ජේ.ආර්. උන්නැහේ කිව්වේ තමන්ට බැරි ස්ත්‍රියක් පුරුෂයෙක් කිරීම විතරයි කියලා… දැන් රනිල් උන්නැහේ ඒකත් කරන්න යනවා – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි (වීඩියෝ)
Posted on June 30th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ, ඇමැතිවරුන්ගේ, අගමැති හා ජනාධිපතිවරයාගේ මෙන්ම සියලු දෙනාගේ වගකීමක් වන බවත්, බහුතරයේ කැමැත්ත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වුවද මෙරට එම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව බරපතළ ගැටලුවක් ඇති වී තිබෙන බවත් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසති.

රටේ පක්ෂ විශාල ප්‍රමාණයක් අද ඇති බවද, ඡන්දයක් පැවැත්වූ විට එම බහුතරය සොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී ඇති බවද උන්වහන්සේ පවසති.

පාලක පක්ෂයේ උවමනාවට විවිධ පනත් ගෙනවිත් පාර්ලිමේන්තුවේ සම්මත කරන බවත් පවසන උන්වහන්සේ, එය රටේ උවමනාවට, ජනතා පරමාධිපත්‍ය මත සිදුවන කාර්යක් නොවන බවත් පෙන්වා දෙති.

මෙවැනි පනත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගැලපෙනවාද යන්නට වඩා මෙරට සංස්කෘතියට ගැලපෙනවාද යන්න ගැටලුව මෙහිදී පැනනගින බවද, බටහිර තිබෙන ඕනෑම කුණුගොඩක් මෙරටට ගෙනවිත් අතහැරීම මෙරට සංස්කෘතියට සිදුවන දැඩි හානියක් බවද බෙංගමුවේ නාලක හිමියෝ පවසති.

ජේ.ආර් ජයවර්ධන එදා හයෙන් පහක බලයක් ලබා පැවසුවේ ස්ත්‍රියක් පුරුෂයකු බවට පත්කිරීමට පමණක් තමන්ට නොහැකි වූ බව යැයි පවසන උන්වහන්සේ, වර්තමානයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එයත් කිරීමට පනත් ගෙනවිත් ඇති බවද සඳහන් කරති.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress