සමරිසි පනතට මහ නාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය
Posted on July 24th, 2024

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් 

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති
රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ.
ගරු ජනාධිපතිතුමනි,
සමාජ පරිහානියට හේතු වන සදාචාර විරෝධි යෝජිත සමරිසි පනත් කෙටුම්පත පිළිබඳවයි
රටක සංස්කෘතික අනන්‍යතාවන්, ඓතිහාසික උරුමය හා චිරාගත සද්චාරිත‍්‍රයන් නොසලකා පටු අත්තනෝමතීන් මත පදනම්ව රාජ්‍ය පාලනයෙහිලා යමක් උත්සහ දරන්නේ නම් එය රාජ්‍ය අරාජික වීමට මෙන්ම සමාජ බිඳ වැටීමට බලපාන බව චක්කවත්ති සීහනාද සූත‍්‍රයේ දී තථාගතයන් වහන්සේ පැහැදිලි කර ඇත.
ධර්ම ද්වීපය ලෙස පෙරාපර දෙදිග සම්භාවිත ශී‍්‍ර ලංකාව බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගෙන් පෝෂණය වූ විශිෂ්ඨ සංස්කෘතියකට උරුමකම් කියයි. දානය, පි‍්‍රයවචනය, අර්ථචරියාව හා සමානාත්මතාව යන සතර සංග‍්‍රහ වස්තූන් මත ගොඩනැගුණු එකී ලංකේය සංස්කෘතියේ මෞලික හරපද්ධතිය ආරක්‍ෂා කර ගැනීම රාෂ්ටී‍්‍රය සමෘද්ධිය උදෙසා අත්‍යාවශ්‍ය සාධකයකි.
මෙරට චිරාගත සංස්කෘතික හරපද්ධතීන් පිළිබඳ නොසලකා ඉතාමත් සුළුතර පිිරිසකගේ අවිචාරවත් අවශ්‍යතාවන් පූරණය කර ගැනීමේ පටු පර්මාර්ථ පෙරදැරී කරගෙන පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පසුගිය දින පාර්ලිමේන්තුවට යොමු කළ සමරිසි පනත් කෙටුම්පත මෙරට සමස්ත සමාජ දේහය විකෘති කිරීමට මෙන් ම සාරධර්ම පරිහානියට හේතුවන්නක් බව අපි තරයේ අවධාරණය කර සිටිමු. මෙවැනි පටු අරමුණු සහිත පනත් කෙටුම්පතක් සම්මත කිිරීම පවුල් සංස්ථාවන් බිඳ දැමීමට මෙන් ම සමාජ සංස්ථාවන් තුළ අසමතුලිතාවක් නිර්මාණය වීමට හේතු වන අතර ම එහි අතුරු ඵලයක් ලෙස සමාජ සුරක්‍ෂාව දැඩි තර්ජනයකට ලක් වේ. මව, පියා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩුදෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහාණියට හේතුවන බව මහජන නියෝජිතයන් අවබෝධ කොට නොගැනීම වර්තමාන ශී‍්‍ර ලාංකේය දේශපාලන ප‍්‍රවාහයන්ගේ අන්ධානුකරණ ගති ලක්‍ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳ පවතින අනවබෝධය මනාව ප‍්‍රදර්ශනය කරයි.
”අධම්මරාගය” හෙවත් මව, පියා, සහෝදරයා, සහෝදරිය, ආදී බැඳීම් හා ඤාති සබඳතාවන් නොසලකා තිරිසන්ගත සතුන් මෙන් ලිංගික පී‍්‍රණනය සඳහ පුද්ගලයා යොමු වීම මෙන් ම, ”මිච්ඡුාධම්ම” හෙවත් සමලිංගික හැසිරීම් හේතුවෙන් පුද්ගලයාගේ ආයුෂය, හා වර්ණය පරිහාණියට පත්වන ආකාරය මෙන්ම එය සමාජ බිඳ වැටීමට හේතුවන ආකාරය චක්කවත්ති සීහනාද සූත‍්‍රය තුළ තථාගතයන් වහන්සේ මනාව පැහැදිලි කොට ඇත.
එවන් පසුබිමක් තුළ පින-පව, කුසලය-අකුසලය පිළිබඳ සමාජය දැනුවත් කරමින් ආධ්‍යාත්මික මාර්ගෝපදේශකත්වය සැපයීම මහා සංඝරත්නය ලෙස අප වෙත පැවරී ඇති වගකීමයි. විවිධ බාධක, අර්බුද, අභියෝග මධ්‍යයේ වුව ද ලාංකේය භික්‍ෂු පරපුර එම ඓතිහාසික වගකීම මනාව ඉටුකර ඇති බවට මෙරට ඉතිහාසය සාක්‍ෂි දරයි. එසේම රටක ජන ජීවිත සුරක්‍ෂිත කොට සමාජ සංස්ථාවන්ගේ යහපැවැත්ම තහවුරු කිරීම රාජ්‍ය පාලකයාගේ වගකීම බව ද අවධාරණය කරනු කැමැත්තෙමු.
ඡු්ටැ 2 දෙ 2
එහෙයින් සමස්ත සමාජය සදාචාරාත්මක පරිහානියකට ඇද දමන පුද්ගලයාගේ මානසික හා ශාරිරික සෞඛ්‍ය මෙන්ම ආධ්‍යාත්මික පරිහානියට ඍජු හේතුවෙන මෙවන් අගතිකාරී, සමාජ පරිහානියට තුඩු දෙන කෙටුම්පතක් සම්මත කිරීමට මෙරට රජය ඇතුුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් උත්සහ දරන්නේ නම් ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහාසංඝරත්නය ලෙස අපගේ බලවත් අප‍්‍රසාදය හා විරෝධය පළ කර සිටින අතර ම එය මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් විසින් මෙරට සංස්කෘතික හරපද්ධතියට සිදුකරන බලවත්ම හානියක් බව සංවේගයෙන් යුතුව අවධාරණය කර සිටිමු.
බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගේ විශිෂ්ඨතාව හා එහි ප‍්‍රායෝගික භාවිතය තිරසර සමාජ සංවර්ධනයකට හේතුවන ආකාරය පිළිබඳ නිරන්තර අදහස් ප‍්‍රකාශ කරන ගරු ජනාධිපතිතුමන් මෙන්ම දේශයේ සංස්කෘතික උරුමය හා සමාජ හරපද්ධතීන් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන මහජන නියෝජිතයින් මෙම අප‍්‍රතිකාරී, සදාචාර විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර අවශ්‍යය පියවර ගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.
ඔබතුමන්ට රත්නත‍්‍රයේ ආශීර්වාදය ලැබේවායි ආශංසනය කරම්හ.
ඒ වගත් මෙසේ ම,

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගලාභිධාන
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ
මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
මල්වතු මහාවිහාරය, මහනුවර.

අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශී‍්‍ර
පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ
අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර,
අස්ගිරි මහාවිහාරය, මහනුවර.

අතිපූජ්‍ය කරගොඩඋයන්ගොඩ මෛතී‍්‍ර මූර්ති අභිධාන
මහානායක ස්ථවිර,
ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝසභාවේ සභාපති,
ශී‍්‍ර ධම්මානන්‍ද විද්‍යායතන පිරිවෙන,
මිරිස්වත්ත, බළංගොඩ.

අතිපූජ්‍ය මකුලෑවේ ශී‍්‍ර විමලාභිධාන
ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්ථවිර,
මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ,
මීරිගම.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress