“83(ආ) වගන්තිය සංශෝධනය කර ව්‍යවස්ථාවේ හිඩැස වහා නිවැරදි කළ යුතුයි” – ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම්, පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා
Posted on July 18th, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය සංශෝධනය කර, දැනට නීතියේ ඇතිවී තිබෙන හිඩැස වහාම නිවැරදි කළ යුතු බව, ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා කියා සිටියේය. පසුගිය සමයේ නීතියේ ඇතිවූ විශාල අඩුපාඩුවක් වන මෙය, පාර්ලිමේන්තුව තුළින් නිවැරදි විය යුතු බවද ඔහු අවධාරණය කළේය. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ‘දෙසරැස’ සංවිධානය “රටේ අනාගතය හා අපේ වගකීම” මැයෙන්මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ම.එ.පෙ. ප්‍රධාන ලේකම් අධි නීතිඥ තිස්ස යාපා ඇතුළු පක්ෂ නායකයන්ගේද සහභාගිත්වයෙන් කොළඹ, සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී, 2024.07.16  දින පැවැත්වූ සම්මන්ත්‍රණයට එක්වෙමිනි.  

යදාමිණි ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙසේද කිය.

“මම හිතනවා අපේ අධි නීතිඥතුමා එකඟ වෙයි, 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාවේ supreme උසාවියට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මහජන එක්සත් පෙරමුණත්, දෙසරැස සංවිධානයත් මූලික පෙත්සම් දෙකක් ගොනු කළා. මේ නුවර සහෝදරවරුන්ට මතක ඇති ඒ පෙත්සමට අත්සන් කළේ අපේ මහනුවර තෙල්දෙණියේ ඒ එක පෙත්සමක් තිබුණේ 19 වෙන් සංශෝධනයෙන් සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙච්ච ජාතික තොඩ්ය, ජාතික ගීය නමවෙනි වගන්තිය ඇතුළු අත්‍යවශ්‍යම අපේ ව්‍යවස්ථාවේ වැදගත්ම අපේ අනන්‍යතාවය සාක්ෂාත් කරන වගන්තිවලට අත තියන්න එපා කියන ‍පෙත්සම. ‍ශ්‍රේෂ්ඨාධිකරණය ඒක පිළිගත්තා. ‍ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තා අප විසින් ඉදිරිපත් කරපු පෙත්සම ඒ පෙත්සම පිළිගැනීම අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මේ එකකට හෝ අත තියන්න සූදානම් වෙනවා නම් තුනෙන් දෙකක් මත ජනමත විචාරණයකට යන්න කියලා. ඒ ආරක්ෂාව දීපු නිසා තමා එදා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධානියා හැටියට හිටිය සිරිපවන් අග්‍ර විනිශ්චයකාර තුමා ඒ තීන්දුව අනුව තමයි රජය එදා තීරණය කළේ 19 වැනි සංශෝධනය එවකට හිටපු සංශෝධන ඉදිරිපත් කරලා තීරණය කළේ ඒ වගන්තිය ආපසු හකුල ගන්න, ජනමත විචාරණයකට යන්නේ නැතුව. අනිත් සංශෝධන රාශියක් කළා.

ඒ සංශෝධන අතර තියෙනවා මේ  ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව වගන්තිය, 83 (ආ) ජනාධිපතිවරයයාගේ ධූර කාලය මාත් එක්ක එකඟ වෙයි අධිනීතීඥ තුමා වසර හයේ සිට වසර පහට අඩු කරන්න 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරන්න කලින් ජනාධිපති ධූරයට පත්වෙච්ච ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දීලා තිබුණා තමන්ගේ කාලය අඩු කරන්න සූදානම් කියලා මහජනතාව ඉදිරියේ. ඒ නිසා ඒ වගන්තිය සංශෝධනය කරන එකතු වුණේ. මොකද වුණේ ශ්‍රේෂ්ඨාධිකරණය 19 වන වගන්තිය සංශෝධනය එම වගන්තිය ඒ කියන්නේ හය පහ කරන වගන්තිය සංශෝධනය වෙලා අධිකරණය කිව්වා කාලය අඩු කරගන්නවා නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ප්‍රමාණවත් ජන මතයකට යන්න අවශ්‍ය නෑ කියලා.

එහෙම කියලා පාර්ලිමේන්තුව තුනෙන් දෙකකින් සම්මත වුණාට පස්සේ 2015 ඉඳලා මෙතෙක් ව්‍යවස්ථාවේ ඒ වගන්තිය තියෙනවා. හය පහ වෙලා ඒ වගන්තිය තියෙනවා. එතකොට ලංකාවේ ප්‍රවීන විශිෂ්ට අධිනීතිඥ මහත්ම මහත්මීන් හරහා, නීති විශේෂඥයින් හරහා, විවිධ සාකච්ඡා සභාවල් හරහා මේ කෙටුම්පත් සාකච්ඡා වුණා. 18, 2015 ඉදිරිපත් වුණාට පස්සේ 19, 19 ඉදිරිපත් වුණාට පස්සේ 20,21,22 වෙනකන් සංශෝධන කිහිපයක් ඇවිල්ලා තියෙනවා. නමුත් මේ සියලු සාකච්ඡාවල ගිය අවුරුදු 10 කාල සීමාවේ සාකච්ඡා හරහා මගහැරිච්ච වගන්තිත් තියෙනවා. දැන් ඒකනේ තියෙන ලොකුම සාකච්ඡාව. හය පහ වෙච්ච එක කොහොමද වෙන තැනක මඟ හැරුණේ කියලා.  

එතකොට අපිත් අහන්න ඕනේ නීති විශාරදයින්ගෙන් කොහොමද එහෙම මඟ හැරෙන්නේ කියලා. එතකොට ඒ වගන්තිය පැහැදිලිව තියෙනවා ව්‍යවස්ථාවේ දැනට වලංගු වගන්තියක් හැටියට 83 වෙනි වගන්තිය (ආ) කොටස මොකද මුලින් පාර්ලිමේන්තුව 78 සම්මත කරනකොට මේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ කාල පරිච්ඡේදය වසර හයක් කියලා තිබ්බා. ජනාධිපතිවරයාගේ කාල පරිච්ඡේදය වසර හයක් කියලා තිබ්බා. 78 ව්‍යවස්ථාව සංශෝධනය කරන කොට. එකතකොට 78 ව්‍යවස්ථාවේ සම්මත කෙරුණු මේ ඇතුළත් කරපු වගන්ති රාශියක් වරින් වර සංශෝධනය වෙලා, කප්පාදු වෙලා එහෙට මෙහෙට, සංශෝධනය වෙලා, අද වෙනකොට සංශෝධන 22ක් හරහා ඇවිල්ලා තියෙනවා. සමහර වගන්තිවලට අතවත් තියලා නෑ.

ඉතිං ඒ සියල්ල හරහා අද 83 (ආ) වගන්තිය මේ සියල්ල හරහා ඇවිල්ලා මුළු රටක් සාකච්ඡා කරන බරපතල වගන්තියක් බවට පත්වෙලා තියෙනවා. මේ වෙනකොට supreme උසාවිය හරහා පෙත්සම් 2ක්  ඉදිරිපත් වෙලා, එක පෙත්සමක් විසි වෙලා ගියා, අනිත් පෙත්සමට ලක්ෂ පහක දඩයකුත් නියම වුණා. මොකද මේ සාකච්ඡාව තියෙනවා. දැන් ඔබ සියලු දෙනාත් බලන්න ඕනේ මොකද්ද මේ 83 (ආ) වගන්තියේ තියෙන්නේ කියලා. දැන් ඕනෑම ජංගම දුරකථනයක් තියෙන කෙනෙක්ට ශ්‍රී ලංකාව ආණ්ඩුක්‍රමය කියලා ගැහුවම Constitution of Sri Lanka කියලා ගැහුවම phone එකේ එනවා ලංකා ව්‍යවස්ථාව. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලංකා ව්‍යවස්ථාව තියෙනවා. වලංගු ව්‍යවස්ථාව.

ඒ කියන්නේ 83 (ආ) තාම වගන්තිය වලංගුයි. එතකොට 83(ආ) වගන්තිය තාම වලංගු වෙලා තියෙනවා, 20 වෙනි වගන්තියේදී පාර්ලිමේන්තු කාල සීමාව අඩු කළා වසර පහකට 2020 දී 20 වෙනි වගන්තිය ගෙනාවා පාර්ලිමේන්තුවට. ඒ වගන්තිය ගෙනල්ලා විසි වෙන වගන්තිය පාර්ලිමේන්තු කාලය අඩු කළා වසර පහකට. 19 වෙනි වගන්තිය ජනාධිපති ධූර කාලය අඩු කළා අවුරුදු  පහකට. 20 වෙනි වගන්තියෙන් පාර්ලිමේන්තු කාලය අඩු කළා අවුරුදු පහකට. ඔය දෙකේම කාලය අවුරුදු හයයි, 78 ව්‍යවස්ථවේ තිබ්බේ.

එතකොට මේ අනිත් වගන්ති සියල්ල සංශෝධනය වුණා. 83 වගන්තිය සංශෝධනය වුණේ නෑ. 83 (ආ) වගන්තියේ තියෙනවා පාර්ලිමේන්තුවේ  ජනාධිපතිවරයාගේ කාලය හයක් ඉක්මවලා යනවා නම් ජනමත විචාරණයකට යා යුතුයි කියලා. තුනෙන් දෙකක් සමඟ ජනමත විචාරණයකට යා යුතුයි කියලා ප්‍රතිපාදනය තියෙනවා 83 (ආ) වගන්තියේ. ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? ප්‍රශ්නෙ තියෙන්නෙ නැවත හොඳට අවබෝධ කරගන්න 78 ව්‍යවස්ථාවේ මේ ධූර කාලයන් දෙකම හයයි. ධූර කාලය හය ඉක්මවනවා නම් තමයි තුනෙන් දෙකක ජනමත විචාරණයකට යන්න ඕනේ. නමුත් 19 වන සංශෝධනයේ 20 වෙනි  සංශෝධනයේ ධූර කාලය හයේ ඉඳලා පහට ගෙනාවා.

83 (ආ) වගන්තියට අත තියලා තිබ්බෙ නැති නිසා පහේ ඉඳලා හය කියන අවුරුද්ද ගැන කොහෙවත් සඳහනක් නෑ. හිඩසක් ඇති වුණා නීතියේ. ව්‍යවස්ථා නීතියේ හිඩසක් ඇති වුණා. හයට වැඩියෙන් යනවා ජනමත විචාරණයකට යන්න කියල තියෙනවා. පහෙන්, අයින් කරන්න කියලා තියෙනවා. නමුත් පහේ ඉඳල හයට යනවා නම් මොකද කරන්නේ කියලා නීතියේ හිඩසක් තියෙනවා. ඒ හිඩස පියවන්න ඕනේ. ඒක නීති ක්ෂේත්‍රයේ පහුගිය කාලයේ වෙච්ච ලොකු අඩුපාඩුවක්. මම හිතන්නේ ඒක හැමෝම අවංකව පිළිගන්නවා. ඒක සම්පාදනය කරපු අයගේ, ඒක ඉදිරිපත් කරපු සියලු දෙනාගේ. ඒ හින්දා ඒ සංශෝධනයන් මම හිතනවා පාර්ලිමේන්තුවට ඇවිල්ලා නිවැරදි වීම වහාම වෙන්න ඕනේ. මොකද මේ නීති හිඩැස් බරපතල වෙන්න පුළුවන්. අර්බුදකාරී වාතාවරණයන්වලදී. ඒ හින්දා අද පවතින වාතාවරණය උඩ මම හිතනවා පුළුවන් කියලා මේවා අවබෝධතතාවයකින් විසඳ ගන්න. ඒ සඳහා  සංශෝධනයන් නියමිත ආකාරයෙන් ගෙන එන්න කටයුතු කරනු ඇතැයි කියන එකයි අපේ අවබෝධය.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress