සමලිංගික සබඳතා ගැන නීති සංශෝධනයට මාළිමාව සහාය දෙනවා – හරිනි කියයි (වීඩියෝ)
Posted on June 30th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

දණ්ඩ නීති සංග්‍රහය යටතේ සමලිංගික සබඳතා සාපරාධී වරදක් නොවන බවට සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතට තම පක්ෂය සහාය ලබාදෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

‘දෙරණ 360’ වැඩසටහනට එක්වෙමින් ආචාර්ය අමරසූරිය LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කළාය.

අපි කාලයක් තිස්සේ මේ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුනුත් මේ සමාජයේම කොටසක්. සමලිංගික ප්‍රජාව ඇතුළුව ස්ත්‍රී පුරුෂ අනන්‍යතා විවිධයි. ආරම්භයේ සිටම, අපි පුද්ගලයන්ගේ ලිංගභේදය මත වෙනස් කොට සැලකීම නොකළ යුතුය යන ස්ථාවරයේ සිටිනවා” 

විශේෂයෙන්ම, මෙම සමලිංගික සබඳතා අපගේ දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ ලෙස දක්වා තිබෙනවා. මෙය අපේ රටේ ඇති වූ නීතියක් නෙවෙයි. එය වික්ටෝරියානු යුගයේ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ලද නීතියක්. ඒ නිසා එය සංශෝධනය විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා,” 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress