වෛද්‍ය සිසු ත්‍රිමාවිතාන ඝාතනය කළ අළුගෝසුවන් තිදෙනෙකුට රත්නපුරේ දොරේකන්දේදී අත්වූ ඉරණම!  
Posted on June 28th, 2024

ධර්මන් වික්‍රමරත්න

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන 1987 මාර්තු 18 සටන පටන් ගනී. මෙහි ලොකුම සටන ඇති වුණේ අම්බලන්ගොඩ කහව පද්මසිරි ත්‍රීමාවිතාරණ ඝාතනයයි. ඒක සිද්ධ වුණේ 1988 ඔක්තෝබර් 22 රත්නපුරේදී. එකම දින එකම මොහොතක පැහැරගැනීමට සහ ඝාතනයට ලක්වූ තිදෙනා වන වෛද්‍ය සිසු ත්‍රීමාවිතාන, ඔරුවල වානේ සංස්ථාවේ රංජිත් පෙරේරා සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගබඩා අංශයේ බී.ඩී බන්දුවර්ධන සේවයේ යෙදී සිටියේය. අවසානයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනට ක්‍රියාකාරීව මැදිහත් වුණු පේරාදෙණිය(22), රුහුණ(2) හා කොළඹ(9) වෛද්‍ය සිසුන් 33 ක් ඝාතනය වුණා. ත‍්‍රීමාවිතාන ඝාතනය කළේයැයි චෝදනා ලැබූ පිරිසෙන් සිව්දෙනෙකු කැරලිකරුවන් විසින් රත්නපුරේ දොරේකන්දේදී ඝාතනය කරන ලදී. රියදුරු සංඝදාස පමණක් එහිදී දිවි බේරාගැනීමට සමත් විය. මේ ඒ කතාවය…. @ මෙම youtube නාලිකාව අසුව දශකයේ ධවල භීෂණය පිළිබඳව සත්‍ය තොරතුරු ගෙන එන්නකි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress