දේශපාලකයන් විසින් බංකොළොත් කළ රට තුල බලය බෙදීමේ ක්‍රියාවලිය දියත් කළහොත් අර්බුද රැසක් නිර්මාණය වේවි – ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා සභාවෙන් ජනපති රනිල්ට ලිපියක්
Posted on June 30th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
බලය බෙදීම හරහා අනාගත ශ්‍රී ලංකාව තුළ මතුවිය හැකි අර්බුද ගැන පැහැදිලි කරමින් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජනතා සභාවේ පරිපාලන ලේකම් ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
දේශපාලකයන් විසින් බංකොළොත් භාවයට ඇද දැමූ මේ රට තුල බලය බෙදීමේ ක්‍රියාවලියද දියත් කළහොත් තවත් අර්බුද රැසක් නිර්මාණය වනු ඇති බවත්, එවැනි බලය බෙදීමක් හරහා උතුරේ හෝ දකුණේ සාමාන්‍ය ජනතාව මෙතෙක් මුහුණ නොදුන් ආකාරයේ ව්‍යාකූල තත්වයන් රාශියක් මතුවනු ඇති බවත් ඇය මෙම ලිපිය මගින් පෙන්වා දී තිබේ.
13 වන සංශෝධනය බලාත්මක කිරීමට උනන්දුවන ජනාධිපතිවරයා විසින් පළාත් සභාව වෙත පූර්ණ වශයෙන් බලය පවරා ඇති සමූපකාර සමිති ලබා ඇති ප්‍රගමනය පිළිබඳව හෝ සොයා බලා ඇත්දැයි ඒ මහත්මිය මෙම ලිපිය මගින් ප්‍රශ්නකර තිබේ.
අදාළ ලිපිය පහළින්…