ආන්ඩුවට ජන ප‍්‍රසාදය තුන් ගුණයකින් ඉහලට..- වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්‍ෂණය එයි..
Posted on July 15th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

දැනට මාස හතරකට පෙර තත්ත්වය හා සසඳන විට රජයේ වැඩපිළිවෙළ එදා මෙන් තුන් ගුණයකට වඩා පිරිසක් අනුමත කරමින් කර ඇතැයි වෙරිටර් රිසර්ච් ආයතනයේ නවතම සමීක්ෂණයක් හෙළි කරයි.

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2024 පෙබරවාරි මාසයේ තිබූ සියයට 7ක අගයෙ සියයට 24ක් දක්වා එනම් තෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇත.

වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයකට සහභාගී වූවන්ගෙන් සියයට 28ක ප්‍රතිශතයක් වර්ගකර තිබෙන අතර එය 2024 පෙබරවාරි මාසයේ තිබුණු සියයට 9ක අගයට වඩා තුන් ගුණයකින් ඉහළ යාමකි.

රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසත් තෙගුණයකින් ඉහළ ගොස් තිබෙන අතර එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 30කි. 2024 පෙබරවාරි මාසයේ එසේ සිතා ඇත්තේ සියයට 9ක පිරිසක් පමණි.

2024 ජූලි මාසයේ දැනගත හැකි මෙම ධනාත්මක පෙරැළිය 2023 ජූනි මාසයේ පැවැති මට්ටම හා සමාන වනවා මෙන්ම ඇතැම් අංශවලින් තරමක් ඉහළ දළ වේග 2022 ජනවාරියෙන් පසුව රට, ආණ්ඩුව සහ ආර්ථිකය ගැන වැඩිම පිරිසක් ධනාත්මකව සිතූයේ 2023 ජුනි මාසයේ බවද මෙම ප්‍රතිඵල ඉදිරිපත් කරමින් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress