දෙමළ ඊළම හොඳ ව්‍යාපාරයක්… එය පිටුපස දැවැන්ත ව්‍යාපාරිකයන් පිරිසක් ඉන්නවා – අරුන් සිද්ධාර්ථන් කියයි (වීඩියෝ)
Posted on July 2nd, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

දෙමළ ඊළම යනු හොඳ නිෂ්පාදනයක් බවත්, එය නිෂ්පාදනය කළ අය එය අලෙවිකරන බව හා එම නිෂ්පාදනය පිටුපස දැවැන්ත ව්‍යාපාරිකයන් පිරිසක් සිටින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

උපුල් ශාන්ත සන්නස්ගල මහතා සමග අන්තර්ජාල නාලිකාවක පැවති සංවාදයක දී ඔහු පවසන්නේ යුද්ධය අවසන් වී ටික කාලයක් ගතවෙද්දී මෙම ව්‍යාපාරය කඩාබිඳ වැටෙමින් තිබිය දී ප්‍රභාකරන්ගේ දියණිය ජීවත්ව සිටින බව පවසමින් මෙම ව්‍යාපාරිකයන් කතා නිර්මාණය කළ බව ය.

යාපනයේ ජන ජීවිතයට යුද්ධය කෙතරම් සම්බන්ධ වුනාද යත් බිම්බෝම්බ හා සමාන ලෙස නිර්මාණය කළ ආහාර පවා යාපනයේ ජනතාවගේ ආහාර සංස්කෘතියට එක්වූ බවද ඔහු සඳහන් කරයි.

තමන් මාධ්‍යවේදියෙකු ලෙස සිටිය දී යුද්ධය නතර කිරීමට සාමය ගැන කියමින් පැමිණි ජාත්‍යන්තර රටවල  සාම දූතයන් සමග වැඩකළ බවත්, එවැනි සාමදූතයෙනක් පුත්තලමේ තිබූ ඉල්මනයිට් නිධිය තමන්ගේ රටට රැගෙන යාමට ගිවිසුමක් ගැසූ බවත් ඔහු පවසයි.

සමය කියා පැමිණ ඔවුන් සිදුකළේ මෙවැනි දේ බවත්, තාමත් මෙය ව්‍යාපාරයක් ලෙස ඔවුන් සිදුකරන බවත් ඔහු සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress