උදේට පත්තර කියවන හඩ්ඩලා ගැන මාලිමාව දින්නම බලාගන්නවා.. රට පැන්නත් ඒ රටවල මාලිමා බලාගනීවි..
Posted on July 16th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

උදේට රූපවාහිනි නාලිකාවල පත්තර කියවන හඞ්ඩලාට ඉදිරි මැතිවරණයෙන් පසු රට පැනීමට ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රට පැන්නද එම රටවල සිටින මාලිමාවේ ජනතාව ඔවුන් ගැන බලාගනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

කිසිවකුට හැංගෙන්න ඉඩ නොතබන බවත් නීතිය හමුවේ ඔවුන්ට ගැලවීමක් නැතිවන බවත් හෙතෙම පවසන ඔහු මුළු ලෝකයේම ලාංකිකයන් මාලිමාව සමග එක්වී සිටිද්දී හඩ්ඩලාට සිදුවන්නේ හඳට පැනයාමට බවද ඔහු තවදුරටත් පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress