ඇමෙරිකාවේ සුප්‍රිම් උසාවිය හා කොසොල් රජතුමාගේ හීන දාසැය
Posted on June 30th, 2024

C. Wijeyawickrema

The US supreme court just basically legalized bribery (msn.com)

https://www.msn.com/en-us/news/opinion/the-us-supreme-court-just-basically-legalized-bribery/ar-BB1oZehQ?ocid=msedgntp&pc=HCTS&cvid=e644141d35b344bfaadc683cffc1b34a&ei=44

ලංකාවේ නම් හැම දෙයක්ම මතක් කරන්නේ කොසොල් රජතුමාවය. ජනාධිපතිගේ සිට පියුන්/ජැනිටර් දක්වාත්, යම් පවුලක දෙමව්පියන් දූදරුවන්ගේ සිට ගම/නගරය, සමිති/සමාගම් හා හැම සමාජ ඒකකයක් දක්වාත් දූෂණය, වංචාව, හොරකම පිළික මෙන් උඩු දුවා ඇත. නඩුකාරයින්. උසාවි, බාර් ඇසෝෂියේසන් ගැන ඇත්තේද බලවත් කලකිරීමකි.

ඇමෙරිකාවේ සෙනේට් සභිකයින් 100 දෙනා ලෝකයේ බලවත්ම පුද්ගලයින් 100 දෙනෙකි. මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින් 435 කි. මෑතදී ඒවායේ සිදුවන කාරණා, ඔවුන්ගේ හැසිරීම් ලෝකය පුරා දේශපාලකයින්ගේ පිරිහීමටම සමානය. තම කොමිටිය ඉදිරියේ ශාක්ෂිදීමට ආ අයෙකු හා ගහගන්නට අතේ මුද්ද පවා ගලවා නැගිට්ට සෙනෙට් සභිකයෙක් සභාපති විසින් නවතා ගත්තේය.  අනිත් තැන ස්ත්‍රී නියෝජිතයින් දෙන්නෙක් හැසුරුණු ආකාරය සමාන කලේ පාසැලක චන්ඩි ගැහැණු ළමයි දෙන්නෙක් ගහගන්නවාටය.

එහෙත් ඇමෙරිකාවේ සුප්‍රිම් උසාවියේ සිදුවන පරිහානිය අදහා ගත නොහැකි තරම්ය. මේ සමඟ අමුණා ඇති ලින්ක් එකට අනුව එක් නගරාධිපති කෙනෙක් යමෙකුට ටෙන්ඩර් මඟින් යම් කොන්ත්‍රාත් එකක් දුන්නේය. එය දුන්නාට පසුව දිනක කොන්ත්‍රාත්කාරයා නගරාධිපතිට සන්තෝසමක් දුන්නේය. මෙය පගාවක් නොවේ යයි උසාවියේ වැඩිදෙනෙක් තීරණය කලේ කොන්ත්‍රාත් එක දෙන අවස්ථාවේ එය සිදුවූයේ නැති නිසා එය පගාවක්සේ සැළකිය නොහැකියයි පවසමිණ්ය.

ලෝභ-ද්වේෂ-මොහයෙන් පිරි පංචස්කන්ධ වල හැසිරීම ගැන ඇමෙරිකාවේ නඩුකාරයින්ට ධම්මපදයෙන් යමක් ඉගෙනගත හැකිය. ලංකාවේ බාර් ඇසෝෂියේෂන් එකට US-AIDආධාර දෙන්නේ මේ අන්දමට ලංකාවේ නඩුකාරයින්ටත් කබරගොයා තලගොයා  කරන හැටිඋගන්වන්නද කියා සිතේ. නගරාධිපති හා කොන්ත්‍රාත්කාරයා හොරහිත් නැති සෝවාන්වූ දෙන්නෙක් විය හැකිද?

මනෝ පුබ්බංගමා ධම්මා- මනෝ සෙට්ඨා මනෝමයා

ධම්ම්පදය-යමක වර්ගය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress