඩාගාරයන් පුරවන ආර්ථික, මූල්‍ය, වෙළඳ සහ වානිජ  ආයතන වන ඊනියා ලෝක බැන්කුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි, අපවැනි රටවල් සදාකාලික දරිද්‍ර භාවයේම තබාගැනීමේ ක්‍රම වේදයන්ගෙන්  නිදහස් වීම. 

5.මහපොලව, වරායවල් ගුවන්තොටුපලවල්, රටේ ඛනිජ සම්පත්,රාජ්‍ය දේපල සහ බැන්කු, ගුවන් යානා,ගුවන් තොටුපල,ත්‍රිකුණාමලේ තෙල් ටැන්කි 100, වරායන් වැනි ජාතික සම්පත් පමණක් නොව මේ කුඩා රටතුල ඉන්ධන සහ භූමිතෙල්ටික බෙදීමද පවා  අහසින් වැටෙන හිරු එලිය මෙන්ම  දිවයින හරහා හමන සුළඟ සහ ගන්ගා වලින් ගලායන ජල සම්පත ඇතුලු සියලුම ජාතික සම්පත් පිට රැටියන්ට කුණු කොල්ලයට විකිණීම වහාම නතර කිරීම

6 1505 සිට 1848 දක්වා ලක්ෂ ගණනින් ජීවිත පූජාකොට උඩරට වීරෝධාර සිංහලයින් විසින් බටහිර අධිරාජ්‍යවාදී ම්ලේච්ච මිනීමරුවන් ගෙන් බේරාගත් 1840න් පසු සුද්දන් විසින් බලයෙන් කොල්ලකෑ අක්කර ලක්ෂ 13 ක සිංහලලෙයින් තෙත් වූ මව්බිමේ මහපොලව සුද්දාගේ තේ වතුවල වහල් වැඩට ඉන්දියාවෙන් ගෙනවිත් 1948 දී උන් ආපසු යනවිට මෙහි අතරමන්කොට දමාගිය වසර 27ක පමණ ජේ.ආර් ගේ අනීතික පුරවැසිකකම් ඇති තොණ්ඩමන් වාර්ගික ඉන්දියානු දෙමළුන්ට සින්නක්කරකොට උරුමකොට දී  මේ සිංහලේ කන්ද උඩරට ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කිරීම නතර කිරීම.

7.උතුරු නැගෙනහිර මුලු රටෙන් 1/3 ක් සහ රටේ මුහුඳු තීරයෙන් 2/3 ඊලාමයට දීම.මේ වනවිටත් 2009 දි මහින්ද රාජපක්ෂ බේරාගත් එම දෙපලාතම අනාගත ඊලමට දී තිබීම  එම. දෙපලාතේ ආණ්ඩුකාරයින් දෙදෙනාම දෙමලය, සියලුම් රාජ්‍යය නිලධාරින් දෙමලය. සියළුම දේශපාලනඥයින් දෙමලය. පාලන භාෂාව දෙමලය.  පාලනය දෙමලෙන්ය.  ස්ථානනාම සියල්ල දෙමලය. ක්‍රි.  පූ. යුගයේ සිට එම පලාත් පුරාම තිබුණු පුරා විද්‍යාත්මක බෞද්ධ ස්ථාන සහ නටබුන් මත හින්දු කෝවිල් ගොඩ නැගී හෝ නැගෙමින් ඇත. වසර 2600 කට ආසන්න සින්හල බෞද්ධ ශිෂ්ඨාචාරය අවුරුදු 340 කට වඩා අඩු ඉතිහාසයක් ඇති ඕලන්ද සහ බ්‍රතාන්‍යයින් විසින් උන්ගේ වහලුන් මෙන් ඉන්දියාවෙන් මෙහි ගෙනවිත් දමාගිය මළබා දෙමලුන් මේ සිංහලබෞද්ධ ජාතියේ උතුරු නැගෙනහිර දැනටමත් වෙනම ජාතියක් වශයෙන් අල්ලාගෙන හමාරය.

මේ විනාශයෙන් රට ජාතිය බේරාගැනීම සඳහා13 වන ව්‍යවස්ථා සන්ශෝධනය අහෝසිකිරීම සහ 92/58 බලය විමධ්‍යගතකිරීමේ  පනත සහ රා.ප, පා චක්‍ර ලේඛ 92/21 යන දෙකම අහෝසිකිරීම. උඩරට වතුකරයේ මෙන්ම උතුරු නැගෙනහිර පලාත් දෙකේම මේ වන විටත් කොළඹින් ක්‍රියාත්මක වන ආණ්ඩුවේ බලයක්  නැත. උතුරු නැගෙනහිර රජුන් සුමන්දිරම්ලා විග්නේශ්වරන්ලාය.උඩරට වතුකරයේ රජුන් තොණ්ඩමන් මුණුබුරන්ය. දිගම්බරන්ලාය.වඩුවේල්ලාය

මොවුන් මෙසේ රජුන් බවට පත්කොට ඇත්තේ මේ වන විටත් මේ රටේ විධායක ජනාධිපති වීමට මාරාන්තික බලුපොරයක යෙදී සිටින තුන්දෙනා සහ ජේ ආර් වැනි රටක්.ජාතියක්,ආගමක් නැති දේශ ද්‍රෝහී ජාති බ්‍රෂ්ඨ බලකාමයෙන් මත්වූ රාෂ්ට්‍රපාලනය යනු කුමක්දැයි නොදන්නා චන්ද අතීසාරයෙන් පෙලෙන මනසින් යුරෝපයේම ජීවත්වන මානසික රෝගීන් වන  දේශපාලකයින්මය. එසේම මොවුන් තිදෙනාම දෙමල සහ මුස්ලිම් සුළු ජනකොටස්විසින් ඔවුන්ගේ තුනටියේ බැඳි චන්ද නමැති ලණුවෙන් ඉරිදා පොලේ නටවන රිලවුන්වැනිය.

සුළු ජන කොටස් ගැන දිවා රාත්‍රි මෙසේ කිඹුල් කඳුළු හෙලන මේ තුන්දෙනාගෙන් එක් අයෙකු හෝ රටේ උරුමකරුවන් වන සිංහලයින්ගේ ඉඩම්,රැකියා,ආහාර,වස්ත්‍ර,  නිවාස, රැකියා, අධ්‍යාපන, සෞක්‍ය ප්‍රශ්න සහ අනෙකුත් අයිතිවාසිකම් ගැන එක වචනයක් වත් කතා කරන්නේ නැත.විශේෂයෙන්ම  රටේ ජනගහනයෙන් ලක්ෂ 75ක් පමණවන සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මැරුම්කෑ  එසේම තම ඉඩකඩම් වලින් පන්නා දැමු මුතුන් මිත්තන්ගෙන්  පැවතඑන උඩරට සිංහලයින් ගැන හෝ ඔවුන්ගේ උග්‍ර ප්‍රශ්න ගැන හෝ මොවුන් එක වචනයක් හෝ කතා කරන්නේද නැත. 

වතුකරයේ දෙම්ලුන් වෙනුවෙන් කථාකිරීමට, සටන් කිරීමට  පමණක් නොව රටේ නීතියද කඩමින් ජනාධිපතිට පමණක් නොව විපක්ෂ නායක මෙන්ම අනුර දිසානායක යන ජනාධිපති අපේක්ෂකයින්ටද අභියෝග කරමින් පශ්චාත් භාගයද පෙන්වා  රටේ ජනාධිපතිද පවා නගස්වා ඔවුන්ගේ හොට බිම ඇතිල්ලිය හැකි, එසේම වතු අධිකාරීන් සිර අඩස්සියේ තබාගෙන ඔවුන්ට මරණ තර්ජන පවා කරමින් තම ඕනෑ එපාකම් ලබාගතහැකි, වසර 37 ක මේ රටේ නීතිවිරෝධි රුපියලේ පුරවැසිකම පමණක් ඇති  තොණ්ඩමන් මුණුබුරන්, බාන් පිටින්ද, ඊටත් අමතරව එවැනිම බලතල ඇති එම වර්ගයේම වඩිවේල් සුරේෂලාද, දිගම්බරන්ලාද එමට සිටිත්.

මෙම වතු මාපියා කරුවන්ගේ නීති විරෝධී ක්‍රියාවන් පිලිබඳ කිසිදු පියවරක්ද නොගෙන චන්දයක් නිසා මුනිවත රකින්නාසේම ඔවුන්ගෙන් ඉල්ලීමකුත් නැතිව 75% පහකින් පඩි වැඩිකරන, සිංහලයින්ගේ පාරම්පරික ඉඩම් මේ වතු කම්කරුවන්ට ලබා දීමට සහ නිවාස ඇතුළු දහසකුත් එකක් පොරොන්දු ලබාදෙන මෙවැනි දේශද්‍රෝහීන් සහ රනිල්, සජිත් සහ අනුර වැනි ජාතිද්‍රෝහී පුද්ගලයින් මේ රටේ නායකත්වයට සුදුසු වන්නේ කෙසේද. නැගෙනහිර ආණ්ඩුකාරයා වන සෙන්තිල් තොණ්ඩමන් කඳුරටේ කම්කරුවන්ගේ වැටුප් ප්‍රස්නය ගැන කථා කරන්නේ ඔහු මධ්‍යමපලාතේත් ආණ්ඩුකාරයා වශයෙන්ද පත්කර තිබේදැයි  ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතුව ඇත. එසේ නොමැතිනම් ඔහුට විරුද්ධව ජනාධිපතිවරයා විනයානුකූළ පියවර නොගන්නේ ඇයි? ඔහු සවුම්‍ය මූර්ති තොණ්ඩමන්ගේ මුණුබුරා නිසාදැයි ඇසිය යුතුව ඇත. එසේත් නැතිනම් පෙර දවස එක් නරියෙක් මොකක්දෝ වැටෙන තුරු එලුවෙකු පස්සෙන් ගොස් කරගත් වින්නැහිය ඔහුත් කර ගැනීමටදැයි ඇසිය යුතුව ඇත. වතුකරයේ චන්ද කුට්ටිය වැටෙන්නේ තොන්ඩමන්ලාට දිගම්බරන්ලාට සහ වඩුවේල්ලාට ඔනෑ තැනට මිස මේ චන්ද යාචකයින්ගේ ඔඩොක්කුවලට නොවන බව පමණක් කිව යුතුය.

මා දකින අන්දමට ජනාධිපතිවරයා සෙන්තිල් තොණ්ඩමන් නැගෙනහිර ආණ්ඩුකාරයා වශයෙන් පත්කලේද එසේම ඔහුගේ නිළ පලාතෙන් පිට ඔහුට අයිති නැති ප්‍රශ්නයකට හොට දැමීම ගැන ඔහුට එරෙහිව විනයානුකූල පියවරක් නොගන්නේද ලබණ මැතිවරණයේදී වතු දෙමළ චන්ද ලබාගැනීමේ එකම බලාපොරොත්තුවෙන් බව ඉතාමත් පහැදිලිය.එසේම පැහැදිලිවම ඔහු නැගෙනහිර ආණ්ඩුකාරයා වශයෙන් පත් කිරීමත්  වතුකරයේ වැටුප් ගැන කථාකිරීම  ගැන නිහඬව සිටීමත් යන දෙකම චන්ද අත්ලස්ය. චන්ද කොමසාරිස් වාර්යාගේ මෙන්ම ඒ පිලබඳ උනන්දුවක් දක්වන සන්විධානවල අවධානය මීට යොමුවණු ඇතයි සිතමි.

මෙවැනි පුද්ගලයින් තම රාජ්‍ය නායකයින් වශයෙන් පත්කර ගෙන සිංහලයින් තම ගෙල සියතින්ම කපාගන්නවාද, එසේම තම මව්බිම සහ ජාතිය නැතිකරගන්නවාද කියා සිහිබුධියෙන් හොඳින් සිතා බැළිය යුතු කාලය දැන් එළඹ ඇත.

වතුකරය ආශ්‍රිත චන්ද කොට්ඨාශ නියෝඉජනය කරන අඳ, ගොලු, බිහිරි සිංහල මන්ත්‍රීන්

ඒ අතර වතුකරය ආශ්‍රිත චන්ද කොට්ඨාශ නියෝඉජනය කරන සිංහල මන්ත්‍රීන් 75 ක් පමණ පාර්ලිමේන්තුවේ සිටියද පරදේශක්කාරයින් පිරිසක් විසින් වතුකරයේ සිදුකරන මෙවැනි චණ්ඩිකම් ගැන හෝ මේ මහ පොලවට වසර 2600 අඛන්ඩ උරුමයක් ඇති තම න්ගේම ලේඥාතීන් වන සිංහලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් එක වචනයක් කතා කිරීමට  කොණ්ද පණ ඇති, එක වචනයක් කථා කිරීමට  කටක් ඇති එක බණ්ඩෙක් හෝ අප්පුහාමි කෙනෙක් නොසිටීමද විලිලැජ්ජා සහගත නොවේ.

එමනිසා ලබන ජනාධිපති තරඟයේදී මේ තිදෙනාම ප්‍රතික්ෂේපකොට රටේ සහ ජාතියේ ඉරණම භාර දිය හැකි භූමිපුත්‍රයින් වන සිංහලයින්ගේ උරුමයන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින එසේම කථාකරන, මා ඉහතින් සඳන්කළ ප්‍රතිඥාවන් ගරු ත්‍රයිනිකායික මහානායක හ්මිවරුන්ප්‍රමුඛ මහා සන්ඝ සභාවක් ඉදිරියේ දිවුරා සපථ කරන  සිව්වැනි සිංහල බෞද්ධ අපේක්ෂකයෙකු පමණක් අපගේ මීලඟ ජනාධිපති වරයා වශයෙන් තෝරා පත්කොට ගැනීමට සමස්ථ ලන්කාවාශී සියළුම සිංහලයින් එකාවන්ව පෙළැගැසෙනමෙන් දේශප්‍රේමයෙන් සහ ජාතිවාත්ශල්‍යෙන් මම ඉල්ලා සිටිමි. එසේම දිවයින පුරා සිටින සියළුම සිංහලයින් සහ මන්ත්‍රිවරුන්, විශේෂයෙන්ම සින්හල බෞද්ධ  මන්තීවරුන් මෙන්ම රට හා ජාතියට අදරය කරණ සමස්ථ ලාන්කික ජනතාවම තරයේ අධිෂ්ඨාණය කරගෙන, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා සහ පෙර දවස මේ රට දැය සහ සසුන ජීවිත පරිත්ත්‍යාගයෙන් රැකගත් දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, ගජබා,විජයබා සහ සීතාවක රාජසින්හ වැනි නරපතීන්ට නිගරු නොකොට යලිත් නියම වීර සින්හල බෞධයින් වශයෙන්, එසේම ජේ ආර්/ රජිව් ගිවිසුම, පලාත්සභා ආදි රට දැය නසින,රට දැයට හා සසුනට අහිතකර ,බටහිර සහ ඉන්දීය ව්යාප්ත වාදයන්ගෙන් මේ සිංහල බෞද්ධ රට සහ සින්හල ජාතිය තවත් වසර 2500ක් හෝ ලොව පුරා බැබලවීමට පදනමක් දැමිය හැකි  අනගාරික ධර්මපාල දර්ෂනය පදනම් කොට ගෙන ක්‍රියාකල  හැකි නියම සිංහල නායකයෙක් මේ සිංහලේ ජනාධිපති වශයෙන් එළබෙන ජනාධිපති වරණයේදී තෝරා පත්කොට ගැනීමට සිංහලේ වාසී සියළුම වීර සිංහලයින්ගෙන් ජාත්‍යාලයෙන් සහ දේශප්‍රේමයෙන් මම ඉල්ලා සිටිමි.

මක්නිසාදයත්. මේ තුන්දෙනාගෙන් කාට චන්දය දුන්නද රටත්, සිංහල ජාතියත් සාශනයත් යන තුනම දසකයක් තුල අවසන්වන බැවිනි. එසේම සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය මේ ලක් පොලවෙන් අතුගැවිලාම යන බැවිවිනි.මොවුන් තුන්දෙනාගෙන් කවුරු ජනාධිපති උනත් ප්‍රථම්යෙන්ම, මේ රට ඉතා ඉක්මනින් ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය වීමද සහතිකය. අන්න ඒ විනාශයෙන් රට හා සිංහල ජාතිය සහ බුදුසසුන බේරාගැනීමටයි,  මා මූලින් සඳහන් කළ පරිදි අනාගරික ධර්මපාල චින්තනය ඇති නියම සිංහල බෞද්ධ නායකයෙකු මේ රටේ මීලඟ ජනාධිපතිවරයා වශයෙන්හෝ මේ රටෙ සියළුම සිංහලයින් විසින් එකාවන්ව එක්වී සොයාගෙන පත්කරගත යුත්තේ.                                          

අවසාන වශයෙන්

මොවුන් කිසිවෙකුට හෝ චන්දය දෙන්ට පෙර, මේ තුන්දෙනාගෙන් එක් අයකු හෝ පහත සඳහන් පොරොන්දුවලින් එකක් හෝ ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශවල හෝ රැස්වීමකදී ප්‍රකාශකර තිබෙණවාදැයි බලන මෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි.

1.මේ රටේ දේශපාලන පිළිකාවන විධායක ජනාධිපති ක්‍රමය,

2 ඉන්දීය ව්‍යප්තිවාදයේ බිලී කොක්ක වූ 1987 ජූලි 30 රජිව්/ජේ.ආර් ගිවිසුම

3 මේ රටේ ප්‍රාන්ත පාලනය විනාශ කළ රාජ්‍ය භණ්ඩාගාරය හිස් කළ 13 වන ව්‍යවස්තා සන්ශෝධනය ව්‍යවස්ථා සන්ශෝධනය සහ පලාත් සභා

යන තුන වහාම අහෝසි කිරීම

4, 1978 ව්‍යවස්ථාව වෙනුවට 1972 ජනරජ ව්‍යවස්ථාව නැවත  බලගන්වා වසරක් තුල මේ රටේ  සභ්‍යත්වයට හා ඉදිරිගමනට ගැලපෙන රටේ භෞමික අඛණ්ඩතාව, ඒකීය භාවය,  ස්වාධිපත්‍ය, ස්වාධීනත්වය හා නිදහස, සින්හල බෞද්ධ ජාතියේ අභිමානය ආරක්ෂාවන  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් කිරීම

5 සියළුම ජාතිවාදී,බෙදුම්වාදී ආගම් හා ප්‍රදේශවාදී මේරටට නොගැලපෙන මතවාදී දේශපාලන පක්ෂ තහනම් කිරීම

6.ජාතික රාජ්‍ය සභාවේ වර්තමාන ආසන සන්ක්‍යාව ජාතික ලැයිස්තුවේ 29 සහ 1978 ව්‍යවස්ථාවෙන් එකතු කළ 28 ද අහෝසිකොට 1972 ව්‍යවස්ථාවේ පැවති 168 දක්වා අඩුකිරිරීම.

7 දැනට පවතින දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමය අහෝසිකොට නැවතත් පැරණි ආසන ක්‍රමය ඇති කිරීම

8 අමාත්‍ය මන්ඩලය 18 කට සීමාකිරීම

9. රටට කැපීපෙනෙන සේවයක් කල ජනාධිපති වරුන්ට සහ වසර 25 කට වැඩි  සේවයක් කළ මන්ත්‍රීවරුන්ට පමණක් විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමයක් ඇති කිරීම සහ දැනට පවතින ක්‍රමය අහෝසි කිරීම

10 රාජ්‍ය සේවය දේශපාලනයෙන් තොර ජනතාහිතවාදී වුර්තීය සේවයක් කිරීම

11 දේශපාලනයට එන අයටද දැඩි සුදුසුකම් හා විනය මාලාවක් මෙන්ම නිශ්චිත කාර්‍යසාධක වැඩපිළිවෙලක් නියම කිරීම.

12. ජාතික රාජ්‍ය  සභා නියෝජිතයින් අදාල ආසනවලින් පමණක් පත්කරගැනීම

13 රාජ්‍ය වියදම අඩුකර ගැනීම සඳහා දැනට සිටින 16 ලක්ශකට අධික  ගානක රාජ්‍ය සේවය, සේවා සහ සැපයුම් අධ්‍යයනයකින් පසු අඩුකොට විශ්‍රාම ගැන්වෙන අයට ස්වයන් රැකියා කිරිමේ වැඩපිළිවෙලක් සකස් කිරීම.

14. දේශපාලනයේ මෙන්ම රාජ්‍යසේවයේ දුෂන, නාස්ති, සහ වන්චා සහ අකාර්‍යක්ෂමතාව පිටු දැක ඒවා ජනතා හිතවාදි සහ ජනතා කේණ්ද්‍රිය සේවාවන් බවට පත්කිරීම

15.කෘෂිකර්මය ප්‍රධානකොටගත්, දීපව්‍යාප්ත වගා සන්ග්‍රාමයක් සහ කර්මාන්ත සන්වර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මකකොට රටේ නිශ්පාදනය වැඩිකිරීම සහ රැකියා උත්පාදනය ඉහල නැන්වීම

16.සමස්ථ ආර්ථිකයේ මෙන්ම රාජ්‍ය පරිපාලනයේ කාර්‍යක්ෂමභාවය ඉහල නැන්වීම

17.දැනට විනාශකොට ඇති උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා ඇති අයිතිහාසික පුරාවිද්‍යාත්මක බිම් සහ සිදස්ථාන පුනරුත්ථාපනය කිරීම

18.වසර 10 කින් මේ රට ආසියාවේ ආශ්චර්ය බවට පත් කිරිම.

19.වසාර් 10 කින් මේ රට නැවතත් ලෝකයේ සව්භාග්‍යමත්, සාමකාමි සහ අභිමානවත් බෞද්ධරාජ්‍යක් බවට පත්කිරීම

20. ජාතියේ හදබිමවන මු.ම,අඩි1000 ඉහල මධ්‍යම කඳුකරයේ භෞතික ස්ථාවරත්වය ආරක්ෂාකරණ විධිමත් වැඩ පිළිවෙලක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම

22 පවතින සුද්දාගේ 1833 පලාත් ක්‍රමය අහෝසිකොට සිව් සින්හලේ නැවත පිහිටුවීම, (රුහුණු,පිහිටි,මායා සහ උඩරට)

23කලුගඟ දකුනටද කැළැනි ගඟ වයඹටද හරවන වැඩ පිලිවෙලක්

24ශ්‍රී ලංකා ජනරජය රාෂ්ට්‍ර පාලනය කළයුතු ආකාරය සහ නීති සම්පාධනය පිලිබඳ රජයට උපදෙස් දීම සඳහා, ජාතික ජනාධිපතිට, රාජ්‍යසභාවට ඉහලින් ව්‍යවස්ථාපිත ත්‍රයිනිකායික මහනාහිමිවරුන් වහන්සේලා 4 දෙනා (සන්ඝරාජ කෙනෙක් නැති නිසා) ප්‍රධාන 18 දෙනකුගෙන් යුත් නිර්දේශපාලන උත්තරීතර ජාතික රාජ්‍ය පුරෝහිත සභාවක් 25.පන්සිල් රකින සමාජයක් මේ රටේ ඇතිකිරීම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress