9 වෙනි සියවසේ තිරිකුණාමලේ ස්වදේශීය පාලකයා
Posted on July 24th, 2024

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, සොලිසිටර්)

ලන්දේසීන් පලවාහැරි ව්‍ය.ව. 1795 වසරේ සිට ශී‍්‍ර ලංකා රජයට ආපසු පවරා ගත් 1958 වසර දක්වා තිරිකුණමල ප‍්‍රදේශය ඉංගිරිසි කොලනිවාදීන්ගේ පාලනය යටතේ විය. ඒ කාලය තුළ  ස්වදේශීය පාලකයෙකු යටතේ ප‍්‍රදේශයේ පාලනය පැවති අවස්ථාවක් ගැන අපට උගන්වා නැත.

උතුරු පළාතේ යාපනේ දිස්ති‍්‍රක්කයේ සහ නැගෙනහිර පළාතේ තිරිකුණාමල දිස්ති‍්‍රක්කයේ ආණ්ඩුවේ ඒජන්ත (ඨ්* පදවි දැරූ ජේ. පී. ලූවිස් ව්‍ය.ව. 19 වෙනි සියවසේ අවසාන කාලය වෙන විට පැවති නැගෙනහිර පළාත සහ වන්නි පළාත සම්බන්ධ නිල වාර්තාවකින් එවැනි පාලකයෙකු සිටි බව එළිදරවු කරයි. එමෙන් ම එය 19 වෙනි සියවසේ කොලනිකරණය පිළිබඳ ඉතා පැහැදිළි අදහසක් ද අපට ලබා දෙයි. සියලූ පුරවැසියන්ගේ දැනීම සහ සමාජ අවබෝධය සඳහා ඒ කෙටි සටහන පහත උපුටා දක්වමි.
”කරණවෑමි නායක නිලයින පණික්කන් සහ ඔහුගේ සහායක කරණවෑමි පිරිස විසින් තිරිකුණාමලය පත්තුව පාලනය කරන ලදී. තම්පලකාමන් (තඹලගම, කොට්ටියාර් (කොටසර සහ මඩකලපුව මහා ඝනවනාන්තරයක් වීය. එසේ ම මන්නාරමේ විදත්තල්තිව් වනයෙන් යටව තිබුණි.”1
මේ සටහන සාවදානව සලකා බැලීමෙන් සමාජයේ පවතින දුර්මත කීපයක් දුරු කරගැනීමට හැකි වෙනු ඇත. තිරිකුණාමල පළාතේ වෙල්ලාල හෝ දෙමළ ස්ථිර පදිංචියක් නො වූ බව; උතුරු සහ නැගෙනහිර පළාත් 13 වෙනි සියවසේ සිට දේශපාලනික වශයෙන් බැඳුණු දෙමළ ප‍්‍රදේශයක් නො වූ බව; එසේ ම දෙමළ කොලනිකරණය නිසා තිරිකුණාමල ප‍්‍රදේශයේ ජන සංයුතිය, සමාජය, සංස්කෘතිය වෙනස් වී ඇති බව; සිංහල සමාජ සංස්ථාව තුළ විකෘති මත බිහි ව ඇති බව සහ අපේ සමාජ සංස්ථාව සම්බන්ධව මිථ්‍යා මතවලට අප ගොදුරු වී ඇති බව පැහැදිලි වෙනු ඇත.
ආණ්ඩුවේ ඒජන්ත ඉදිරිපත් කරන වාර්තාව කෙටියෙන් දැක් වූ මේ තොරතුරු ඉතා වැදගත් ඓතිහාසික කරුණු කීපයක් ඉදිරිපත් කරයි. සිංහල රාජ්‍ය පාලනය යටතේ ඉතාමත් සරුසාර ස්වයංපෝෂිත සිංහල ජනාවාස පැවති තඹලගම, කොටසර, මඩකලපුව ප‍්‍රදේශ සහ වයඹ පළාතේ විදත්තල්තිව් ආදී ප‍්‍රදේශවල ගම්බිම් කෙත්වතු ආදිය, ව්‍ය.ව. 1815 සිංහලේ පාලනය පවරා ගැනීමෙන් පසු සහ 1817-1818 සහ 1848 සිංහලේ නිදහස සඳහා වූ සටන් කෲර ලෙස මර්ධනය කිරීමෙන් පසු, ව්‍ය.ව. 19 වෙනි සියවස තුළ වනයට යට වූ කැලෑබිම් බවට පත්ව තිබූ බව එළිදරවු කරයි.
19 වෙනි සියවසේ දෙවෙනි භාගයේ ද ප‍්‍රචලිත ව පැවති තවත් ඉතා වැදගත් කරුණක් ඉදිරිපත් කරයි. පණික්කි නායක සහ ඔහුගේ සහායක පිරිස යටතේ තිරිකුණාමලය පළාත පාලනය විය. එනම් එකල තිරිකුණාමල ප‍්‍රදේශයේ ද්‍රවිඩ/දෙමළ වෙල්ලාල පදිංචියක් නො වීය. දිවයිනේ කිසි ම ප‍්‍රදේශයක් පණික්කි නායකයෙකු සහ ඔහුගේ සහායකයන් යටතේ පාලනය වූ බවට ඉතිහාසය තුළ කිසිදු සඳහනක් නැත. මෙහිදී පණික්කි නායකයා යනුවෙන් සඳහන් කොට ඇත්තේ කවු දැ’යි දැන ගැනීම වැදගත් ය.
දෙමළ සමාජයේ ”පණික්කන්” නමින් හඳුන්වනු ලබනුයේ කෙස් රැුවුල් කපන (කරනවෑමි* සහ බෙරකරු (ඇම්බැට්ට* වෘත්තිය භාර කුලයට අයත් පිරිස ය. පහත් කුල ලෙස වෙන් කොට ඇති සියලූ දෙමළ කුල වෙල්ලාල කුලයේ වහලූන් (ික්ඩැි* බවට පත් කරමින් ඉංගිරිසින් නීතිගත කළ තේසවලමෙයි නීතිය සහ වෙල්ලාල නොවෙන වෙනත් කුල අයෙකුට ප‍්‍රදේශයක, පළාතක නොව වෙල්ලාලයන් සහභාගීවෙන සාමාන්‍ය පොදු සමිතියක හෝ නායක පදවිය, පාලක පදවිය හිමි නැති නිසා මේ කරුණ විමසා බැලීම අවශ්‍ය ය.
ගරු චාල්ස් කාටර් පියතුමා ”පණික්කියා” වචනය කරනවෑමියා (ඉ්රඉැරල ය්සර-ාරුිිැර* යනුවෙන් අර්ථ දක්වා ඇත.2 එසේම වෙනත් තැනෙක ”පනික්කයා”, ”පනික්කියා” යනුවෙන් දක්වා ඉ්රඉැරත ැකැචය්බඑ නැැචැරත ් ජයසැෙ දෙ ් කදඅ ජ්ිඑැ යනුවෙන් සඳහන් කරයි. කෙස් රැුවුල් කැපීමේ සහ බෙර ගැසීමේ වෘත්තිය භාර පණික්කියා (පනික්කියා* කුලයේ අය අලි බලන්නා (ඇත් ගොව්වා* (ැකැචය්බඑ නැැචැර* යනුවෙන් ද ඔහු අර්ථ දක්වයිග එකල සමාජ සංස්ථාවේ බරපතල ලෙස එකිනෙකට වෙනස් වෘත්තීය කණ්ඩායම් දෙකක් එක වෘත්තීය කණ්ඩායමක් ලෙස දක්වා ඇතග මහාචාර්ය මලලසේකර ඉ්රඉැර වචනයට පනික්කියා, කරනවෑමියා, ඇම්බැට්ටයා, කපුවා යනුවෙන් අර්ථ දක්වා ඇත. එමෙන් ම, පූජ්‍ය හික්කඩුවේ ශී‍්‍ර සෝරත නාහිමි වන අලි, ඇතුන් අල්ලා හීලෑ කොට පුහුණු කරන වෘත්තියේ නිරත වූවන් ”පණික්කි”5 (සුමංගල ශබ්ද කොෂය පි 546* නාමයෙන් හඳුන්වා ඇත.
යුරෝපීය ආක‍්‍රමණිකයන් විශේෂයෙන් ම ඉංගිරිසි කොලනිවාදීන්, භේද කොට පාලනය කිරීම සඳහා, කුල ක‍්‍රමය තහවුරු කරන තෙක් සිංහල බෞද්ධ ජන සමාජය තුළ ”පණික්කි” යනුවෙන් හැඳින් වූ කුලයක් හෝ හින්දු, දෙමළ කුල ක‍්‍රමය වැනි කුල ක‍්‍රමයක් නොවී ය. මලබාර් සහ කොරමණ්ඩල ප‍්‍රදේශවලින් ද්‍රවිඩ/දෙමළ ජනයා ගෙනවිත් පදිංචි කරවීමෙන් පසු සිංහල සමාජයට සහ භාෂා ව්‍යවහාරයට ”පණික්කි” එකතු විය. එය පණික්කන් ද්‍රවිඩ වචනයෙන් බිඳී ආ වචනය කි.
දෙමළ සමාජයේ වෙල්ලාල කුලයේ අය ඔවුන්ගේ ”වහලූන්” ලෙස නීතිගත කොට ඇති, හීනජන්මීන්,-පහත් කුල ලෙස ගර්හා කොට කොන්කරන ලද ”පණික්කි” (පණික්කන්* කුලයක අයෙකු මගින් පාලනය වීම සිදුවිය නො හැකි බැවින් ශබ්ද කෝෂකරුවන් ”පණික්කි” (පණික්කන්* කුලයට නියමිත වෘත්තිය පදනමින් අර්ථ දැක්වීම මෙහිලා අදාල නොවෙන බව නිසැක ය. එසේම කාටර් පියතුමා සහ ශී‍්‍ර සෝරත නාහිමියන් ”පණික්කි” අලි ඇතුන් සම්බන්ධ වෘත්තිකයන් බව ද දක්වා ඇති හෙයින් ශබ්දකෝෂ සකස් කරන ලද විසිවෙනි සියවසට පෙර, සිංහල රාජ්‍ය පාලන සමයේ වන අලි ඇතුන් අල්ලා හීලෑකොට පුහුණු කිරීමේ වෘත්තියේ නිරත වූවන් හඳුන්වන ලද්දේ කුමන නමකින් ද, ”පණික්කි” වචනය ආදේශ වූයේ කෙසේ දැ’යි සලකා බැලීම අවශ්‍ය ය.
සිංහල රාජ්‍ය කාලයේ අලි ඇතුන් වෙළ\ම විදේශීය වෙළ\මේ වැදගත් සහ ඉතා ලාභදායී අංශයක් විය. මහා පරාක‍්‍රමබාහු රජු (1153-1186* බුරුම රට ආක‍්‍රමණය කිරීමට එක් හේතුවක් වූයේ අලි ඇතුන් වෙළ\මේ අයිතිය රැුකගැනීම ය. රාජ්‍ය සේවයේ අංශයක් වූ මෙය සාමූහික ව වන අලි ඇතුන් ඇල්ලීම, හීලෑ කිරීම, යුද සහ සිවිල්, සංස්කෘතික සේවා සඳහා පුහුණු කිරීම පිළිබඳ දැනුම සහ පළපුරුද්ද, අභ්‍යාෂ සහිත වූවන්ට භාර වූ වෘත්තිය කි. අලි ඇතුන්ගේ චර්යා හඳුනා ගැනීමේ සහ ප‍්‍රතිචාර දැක්වීමේ සහජ හැකියාව ඒ වෘත්තියට අවශ්‍ය ම අංගය කි.
රජුගේ ”ඇත්පන්තිය”ට භාරදීමට පෙර අලි ඇතුන් මිනිස් කි‍්‍රයාකාරකම් සඳහා සුදුසු සේ පුහුණු කිරීම් කළ වෘත්තීය කණ්ඩායම් සහ ස්ථාන ”කුරු”, ”කූරු”,7 ”කූරුව” යනුවෙන් හඳුන්වනු ලැබීය. ඒ වෘත්තීය කණ්ඩායමේ සහ ස්ථානයේ ප‍්‍රධානියා ”කූරුවෙ රාළ” ලෙස හඳුන්වා ඇත.
වන අලි ඇතුන් අල්ලා හීලෑ කොට විවිධ කටයුතු සඳහා පුහුණු කිරීම සිංහල රාජ්‍ය සමයේ රාජ්‍ය ආදායමේ සහ විදේශීය වාණිජ ආර්ථිකයේ ප‍්‍රධාන අංශයක් විය. ඒ පිළිබඳ කටයුතු සම්බන්ධ වගකීම් පවරන ලද මණ්ඩලය කූරු/කූරුව නම් වීය. දහඅට වෙනි සියවසේ ද සිංහල රාජ්‍ය තුළ අලි ඇතුන් පිළිබඳ ආයතනය (දෙපාර්තමේන්තුව8 ”කූරුවේ” නම් වීය. පුරාණයේ දිවයින පුරා එවැනි මණ්ඩල අටක් වූ අතර මහනුවර රාජධානි කාලයේ මණ්ඩල හතරක් පැවති බව සඳහන් වෙයි. බොහෝවිට ඝණ වනාන්තර බවට පත්ව තිබූ තම්පලකාමන් (තඹලගම, කොට්ටියාර් (කොටසර* ඇතුළත් වූ තිරිකුණාමල පළාත මේ මණ්ඩල හතරෙන් එකක් විය හැකි ය.
”කූරුවේ” රජකාරි වගකීම හීලෑ කරන ලද අලි ඇතුන් වෙළඳ පොළට යොමු කිරීම නොව රජුගේ ”ඇත්පන්තිය”ට භාරදීම ය. එය කෙලින් ම රජවාසල සම්බන්ධ කාර්යාංශය කි. කූරුවේ අය පණික්කන් වැනි සාමාජීය කුලයක අය නොවේ. පණික්කන් කුලයට අයති වෘත්තිය පුද්ගල කේන්ද්‍රීය එකකි. ”කූරුවේ” වෘත්තිය රජයේ ආර්ථිකය, සංස්කෘතිය කේන්ද්‍රීය පොදු එකකි. එය මනා වෘත්තිය පුහුණු ව සහිත බොහෝවිට, පරවේණි අයිතිය ඇති වෘත්තීය කණඩායම කි.
රජුගේ සේවය සඳහා වූ කාර්යාංශ, ආයතන (දෙපාර්තමේන්තු* දහහතරෙන් එකක් ”කූරුවේ” විය. ඒ ඒ කාර්යාංශ වගකීම් භාර වූ ”නිලමේ” තනතුර යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ කාලයේ සිට ”මුදලි” යනුවෙන් ආදේශ කොට හඳුන්වා ඇත.12 දිසාවේ පදවිය ද මුදලි නාමයට ඇතුළත් කොට ඇත. 17 වෙනි සියවසේ කෝට්ටේ රජු විසින් සිංහල රණ සූරයෙකුට ”පණික්කි මුදලි” යනුවෙන් පදවි පිරිනමා ඇත.
ඉංගිරිසි කොලනිවාදීන් වෙල්ලාල හැර හීන ජන්මී (untouchables) ලෙස සලකන ලද වෙනත් දෙමළ කුලයක කිසිවෙකුට උඩෙයියාර්, වන්නිආර්, අඩිගාර්, මුතලියාර් ආදී තනතුරු දුන්නේ නැත. හැම විටම ඔවුන් වහලූන් ලෙස සලකනු ලැබීය. විසිවෙනි සියවස අභියස ආණ්ඩුවේ ඒජන්ත සඳහන් කරන, තිරිකුණාමල පළාත පාලනය කළ කරනවෑමි නායකයා (Chief of Panikkan) ලෙස දක්වන තැනැත්තා නිශ්චිතව ම දෙමළ පණික්කන් කුලයේ කෙනෙකු හෝ කරනවෑමියෙකු විය නො හැකි ය.
සිංහල රජ කාලේ සංස්කෘතික කටයුතු සඳහා පමණක් නොව යුද කටයුතු සහ ගොඩනැගිලි, පාලම්, වැව් අමුණු, ඇලවේලි තැනීම ආදී වැඩබිම්වල දුෂ්කර බර වැඩ සඳහා අලි ඇතුන් (අලි ශ‍්‍රමය* යොදාගනු ලැබීය. ඒ සඳහා පුහුණු ශිල්පීන්ගේ සේවාව අත්‍යවශ්‍ය ය.
අද මෙන් යන්ත්‍රෝපකරණ නො වූ 19 වෙනි සියවසේ මැද කාලයේ කෝපි, තේ වගාව සඳහා අක්කර ලක්‍ෂ ගණනක ගස් වැල් උදුරා බිම් සකස් කිරීමට සහ බර වැඩ සඳහා ඉංගිරිසි කොලනිවාදීන්ට අලි ශ‍්‍රමය නැතිව ම බැරි විය. ඒ සඳහා පුහුණු ශිල්පීන්ගේ සේවාව ලබාගැනීම අනිවාර්ය වීය. මිනිස් ශ‍්‍රමය ප‍්‍රමුඛ වූයේ බිම් සකස් කිරීමෙන් පසු බෝග වගාව සඳහා ය. මලබාර් සහ කොරමණ්ඩල ප‍්‍රදේශවලින් අසරණ. අහිංසක ද්‍රවිඩ/දෙමළ ජනයා ලක්‍ෂ ගණනක් ගෙන්වා ගනු ලැබීය. (කලින් කල ලන්සු තබමින් වත්තෙන් වත්තට ඔවුන් අලෙවි කළ කොන්තරාත් කරුවන් වූයේ වහල් හිමි වෙල්ලාලයන් ය. ඔවුන්ගෙන් පැවතෙන්නන් අද ඔවුන් මෙහෙයවන නායකයන් වී ඇත.*
යුරෝපීය ආක‍්‍රමණිකයන්ට විශේෂයෙන් ම ඉංගිරිසීන්ට අලි ඇතුන් වෙඩි තබා මැරීම විනෝද අංශයක් සහ අමතර ආර්ථික වාසියක් විය. අලි ඇතුන් දහසක් මරා උදම් වූ රාජ්‍ය නිලධාරීන් ද විය. (වර්තමානයේ පවා ”නරි දඩයම” එංගලන්තයේ රාජකීයයන් ද නිරතවෙන වාර්ෂික පී‍්‍රති උත්සවය කි.* අලි මරා සනාථ කළ ගම්වැසියන්ට හිමි මුදල (මරන ලද එක් අලියෙකුට සිලිම් 15 බැගින්* වංචා කළ දෙමළ වෙල්ලාල උඩෙයියාර්ලා ගැන වාර්තා වී ඇත.
වතු වගාවට නැතිව ම බැරි වූ පුහුණු ශිල්පීන්ට අමතර ව අලි සම්බන්ධ නෑවීම පිරිසිදු කිරීම සහ ස්ථාන පිරිසිදු කිරීම ආදී අත්‍යාවශ්‍ය එදිනෙදා කටයුතු සඳහා පණික්කන් කුලයේ ජනයා යොදාගනු ලැබීය. එමගින් කූරුවේ රාළ, කූරුවේ නිලමේ (මුදලි* සහ සාමාජිකයන් ද පණික්කි මුදලි (නිලමේ* ආදි වශයෙන් දෙමළකරණය වූ බව නිසැක ය.
වන අලි ඇතුන් අල්ලා හීලෑ කොට විවිධ කාර්ය සඳහා පුහුණු කිරීම ඒ හා සම්බන්ධ දක්‍ෂ පුහුණු ශිල්පියෙකුට හැර සාමාන්‍ය අයෙකුට කළ හැකි දෙයක් නොවේ. (දෙමළ සමාජයේ පණික්කන් කුල ජනයාට නියමිත රැුකියාව කරනවෑමි සහ බෙරකරු (ඇම්බැට්ට* වෘත්තිය නිසා විසිවෙනි සියවසේ ශබ්ද කෝෂකරුවන් එලෙස දක්වා ඇත.* එ මග අනුගමනය කරමින් පසු කාලීන ලාංකික සමාජය, යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ කාලයේ දෙමළ කරණයට ලක් කළ ”කූරුවේ” සාමාජිකයන්ට පණික්කන් ආදේශ කොට ඇත. ”කූරුවේ” සාමාජිකයන් සිංහල රාජ්‍යයේ සංස්කෘතිය, සංවර්ධනය, ආර්ථිකය සහ විදේශීය වාණිජ සම්බන්ධතා සමග බැඳුණු විශේෂ පුහුණු කණ්ඩායමක් වූ වැදගත් රාජකාරියක නිරත වූ ”හස්ති ශිල්පීන්” ය.
මහනුවර රාජ්‍ය යුගයේ පැවති කූරුවේ මණ්ඩල හතරෙන් එකක්, වන අලි ඇතුන් බහුල ව සිටි ඝණ කැලෑ බවට පත් ව තිබූ තම්පලකාමන් (තඹලගම, කොට්ටියාර් (කොටසර, තිරිකුණාමලය ඇතුළු නැගෙනහිර පළාතේ උතුරු කොටසේ පැවති කූරුවේ මණ්ඩලයේ නායක කූරුවේ රාළ හෝ කූරුවේ නිලමේ සහ ඔහුගේ සහායකයන් යටතේ රාජකාරි සිදු වෙන්නට ඇත. එමෙන් ම ව්‍ය.ව. 1660 අනවසරයෙන් ගොඩබට රොබට් නොක්ස් ඇතුළු නාවිකයන් දහඅට දෙනා අත්අඩංගුවට ගෙන රජුට ඉදිරිපත් කළේ ප‍්‍රදේශයේ දිසාවේ බව, ශී‍්‍ර විජය රාජසිංහ රජු (ව්‍ය.ව. 1739-1747* කාලයේ ඇහැලේපොළ මහ අධිකාරම් පදවියට අමතරව මේ ප‍්‍රදේශයේ් දිසාවේ පදවිය දැරූ බව16 සහ 1815 තෙක් සිංහල දිසාවනියක් ලෙස පැවති බව අමතක කළ යුතු නැත.
සමාජය පණික්කන් දෙමළ වචනයේ අර්ථයෙන් විකෘති සමාජ මතයකට එළඹ ඇති බව පැහැදිලි ය. දෙමළ සමාජය පිළිබඳ ගැඹුරු දැනුමක් සහ අවබෝධයක් තිබූ ජේ පී ලූවිස් තමාගේ වාර්තාවේ තබා ඇති සටහනෙන් එළිදරවු කරන්නේ දෙමළ පණික්කන් කුලයේ අයෙකු නොව, යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ කාලයේ දෙමළකරණයෙන් පණික්කන් නාමය ආදේශ කරනු ලැබූ කූරුවේ රාළ, කූරුවේ නිලමේ පදවි නාමයෙන් හැඳින් වූ ”හස්ති ශිල්පීන්ගේ” නායකයෙකු යටතේ තිරිකුණාමල ප‍්‍රදේශය පාලනය වූ බව නිසැක ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress