අරාබි මුහුදේ සිට එන, බෙංගාල බොක්කේ සිට එන, අත්ලාන්තික් සාගරයේ සිට එන සුළං ධාරාවල පහස විඳින්න අපි කැමැතියි…. ඒත් ඒ සුළඟට රුවන්වැලි සෑයේ කොත හොල්ලන්න අපි ඉඩ තබන්නේ නැහැ – මහාචාර්ය චන්න ජයසුමන
Posted on July 9th, 2024

මේ රට ශ්‍රී ලංකාව බවත්, අමුතුවෙන් සිංගප්පූරුවක්, අයර්ලන්තයක් හෝ මැලේසියාවක් මෙහි සෑදිය යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙරට නිර්මාණය කරන්නේ හොඳ ශ්‍රී ලංකාවක් බව හා ඒකීය රාජ්‍යක් බව පවසන ඒ මහතා, මෙරට සභ්‍යත්වය මත, සංස්කෘතික අනන්‍යතා මත, මෙරට ශිෂ්ටාචාරය මත පදනම් වූ හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කළ යුතු බවත් සඳහන් කරයි.

සභ්‍යත්වය කන්නදැයි ඇසූ අය පසුගිය කාලයේ කූඩාරම් අස්සේ රිංගාගෙන සිටීම නිසා වැඩිම ඒඩ්ස් රෝගීන්ගේ ප්‍රමාණය අද වන විට වාර්තා වන බවද චන්න ජයසුමන මහතා පවසයි.

අරාබි මුහුදේ සිට එන, බෙංගාල බොක්කෙන් එන සහ අත්ලාන්තික් සාගරයේ සිට එන සුළං ධාරාවල පහස විඳින්නට කැමැති නමුත් එම සුළඟට රුවන්වැලි සෑයේ කොත හොල්ලන්න ඉඩ තබන්නේ නැති බවත් ඒ මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress