ජනපතිට වසර 5/6?
Posted on July 8th, 2024

විමල් පටබැඳිගේ (ශාසත‍්‍රවේදී, නීතිඥ, විශ‍්‍රාමික සොලිසිටර්)

බුද්ධිමතුන්, නීතිවේදීන්, ව්‍යවස්ථා නීති විසාරදයන්, නීති සම්පාදකයන්, සමාජ කි‍්‍රයාකාරීන් පමණක් නොව විවිධ සමාජ ස්ථරවල පුරවැසියන් ද ජනපතිට හිමි ධුර කාලය වසර 5?, 6? යන ප‍්‍රශ්නය විවරණය කරමින් ඇත. ව්‍යවස්ථා නීති විසාරදයෙකු නො වෙන මම ද අනෙක් බොහෝ අය මෙන් අනං මනං වුව ද මෙයට යමක් එකතු කළයුතු බවට ස්වයං පෙළඹවීමට ලක් වූ යෙමි. සාමාන්‍ය පුරවැසි මනසින් ලියමි.

රටේ ව්‍යවස්ථාව පුරවැසියන්ට නිග‍්‍රහ කිරීමට, දඬුවම් කිරීමට හෝ ප‍්‍රශංසා කිරීිමට පනවන ලද නීති පද්ධතියක් නොවේ. පුරවැසියන්ට නෛශර්ගික ව හිමි පරමාධිපත්‍ය බලය කි‍්‍රයාත්මක කිරීම සඳහා යම් සීමිත කාලයකට තෝරාගනු ලබන නියෝජිතයන් කි‍්‍රයාකළ යුතු ආකාරය නියම කළ රීති /ව්‍යවස්ථා මාලාවකි. රාජ්‍යයේ මූලික ම නීතිය යි. (බොහෝවිට රජයේ මූලික නීතියට අනුකූලව රාජ්‍ය සේවකයන් සඳහා පනවා ඇති ආයතන සංග‍්‍රහය වැනි ය.*

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය පමණක් නොව ඒ බලය යටතේ පත් කරනු ලබන රාජ්‍ය නිධාරීන් ද මූලික නීතියට යටත් ය. ඔවුන්ට හිමි තමන්ට පවරන ලද නියෝජිත බලය ව්‍යවස්ථාවට යටත් ව ඵල සහිතව නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමය. ඔවුන් සියල්ලෝ ම ජනතාවගෙන් යැපෙන, ජනතා පරමාධිපත්‍යයේ පූර්ණ හිමිකරුවන් වෙන පුරවැසියන්ගේ සේවකයෝ ය. එහෙත් ඔවුන් පුරවැසියන් තමන්ගේ යටත් සේවකයන් ලෙස සලකන සහ යම් ප‍්‍රතිලාභයක් නොමැතිව නියමිත සේවය නිසි කල නිසි ලෙස නොකරන දුර්ගුණයෙන් පිරී ඇත. (එසේ නොවෙන අය උරණ නො වෙත්වා!*

නියෝජිතත්වය ලැබූවන් සහ රජයේ නිලධාරීන් බහුතරය පත් වූ දින සිට ම තමන් කළ යුතු සේවාවට වඩා නියමිත කාලයෙන් පසු රැුඳීසිටීමට කුමන හෝ උප්පරවැට්ටියක් යොදා ගැනීම සුලබ දෙය කි. ජනපතිවරණය අත ලඟ තිබිය දී මතු කොට ඇති ”වසර 5?, 6?” ප‍්‍රශ්ණය ද එවැන්නක් බව සිතේ. මීළඟ ජනපතිවරණය සඳහා මැතිවරණ කොමිසම අවශ්‍ය මූලික කටයුතු සිදු කරමින් ඇත.

ජනපතිවරණය සඳහා 2005 වසරේ සිදු වූ එවැනි සිද්ධියක් මතකයට නැගෙයි. දෙවෙනි වාරය ගතකරමින් සිටි එවක ජනපතිනිය ජනපතිවරණය 2005?, 2006? ප‍්‍රශ්නය අධිකරණයට යොමු කළාය. එකල ව්‍යවස්ථාව අනුව ජනපති ධුරකාලය වසර 6 කි. පළමු ධුර කාලය අවසන් වීමට නියමිත වූයේ 2000 වසරේය. නියමිත කාලයට පෙර ජනපතිවරණය පවත්වා 1999 වසරේ දිවුරුම් දීමෙන් දෙවෙනි ධුර කාලය ආරම්භ විය. ඇයට අවශ්‍ය වූයේ 2005 වසරේ නියමිත ජනපතිවරණය 2006 වසර දක්වා කාලය දිගු කරගෙන ධුරයේ රැුඳී සිටීම ය. පැහැදිලිව ම උප්පරවැට්ටිය කි. සාර්ථක වූයේ නැත.

වත්මන් අනුප‍්‍රාප්තික ජනපතිගේ හෝ ළඟ ම අනුගාමිකයෙකුගේ මග පෙන්වීම අනුව තවත් හිතවතෙකු විසින් ”වසර 5?, 6?” ප‍්‍රශ්ණය අධිකරණයට යොමු කොට ඇත. ඔහුගේ මූලික තර්කය ජනපති ධුර කාලය වසර පහකට (5* සීමා කළ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයක සම්මතයට ලක් වූයේ නැති නිසා වලංගු වෙන්නේ වසර 6 ක ධුර කාලය බව ය.

ධුර කාලය වසර පහකට (5* සීමා කිරීම සඳහා ශ්‍රෙෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව ජනතා අනුමැතිය පිණිස ජනමත විචාරණයක් කළේ නැත. 2015 ව්‍යවස්ථාදායකයේ නියෝජිතයන්ගේ 2/3 වැඩි කැමැත්තෙන් පමණක් අනුමත එම සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත් කොට ඇත. 2015 සිට එම සංශෝධනය ද ඇතුළත් ශී‍්‍ර ලංකා ප‍්‍රජාතන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, රජයේ මූලික නීතිය, බලාත්මක වෙයි.
2015 සිට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ධුර කාලය වසර පහ (5* විය. ජනතාව වසර හයකට (6* පවරා තිබූ පරමාධිපත්‍ය නියෝජන බලය පරමාධිපත්‍ය හිමි පුරවැසියන් විසින් වසරකින් අඩු කළේ නැත. අඩු කරගනු ලැබුවේ ඒ නියෝජිතයන් විසින් ඔවුන්ගේ ම කැමැත්තෙන් පමණ කි. බොහෝවිට වසර හය දිග වැඩි යයි සිතූ නිසා හෝ සහ නියෝජිතත්වය වසර හයක් දැරීමට තරම් තමන්ට ශක්තිය නැත හෝ තමන් සුදුසු නැතැයි නිගමනය කළ නිසා විය යුතු ය.

2015 නියෝජිතත්වය ලැබූ විධායකය සහ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් වූ ඔවුන් වසර පහේ කාලසීමාව අනුව නියෝජිතත්වයෙන් බැහැර වී ජනපති පදවිය සඳහා වසර පහකට (5* ජනතා කැමැත්ත ලබා ගැනීමට 2019 වසරේ සහ ව්‍යවස්ථාදායකයේ නියෝජිතත්වය සඳහා වසර පහකට (5* ජනතා කැමැත්ත ලබා ගැනීමට 2020 වසරේ පුරවැසියන් වෙත ආයාචනා කොට ඇත. අනුප‍්‍රාප්තික ජනපති ඇතුළු ව්‍යවස්ථාදායකයේ සියලූ නියෝජිතයන්ට පරමාධිපත්‍ය හිමියා වූ පුරවැසියන් තම පරමාධිපත්‍යය නියෝජනය කිරීමට බලය පවරා ඇත්තේ වසර පහක (5* කාලයකට සීමා කරමිනි. ඒ කාලයට පසු ඔවුන්ට නියෝජන බලය නැත. 

වසර පහක (5* කාල සීමාව යළි වසරකින් වැඩි කරගැනීමට වෙට්ටු දැමීමට පවතින මූලික නීතිය යොදා ගැනීමට හෝ උප්පරවැට්ටි භාවිත කිරීමට ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැත. අලූත් පනතක් මගින් පහ (5?, හය (6? තීරණය කිරීමට කෙටුම්පතක් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට අනුප‍්‍රාප්තික ජනපති සියල්ල සූදානම් කරන බවට තොරතුරක් ද ඇත. එය අධිකරණයට වංගු ගැසීම කි. උප්පරවැට්ටිය කි.

ව්‍යවස්ථාදායකය රජයේ මූලික නීතියට අදාල නීති කරුණු සම්බන්ධ අර්ථනිරූපණ දීමට හෝ තීන්දු තීරණ ගැනීමට බලයක් නැති බව සහ ඒ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය හැර අනෙක් කිසිදු අධිකරණයකට නැති බව විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් නොදන්නේ නම් ඒ කිසිවෙකු පරමාධිපත්‍ය නියෝජන බලය ලබා ගැනීමට හෝ පැවරීමට සුදුසු නැත.

19 වෙනි සංශෝධනය නීත්‍යනුකූලව සම්මත වී නැති නිසා නීතියක් නොවන බවට තර්කයක් ඉදිරිපත් කොට ඇත. මෙම සංශෝධනය සම්මත වූ බව ව්‍යවස්ථාවට පටහැනිව සහතික කිරීම කළ කථානායකට එරෙහිව පුරවැසියන් කිසිවෙකු නිසි පියවර ගත්තේ නැත. ව්‍යවස්ථානේ පනවා ඇති විධිවිධාන නොසලකාහැරීම හෝ කඩකිරීම සම්බන්ධව කථානායකට මුක්තියක් නැත. ජනපතිට ද ව්‍යවස්ථාව, රජයේ මූලික නීතිය උල්ලංගනය කිරීම කඩකිරීම සම්බන්ධයෙන් මුක්තියක් හිමි නැත. කෙසේවෙතත් වසර දහයකට ආසන්න කාලයක් රජයේ මූලික නීතියට එකතු කොට භාවිත වෙමින් පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාව, රජයේ මූලික නීතිය අනුව කරන ලද නිර්දේශය බැහැර කොට හිතුමතේට තමන්ට නැති බලයක් යොදාගෙන සංශෝධනය සම්මත වූ ලෙස සහතික කළ එකල සිටි කථානායක ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන උල්ලංගනය කොට ඇත. අධිකරණ නිර්දේශ නොසැලකීම සහ ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ඒ කථානායක අධිකරණය හමුවට ගෙනයාමට ඔනෑම පුරවැසියෙකුට, නීතිය ආරක්‍ෂා කිරීමට බැඳීසිටින ඔනෑම නිළධාරියෙකුට, අයිතියක් ඇත.

උප්පරවැට්ටි සියල්ල නතර කොට රජයේ මූලික නීතියට, ව්‍යවස්ථාවට හිස නමා, මැතිවරණ කොමසාරිස්ට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති නිල රාජකාරිය කිරීමට ඉඩ සැලසිය යුතුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress