මාලිමාවෙන් හදට යවන්න පෙර හඩ්සන් CID යයි.. වසන්තට අපරාධ චෝදනා..
Posted on July 24th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

සිය ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා සිදු කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මඟින් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

වසන්ත සමරසිංහ මහතා විසින් හඩ්සන් සමරසිංහ මහතා ඉලක්ක කර කරනු ලබන තර්ජනාත්මක ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

එම ප්‍රකාශය පදනම් කරගෙන මෙම පැමිණිල්ල හඩ්සන් සමරසිංහ මහතා විසින් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

– රක්ෂණ ශ්‍රියන්ත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress