ජනපතිගේ පිලිතුරෙන් විපක්‍ෂ නායක පුටුවට කඩා වැටේ…
Posted on July 2nd, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් වාදයක් අද පාර්ලිමේන්තුවේ ඇති විය.

ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් පසුව නැගී සිටිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයක් සමග මෙම විවාදය ඇති විය.

රට තුළ මන්දපෝෂණය දුප්පත්කම විරැකියාව ඉහළ යාම සුභද අසුභද කියා විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාගෙන් විමසීය.

නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ රටේ ආර්ථිකය කඩාවැටී ජනතාව හාමතේ සිටිද්දී රටේ වගකීම බාර නොගෙන පලායාම සුභද අසුභද කියායි.

‘ළමුන් මන්දපෝෂණයෙන් පෙළෙන එක සුබද, අසුබද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළා.
එය අසුබයි.

අප අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළේ, අඩු ආදායම්ලාභී ජනතාවට මාස දෙකක් සහල් කිලෝ දහය බැගින් ලබා දුන්නෙත් ඒ නිසයි. පාසල් ළමුන්ට ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කළේ ද ඒ නිසයි.

දුප්පත්කම සුබද, අසුබද කියලත් අහනවා.

දුප්පත්කම අසුබයි.

ඒ නිසයි ලක්ෂ 20ක් ජනතාවට උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙන්නේ.

මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල අයිතිය ලබා දෙන්නේ ද ඒ නිසයි. තව මොනවද දිය යුත්තේ?
ඒ වගේම විරැකියාව සුබද, අසුබද කියා ප්‍රශ්න කළා.

විරැකියාව අසුබ නිසා තමයි අප නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට කටයුතු කළේ. රටට නව ආයෝජන ගෙන එන්නේ ද ඒ නිසයි.
මම තව එකක් අහන්න කැමතියි.

රටේ ආර්ථිකය විනාශ වෙලා ජනතාව හාමතේ සිටින විට අගමැතිකම භාර නොගෙන බයේ දුවන එක සුබද? අසුබද? කියා මම අහනවා.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 200ක් මේ වන විට අප ගෙවා අවසන් කර තිබෙනවා. ඒ ගැන දුක ද? දැන් ආපසු ආධාර ලැබෙන විට නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කළ හැකියි. ඒ ගැන දුක ද?’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress