පාසල්වලින් බැහැර ව සහ අවස්ථා නොමැතිව සිටින මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණයන් වෙනුවෙන් යුනෙස්කෝව ප්‍රධාන කාර්යභාරයක් තිබෙනවා’- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on July 17th, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ප්‍රචණ්ඩකාරී ප්‍රහාර පාසල් සහ විශ්වවිද්‍යාල දක්වා ද ව්‍යාප්ත වී ඇති බවත්, යුද්ධයෙන්, ස්වභාවික විපත්වලින් සහ වසංගතවලට ගොදුරු වූවන් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  2024.07.16 දින  බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති යුනෙස්කෝ 75 වන සංවත්සරයට එක්වෙමිනි.
මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණ තරුණියන් පාසල්වලින් බැහැරව අවස්ථා නොමැතිව සිටින බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.
 යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ ලෝක යුද්ධයක් සමඟින්. මිලියන ගණනක් විනාශ වුණා. මිලියන ගණනකට මරණයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පලා යාමට සිදු වුණා. මිලියන ගණනකට තම නිවාස අහිමි වූ අතර යහපත් අනාගතයක් සොයමින් සියල්ල අතහැර දමා තිබෙනවා, ” යි පැවසූ අග්‍රාමාත්‍යවරයා  වින්දිත දරුවන් රැකබලා ගැනීම සඳහා යුනෙස්කෝවට ප්‍රධාන වගකීමක් පවතින බව ද පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
යුනෙස්කෝ – ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ 75 වැනි සංවත්සරයට සහභාගි වීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යුනෙස්කෝ කටයුතු ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා කැප වන බව ප්‍රකාශ කර තිබෙනවා. ඔබ ඇමතීමට ලැබුණු අවස්ථාව මම අගය කරනවා. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පවුල තුළ ඓතිහාසික ශිෂ්ටාචාර පදනමක් ඇති ලෝකයේ ප්‍රධාන ජාතියක් වන නිසා. වසර 76කට පෙර අපි යටත් විජිත පාලනයෙන් නිදහස ලබා ගත්තා. ඒ අධ්‍යාපනය, විද්‍යාව හා සංස්කෘතික වටිනාකම්වලින් පොහොසත් සහශ්‍ර දෙකහමාරක උරුමයන් සාර්ථක ලෙස විනාශ කිරීමෙන් පසුවයි. පසුගිය ශතවර්ෂ තුන් කාලක කාලය තුළ යුනෙස්කෝව සමඟ අපගේ විශිෂ්ට හවුල්කාරිත්වයේ පටන් අපගේ පොහොසත් උරුමය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශාල සහයෝගයක් එයින් අපට ලැබී තිබේ. විශේෂ අවධානයක් ලබා ගැනීම සඳහා අපගේ විශේෂ ස්ථාන 8 හෝ වැඩි ගණනක් යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන ලෙස ලැයිස්තුගත කර ඇත.
1945 වසරේ එහි ආරම්භයේ සිට ම, ශිෂ්ටාචාරයන් අතර සංවාදය පෝෂණය කිරීම, සංස්කෘතීන් සහ ජනතාව පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම, පොදු වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා දායක වීම සඳහා අධ්‍යාපන, සංස්කෘතික සහ විද්‍යා ක්ෂේත්‍රයන්හි යුනෙස්කෝව මහත් සේවයක් සිදු කර තිබෙනවා.

සංස්කෘතික විවිධත්වය, අන්තර් සංස්කෘතික සංවාද, සාමයේ සංස්කෘතිය පෝෂණය කිරීම සහ තොරතුරු සහ සන්නිවේදනය මඟින් සියල්ල ඇතුළත් දැනුම් සමාජ ඇති කිරීම මගින් ගෝලීය කටයුතුවල දී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට යුනෙස්කෝව සමත් වී තිබෙනවා.
සැමට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම, ජීවිත කාලය පුරාම ඉගෙනීම, විද්‍යාත්මක දැනුම බලමුලු ගැන්වීම සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රතිපත්ති වෙනුවෙන් යුනෙස්කෝවේ සේවාවන් එහි ප්‍රශංසනීය ලක්ෂණ අතර පවතිනවා.
වසර ගණනාවක් පුරා යුනෙස්කෝ සංවිධානය ලබාදුන් දායකත්වය ශ්‍රී ලංකාව ඉතා ඉහළින් අගය කරනවා. විශේෂයෙන් බුදුන්ගේ ඉගැන්වීම් අනුස්මරණය කරමින් ජාත්‍යන්තර වෙසක් දිනය සැමරීම. බුදු දහම හින්දු ආගම, ක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම සමඟ අන්තර් සංවාදයක් සඳහා විශේෂිත වේදිකාවක් නිර්මාණය කරයි.
යුනෙස්කෝහි ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස, අපි  විවිධ අවස්ථාවල සාමාජිකයින් 58 දෙනෙකුගෙන් යුත් විධායක මණ්ඩලයේ තීරණ ගැනීම සඳහා දායක වී තිබෙනවා. අපගේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත් වූ පසු මණ්ඩලයේ කටයුතු කරනවා.
ශ්‍රී ලංකාව එහි විධායක මණ්ඩලයේ වසර 27ක සාමාජිකත්වය තුළ කේන්ද්‍රීය තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වී ඇති අතර, සංවිධානයේ පැවැත්මේ වඩාත්ම දුෂ්කර කාලවලදී එහි මෙහෙයවීමට සහාය වීමට සමත් වී තිබෙනවා. යුනෙස්කෝ හි විශාලතම කලාපීය කණ්ඩායම වන ආසියා පැසිෆික් කණ්ඩායමේ සාමාජික රාජ්‍යයක් ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.
යුනෙස්කෝ සහභාගීත්ව වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ප්‍රදාන අරමුදල් ගණනාවක් ලැබී තිබෙනවා. දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීම, සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ දඹුල්ලේ ලෙන් සහ සීගිරියේ බිතුසිතුවම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ලෝක උරුම අඩවි පිළිබඳව, ළමා පෝෂණය, ශාස්ත්‍රීය, පරිසර සහ සංස්කෘතික විශේෂඥයින් සහ ග්‍රාමීය ගොවි ප්‍රජාවන් අතර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපෘති සඳහා ද යුනෙස්කෝව අරමුදල් සම්පාදනය කරනු ලැබුවා.
මිනිසුන් වැඩි වැඩියෙන් අන්තර් සම්බන්ධිත සහ එකිනෙකා මත යැපෙන ලෝකයේ අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය, සන්නිවේදනය සහ තොරතුරු යන සියල්ල අත්‍යවශ්‍ය වෙනවා. යුනෙස්කෝ සංවිධානය ආරම්භ කරන ලද්දේ ලෝක යුද්ධයක් සමඟින්.
මිලියන ගණනක් විනාශ වුණා. මිලියන ගණනකට මරණයෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් පලා යාමට සිදු වුණා. මිලියන ගණනකට තම නිවාස අහිමි වූ අතර යහපත් අනාගතයක් සොයමින් සියල්ල අතහැර දමා තිබෙනවා. අද, යුනෙස්කෝව ආරම්භ කළ කාලයේ දී මෙන්ම, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ විශාලතම සරණාගත අර්බුදයට ලෝකය මුහුණ දී සිටී.
ලෝකයේ සමහර ඓතිහාසික ශිෂ්ටාචාර පදනම් විනාශ කරන විට මිනිසුන් යුද්ධයෙන් හා ගැටුම්වලින් පලා යනවා. ප්‍රහාර පාසල් සහ විශ්ව විද්‍යාලවලට ප්‍රසාරණය කර ඇතුවා පමණක් නොව, යුද්ධයට ගොදුරු වූවන් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටිනවා.

ස්වාභාවික විපත් සහ වසංගත එයට එකතු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන්ම මිලියන සංඛ්‍යාත ළමුන් සහ තරුණ තරුණියන් පාසල්වලින් බැහැරව අවස්ථා නොමැතිව සිටින අතර, මෙම අභියෝග ජය ගැනීම සඳහා අපි සැවොම යුනෙස්කෝව සමඟ කැපවී සිටිමු.
අනාගත අර්බුද වළක්වා ගැනීමට සහ අවම කිරීමට උත්සාහ කිරීම සඳහා සාමය, සංහිඳියාව සහ ඔරොත්තු දීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීමේ වගකීම අපගේ හවුල්කාරිත්වයට තිබෙනවා. අධ්‍යාපනය මූලික මිනිස් අයිතිවාසිකමක්. සියල්ල ඇතුළත්, සමානාත්මතා සහ තිරසාර සංවර්ධනය සහතික කිරීම ද අත්‍යවශ්‍ය වෙනවා.
මූලික අධ්‍යාපනය මිනිසුන්ට කුසලතා, දැනුම සහ වටිනාකම් ලබා දෙනවා. ඔවුන් සමාජය තුළ මුහුණ දීමට සිදු විය හැකි විවිධ අභියෝගවලට මුහුණ දිය යුතුයි. ශ්‍රී ලංකාව අධ්‍යාපනය විෂයයෙහි කරන ලද විශාල කැපවීම සහ ආයෝජනය පිළිබඳව ආඩම්බර වෙනවා.
අද ශ්‍රී ලංකා අධ්‍යාපන ක්‍රමය පෙර කිසි දා නොවූ ලෙස කිසිවකු අත නොහැර සිටීමට කැපවී තිබෙනවා. මම අවසන් කිරීමට පෙර, ශ්‍රී ලංකාවට මෙම විශේෂ සංචාරය සිදු කිරීම පිළිබඳව හා මෙම අවස්ථාවේ දී මෙම වැදගත් හවුල්කාරිත්වය සැමරීමට අප හා එක් වීම පිළිබඳ ව අධ්‍යක්ෂ ජනරාල් අසූලි මැතිනිය සහ අධ්‍යක්ෂවරයාට ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගැනීමට කැමතියි.
අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව යුනෙස්කෝවේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඉමහත් ජයග්‍රහණයක් ලබා ඇති බව ප්‍රකාශ කිරීමට කැමති අතර එය ජයග්‍රාහී හවුල්කාරිත්වයක් බවට පත් කරමින් ශ්‍රී ලංකාව ද සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව පැවසීමට මම ආඩම්බර වෙනවා.
යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල් ඕඩ්‍රි අසූලි, ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍යවරුන් තානාපතිවරුන් හා විද්වතුන් රැසක්  මෙම අවස්ථාවට සහභාගී වූ හ.
 
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress