ජනපතිවරණය 2024 පැවැත්වීමට මැතිවරණ කොමිසමට ව්‍යවස්ථානුකුල බලයක් නැත.
Posted on June 28th, 2024

හරෂ කුමාර් සුරියආරච්චි

ශ්‍රී ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුර කාලය වසර 6 කි. 5 ක් නොවේ. මක්නිසාද යත්, ජනාධිපති දුර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට යෝජනා කල  ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත වූ 2015 වසරේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචරනයකින් ජනතාව අනුමත කර නැති බැවින් තවමත් ව්‍යවස්ථාව බවට හෝ නීතියක් බවට හෝ පත්වී නොතිබීමයි.. මෙම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි ජනමත විචාරණයකින් තොරව සම්මත කල නොහැකි යෝජනා කිහිපයක් ම අඩංගු වේ. එවන් අවස්ථාවක එවැනි කෙටුම්පතක් පාර්ලිමේන්තුව 2/3 ක ඡන්දයෙන් සහ ජනමතවිචරනයකින්ග් සම්මත කල යුතුය. නමුත් මෙම  19 වන  ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සදහා පාර්ලිමේන්තුව 2/3 ක ඡන්දය ලබා ගත්තද මේ වනතුරුත් අදාළ  ජනමතවිචාරණය පවත්වා නැත.  එම නිසා, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78,79,80(2) යන ව්‍යවස්ථා වලට අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තවමත් ව්‍යවස්ථාව බවට පත් වී නැත. එසේනම් එය ජනමතවිචරනයකින්ග් සම්මත වන තුරු ජනපති ධුර කාලය වසර 5 ක් වන්නේ නැති අතර එම ධුර කාලය තවමත් වසර 6 කි.

මේ අනුව  අවසන් වරට පැවැත්වූ 2019 ජනාධිපතිවරයෙන් ජනතාව පත් කල ජනපතිගේ ධුර කාලය වන වසර 6 කට කලින් ජනපති ධුරය සදහා ව්‍යවස්ථාව අනුව ජනපතිවරණයක් පැවැත්විය නොහැක. එමනිසා වර්තමාන ජනපති සිය ධුරයේ 2025 නොවැම්බර් වන තුරු රැදී සිටිය යුතුය. ජනපතිවරණයක් පැවැත්විය හැක්කේ ඉන් අනතුරුවයි. යම් හෙයකින් වර්තමාන ජනපති සිය කැමැත්තෙන් ධුර කාලය වසර 5 කින් අවසන් කලද ජනපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසමට ව්‍යවස්ථානුකුල බලයක් නොමැත. එවන් අවස්ථාවක සිදු කල හැක්කේ පාර්ලිමේන්තුව් මගින් ඉදිරි වසර සදහා ජනපතිවරයෙකුව තෝරා පත් කර ගැනීමයි. ඒ අනුප්‍රාප්තික ජනපතිවරයෙකුට තම ධුර කාලය දීරඝ කර ගැනීමේ අරමුණෙන් වසර 6 පුරණ වීමට පෙර  ජනපතිවරණයක් පැවැත්වීමට කටයුතු කල නොහැකි බැවිනි.. මේ අනුව  මැතිවරණ කොමිසමට 2025 වසරෙහි මිස ඉන් පෙරාතුව ජනපතිවරණයක් පැවැත්විය නොහැකියි.

යම් හෙයකින් 2024 වසරේ ජනපතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවක් ඇත්නම් කලයුත්තේ පළමුව 19 වන ව්‍යවස්ථා  සංශෝධන කෙටුම්පත අරභයා ජනමතවිචාරණයක් පවත්වා එය ජනතාව අනුමත කළහොත් ඉන් පසුව 19 වන ව්‍යවස්ථා  සංශෝධන කෙටුම්පත නීතියක් ලෙස සම්මත වූ බවට ජනාධිපති අත්සන් තැබීමයි. එවිට එම නව නිතිය අනුව ජනපති ධුර කාලය වසර 5 ක් වන  බැවින් එවිට 2024 වසරේදී අවශ්‍ය පරිදි ජනපතිවරණය පැවැත්වීම කල හැකි වනු ඇත. එහෙත් එහිදීද වෙනත් ව්‍යවස්ථාපිත ගැටළුවක් පැන නැගෙන නමුත් ලිපිය කෙටි කිරීමේ අරමුණින් මෙහිදී ඒ ගැන සාකච්චා නොකරමු.

මෙම කරණය පිලිබදව අප විසින් 2018 වසරේ සිට ලිපි රාශියක් පල කර ඇති අතර මේ පිලිබදව එකල නීතිපතිට, ජනපතිට සහ මැතිවරණ කොමිසමට ද දැනුම් දී තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරනයටද පසුව ආ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබදව විමසන අවස්ථාවේ මෙම ප්‍රශ්නය පිළිබද කරුණු දැක්වීමට ඉදිරිපත් වුවද කතානායකට ලබාදෙන පිටපතෙහි අඩුවක් තිබෙන බව පවසා නීතිපති විසින් එම අවස්ථාවට් විරුද්ධ වූ නිසා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙහි ඇති නීති විරෝධී ස්වභාවය නිවැරදි කිරීමේ අවස්ථාවක් අපටත් පොදුවේ ශ්‍රී ලංකාවාසි ජනතාවටත් අහිමි විය..

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව  අරථ  දැක්වීමේ බලය ඇත්තේ නොඑසේනම්  යම්කිසි කාරණයක් ව්‍යවස්තානුකුලද නැතිනම් ව්‍යවස්ථාවට පටහැනිද යන්න ප්‍රකසහ කල යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. එසේම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ හෝ වෙනයම් පනතක් නීතියක් ලෙස පාර්ලිමේන්තුව තුල සම්මත කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීරණ වලට අනුකුලව පමණයි. .  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යම් කිසි ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ජනමතවිචාරණයක් අවශ්‍යයි තීරණය කර ඇත්නම් පාර්ලිමේන්තුවට වෙනත් උපක්‍රම භාවිතයෙන් හෝ අතපසුවීම් නිසා හෝ එම සංශෝධනය ජනමතවිචරනයකින් තොරව ව්‍යවස්ථාවට ඇතුල් කර නීතියක් බවට පත් කල නොහැකියි. එවැන්නක් කිරීම ජනතා පරමධිපත්‍ය උල්ලංගනය කිරීමක්, ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් සහ ව්‍යවස්ථාපිත  යුතුකම පැහැර හැරීමක් ද වේ. එවන් ක්‍රියාවක් හිතාමතා යම් පාර්ලිමේන්තුවක් සිදු කරන්නේනම් එම පාර්ලිමේන්තුවේ කතානායක, කැබිනෙට් මණ්ඩලය, සහ සියලුම මන්ත්‍රී වරු  ජනතා පරමධිපත්‍ය උල්ලංගනය කිරීමක්, ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක් සහ ව්‍යවස්ථාපිත  යුතුකම පැහැර  හැරීමක් කරන්නන් වේ. යම් කිසි පාර්ලිමේන්තුවක් එවැනි වරදක් අතපසුවීමකින් හෝ චේතාන්විතව නොවී හෝ සිදු කර ඇත්නම් එම වරද දන ගත් වහාම එය නිවැරදි නොකරන්නේනම් එම නිසාද ඔවුන් ව්‍යවස්ථාපිත  යුතුකම පැහැර හැරීමක් කරන්නන් වේ.

26.06.2024

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress