ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩය
Posted on July 1st, 2024

දිනේෂ් ගුණවර්ධන (පා.ම) අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය

ශෝක පණිවුඩය

කෘතහස්ත පරිනත දේශපාලනඥයකු වූ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳව සාතිශය සංවේගය පළ කරමි.

ද්‍රවිඩ එක්සත් විමුකිත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු හිටපු විපක්ෂ නායකවරයෙකු හා විචක්ෂණශීලී මහජන නියෝජිතයකු ලෙස තැබූ පරිනත සටහන් ඉතා වටී.

දෙමළ ජාතික දේශපාලනයේ කේන්ද්‍රීය හා තීරණාත්මක සාධකයක් වු ඔහු දෙමළ ජාතික සන්ධානයේ නායකයෙකු ලෙසත්, දෙමළ ජනතාවගේ පොදු නායකයෙකු ලෙසත් නිබඳව ම සිය කඳවුරේ මතවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටියේය.

පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳ ව ඔහුට මනා අවබෝධයක් විය. දශක ගණනාවක් ඔහු සමාජ ගතකළ සංකල්පයන් බොහෝය.

අප අතර කුමන මතවාද තිබුණ ද, සහෘද පාර්ලිමේන්තු සගයෙකු ලෙස වසර ගණනාවක් පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ ආකාරය ගෞරවයෙන් සිහිපත් කරමි.

ඔහුගේ අභාවය හේතුවෙන් සංවේගයට පත් පවුලේ සියලු දෙනා, ඥාති හිතමිත්‍රාදීන්, සහෝදර ජනතාව හා සහසම්බන්ධිත සැමට සංවේගය පළකරමි.අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාට මොක්සුව පතමි.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 ජුලි මස 01 සඳුදා දින

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress