ධම්ම කරුනු – සයවන කොටස නිවන හෙවත් අනිමිත්ත චේතෝ විමුක්තිය (Part 1)
Posted on July 31st, 2024
තිස්ස ගුණතිලක
ස්කන්ධයේ ‘උදය-වය‘ දැකීම
බුදුන්වහන්සේ ලඟට පැමිනි භික්ෂූන්වහන්සේලා කිපවාරයකදි බුදුහාමුදුරුවන්ගෙන් අහනවා ‘ස්වාමිනි, සෝවාන්වීමට, සකරදාගාමිවීමට, අනාගාමිවීමට, අර්හත්වීමට කලයුත්තේ කුමක්ද?’ බුදුන්වහන්සේ ඒ සෑම අවස්ථාවකදීම දෙන්නේ එකම පිලිතුරයි: එනම් ‘කලයුත්තේ ස්කන්ධයේ උදය–වය දැකීම පමනමයි.’ කියායි. සද්ධර්මය තුල හමුවන වැදගත්ම බුද්ධ වචනය මෙයයි.
මෙයින් ගම්‍යවන්නේ ආර්ය මාර්ගයේ යාමට එනම් මාර්ග ඵල ලැබීමට කලයුතුවන්නේ එකම දෙයක් බවයි: එනම් ස්කන්ධයේ උදය-වය දැකීම පමනමයි. සරලව ‘ස්කන්ධය හෙවත් සිත සැදෙන – දුක ඇතිවන තැන, සමුදය සිඳුවන තැන හා දුක නැති තැන නිරෝධය වන තැන’ දැකීම නිවනට මඟබවයි. මේ සංසිද්ධීන් දෙකම සිතුවිල්ල තුල පවතියි. කලයුතු වන්නේ එසේ පවතින ස්වභාවයන් දෙක දැකීම පමනයි.
දුක ඇතිවීම හා දුක නැතිවීම බුද්ධදර්ශනයේ එන මූලිකම කරුනයි. දුක ඇතිවන සැටි නැතහොත් දුක ඇතිවන සාධක හඳුනාගෙන එම සාධක වලින් මිදීම සද්ධර්මයේ මූලික ඉගැන්වීමයි.
දුක ඇතිවන්නේ ‘මම’ හෙවත් සක්කාය-සත්වයා ඇතිවීම නිසයි (ජාති පච්චයා සොකපරිදේවදුක්ඛදෝමනස්සු පයාසාපි දුක්ඛා)
මම හෙවත් සක්කාය ගටගන්නේ භවය සකස්වීම නිසයි (භව පච්චයා ජාති)
භවය හටගන්නේ සිත හටගැනීමට විෂයවන භාහිර වස්තුවක නැති ආශ්වාදයක් ඇති සේ ග්‍රහනය කරගැනීම නිසයි (උපාදාන පච්චයා භව).
එනම් දුක ඇතිවන්නේ භාහිරයේ පවතින ආශ්වාදයක් හෝ ගැටීමක් (නන්දියක්) නැති ස්වභාවය (වය – යථාභූත ස්වභාවය) විඤ්ඤාණමායාව හරහා ආශ්වාදයක් හෝ ගැටීමක් ඇති ස්වභාවයකට පෙරලා ගැනීම නිසයි – උදය නොහොත් සමුදය.
සබ්බේ සංකාරා අනිච්චාති: භාහිරයේ පවතින සියල්ලම අනිච්ච එනම් ආශ්වාදයක් (හෝ වෛරයක් හෝ) නැති, රාගයක් හෝ ද්වේශයක් නැති, නන්දියක් නැති, ගින්නක් නැති, ශුන්‍යත, අනිමිත්ත ස්වභාවයේ පවතියි. මෙය භාහිරයේ නැතහොත් භෞතික ලෝකයේ (reality) යථාභූත ස්වභාවයයි. ස්කන්ධයේ ‘උදය-වය දැකීම’ යනු සිත හෙවත් විඤ්ඤාණය සෑදීමට විෂයවන භාහිර වස්තුවක/රූපයක පවතින ආශ්වාදයක් නැති, ශුන්‍යත, අනිමිත්ත ස්වභාවය ඇති සැටියෙන් දැකීමයි, අවබෝධ කරගැනීමයි. භාහිරයේ යථාභූත ස්වභාවය ඉහත සඳහන් පරිදි වුවත් අප භාහිරය දකින්නේත් විඳින්නේත් විඤ්ඤාණමායාව හරහා බැවින් අපට භාහිරය ග්‍රහනයවන්නේම ආශ්වාදයක් ඇති ස්වභාවයෙනි. මෙම ස්වභාවය නැවත ආශ්වාදයක් නැති ස්වභාවයට පරිවර්තනය කරගන්නේ විපස්සනාව තුලිනි. ස්කන්ධයේ උදය හෙවත් සත්වපුද්ගල දෘශ්ඨිය ඇතිවන තැන (භව පච්චයා ජාති) දැකීම හෙවත් දැනීම සහ ස්කන්ධයේ වය හෙවත් සත්වපුද්ගල ස්වභාවය නැති තැන වන ස්වභාවධර්මය/භාහිරය/භෞතික ලෝකය/reality දැකීම හෙවත් දැනීම යනු විපස්සනාවයි.
ස්කන්ධයේ උදය-වය දැකීම යනුවෙන් බුදුන්වහන්සේ අදහස් කරන ලද්දේ විපස්සනාවමයි.
එන එන සෑම සිතුවිල්ලකම සුඛ හෝ දුඛ වේදනාවක් සේ පිලිනොගෙන ඒවා උපේක්ඛාවට (අදුක්ඛම සුඛයකට) හරවාගැනීම විපස්සනාවයි.
නිරීක්ෂකයා (Observer)
සෑම සිතක් තුලම, අරමුණක් තුලම ඉහත සංසිද්ධිය සිඳුවෙයි. සිතුවිල්ලක් තුල මෙම සංසිද්ධිය දැකීම ස්කන්ධයේ උදය-වය දැකීමයි. විඤ්ඤාණමායාවකින් භාහිර ලෝකය ග්‍රහනය කරන අපට ඉහත සංසිද්ධීන් දෙකම (උදය හා වය) දැකීම අපහසුය. අපට සෑමවිටම විඤ්ඤාණමායාව හරහා හසුවන්නේ සමුදය (උදය) සංසිද්ධිය පමනි. ස්වභාවධර්මයේ in reality පවතින ජීවියා හෙවත් නිරෝධ (වය) ස්වභාවය අපට හසුනොවෙයි. ඒ අපට කිසිදාක භාහිරය යථාභූත (reality) ස්වභාවයෙන් ග්‍රහනය නොවන නිසයි.
ඒ නිසා ප්‍රතමයෙන්ම අපි අපේම නිරීක්ෂකයෙක් (an observer) කෙනෙක්ව සකස්කරගනිමු. මෙම observerට භාහිරයේ පවතින යථාභූත ස්වභාවය දැකිය හැකි, විඳිය හැකි යයි සිතමු. දැන් ඔබ සාදාගන්නේ භාහිරය ඒය පවතින අයුරින්ම දැකිය හැකි විඳිය හැකි නිරීක්ෂකයෙකි (an observer).
දැන් මෙම observerව සිතුවිල්ල/අරමුණ තුල move/transverse කරන්න. එනම් අසංඛතයේ (භාහිර ලෝකයේ – reality) සිට සංඛතය (මගේ ලෝකය) තුලට move කරන්න. (සිතුවිල්ලක්/අරමුණක් තුල ඔබ නොදැනුවත්වම සිඳුවන්නේ මෙම ක්‍රියාවලියයි). ප්‍රථමයෙන් භාහිරයේ ශුන්‍යත (ආශ්වාදයක් නැති) ස්වභාවයේ සිටිනා ජීවියා දකින observer එම සිතුවිල්ල ස්කන්ධ-පටිටිච්චසමුප්පාදයට ලක්වී ඒ හරහා සත්වයා සකස්වන හැටි දකි.
භාහිරයේ සිටින ජීවියා දැකීම යනු වය හෙවත් නිරෝධ ස්වභාවය දැකීමයි. සිතුවිල්ල තුල දිවෙන observer එහි කෙලවර ‘උපදින’ සත්ව ස්වභාවයද (උදය) දකී.
Primary (raw) feeling at sensory ස්කන්ධ level. Secondary feeling or processed feeling at සලායතන level.
observer ‘මගේ ලෝකයේ’ ගටගන්නා සත්වයාදකී. එනම් මම දකී. සත්වයා, මම යනු සමුදය හෙවත් මම හටගන්නා ‘අජ්ඣත්ත කාය’ යි. Observer ස්කන්ධ-පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ පස්සට නැතිනම් reverse වනවිට භාහිර අසංඛතයේ පවතින ‘වය’ ස්වභාවයේ ඇති භාහිර රූපය දකියි. Reality යේ පවතින රූපය යනු ‘බහිද්ධා කාය’යි. මෙසේ සෑම සිතුවිල්ලකම ඉහත ස්වභාවයන් ග්‍රහනය වන ලෙස observer transverse කරන්න. එනම් සෑම අරමුණකම, සිතකම පවතින බහිද්ධ කාය හා අජ්ඣත්ත කාය දකින සේ observer transverse කරන්න. ‘කායේ කායානු පස්සී විහරති‘ යනු මෙසේ භාහිරයේ පවතින යථා ස්වභාවය හෙවත් ‘වය ස්වභාවය’ හා සිත තුල (මගේ ලෝකයේ) ඇතිවන සත්ව ස්වභාවය හෙවත් සමුදය/උදය අතර observer transverse කරමින් සිටීන ක්‍රියාවලියයි. මෙය විපස්සනාවේ ආරම්භක අවස්ථාවයි. එන එන සෑම සිතකටම/සිතුවිල්ලකටම මෙම ක්‍රියාවලිය යොදමින් සිටින්න (විහරති). ‘පච්චුප්පන්නංච යො ධම්මා තත්‍ර තත්‍ර විපස්සති’ යනු මෙම ක්‍රියාවලියයි. මෙම විපස්සනාව එනම් අජ්ඣත්ත කාය (සංඛතය-සමුදය) හා බහිද්ධකාය (අසංඛතය-වය) දකිමින් දිගටම නොවෙනස්ව නොසෙල්වී කරන්න.
අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෑහයේ – භද්දේකරත්න සූත්‍රය – උත්තරීතර හුදකලාව ideal seclusion.
එසේ නොවෙනස්ව නොසෙල්වී (අසංහීරං අසංකුප්පං) විපස්සනාව වඩන්නා (මනුබ්‍රෑහයේ) ප්‍රාඥයෙකැයි බුදුන්වහන්සේ වදාල සේක.
ද්වතාවය
දුක ඇතිවන එනම් සමුදයවන ක්‍රියාවන්ගෙන් මිදීම යනු ‘වයයි’, නිරෝධයයි. දුක ඇතිවන ක්‍රියා (තුන්දොර හරහා සිඳුකරන ක්‍රියා) ‘අකරණීය’ ක්‍රියාවන්ය. දුක නැතිවන ආකාරයට තුන්දොර හරහා කරන ක්‍රියා ‘කරණීය’ ක්‍රියාවන්ය. මේ දුක ඇතිවීම (භවය සකස්වීම) හා දුක නැතිවීම (භවය සකස් නොවීම) බුදුන්වහන්සේ දේශනා කල ‘ද්වතාවය’යයි. දුක ඇතිවන, භවය සකස් කරන ක්‍රියාවන් සහිත දිවිපෙවත ‘අනාර්ය අශ්ඨාංගික මාර්ගයයි’. දුක නැතිවන සේ, භවය සකස් නොවන සේ ගතකරන දිවිවෙත ‘ආර්ය අශ්ඨාංගික මාර්ගයයි’. අනාර්ය හා ආර්ය අට පිලිවෙත බුදුන්වහන්සේ දේශනාකල ‘දිවි පෙවෙතේ ද්වතාවයයි’. අනාර්ය දිවිපෙවෙත භවය සකස්කරයි එනම් භාහිරය ආශ්වාද කරයි. ආර්ය දිවිපෙවෙත භවයසකස් නොකරයි එනම් භාහිරය ආශ්වාද නොකරයි. අනාර්ය දිවිපෙවෙත භාහිරය ආශ්වාදය ඇති සේ ග්‍රහනය කරයි. ඒ නිසා සත්ව-පුද්ගල දෘශ්ඨිය, සක්කාය හෙවත් ‘මම’ (ego) නැමති ජාතිය ඇතිවෙයි. එසේනම් සමුදය හෙවත් උදය ඇතිවීමට හේතුවන්නේ මෙම ‘මම’ (ego) හෙවත් සත්වයා ඇතිවන සත්ව-පුද්ගල දෘශ්ඨියයි. ‘මම’ ඇතිවන්නේ සංකාරවී සකස්වන ‘සංඛතය’ තුලයි. සංඛතය යන වචනය ඇසුන සැනින් ඒ මම හෙවත් සත්වයා ඇතිවන ‘මගේ ලෝකය’ බව සිහියට හසුවිය යුතුය.
එසේනම් මම හෙවත් සත්වයා නොපවතින්නේ භාහිරය හෙවත් ‘ස්වභාවධර්මය හෙවත් reality’ හෙවත් ‘අසංඛතය’ තුලයි.
අසංඛතයේ (in reality) පවතින භාහිර රූපයක් අදාල පංචේන්ද්‍රිය හා ස්පර්ෂවී එම රෑපයේ ප්‍රතිබිම්භය සාදන ‘රූප’ සංඤාව තැන පසුකර එම රූප සංඤාව නිසා ඇතිවන primary (raw) feeling හෙවත් වේදනාවද පසුකර වේදනාවේ නිරූපනය වන ‘සංඤා’ හෙවත් ස්කන්ධයේ ‘රූප වේදනා සංඥා’ යන තුන් අවස්තාව දක්වා විකාශනය වෙයි. අසංඛතයේ හෙවත් ස්වභාවධර්මයේ මායිම (boundary) මෙම ස්කන්ධය තුල ඇතිවන ‘සංඥා’ අවස්ථාවයි. මේ මව්කුසින් උපන් ලදරුවාට ඇතිවන ස්කන්ධ ස්වභාවය හා සමාන සීමාවයි නැතහොත් ප්‍රභාශ්වරයයි. සෑම සිතුවිල්ලක් තුලම මෙම සංදිස්ථානයේදී (සංඤා අවස්තාවේදී) කුඩා ලදරූවාට මෙන්ම වැඩිවිය පත්වූ අපටද භාහිරය දැනෙයි. එනම් භාහිරය දිට්ඨ සුත මුත වෙයි. මෙසේ දැනෙන ස්වභාවය ස්කන්ධ මට්ටමේ – sensory level feeling දැනීමයි. මෙම ස්කන්ධ මට්ටමේ දැනීම feeling ස්වභාවධර්මයේ- in reality අසංඛතයේ සීමාවයි. මෙහිදි සත්වයෙක් ඉපදී නැත. සිටින්නේ ජීවියෙක් පමනි.
කකුල මේසයක වැදුනු සැනින් දැනෙන primary (raw) වේදනාව (වේදනාව යනු primary sensation මිස සිංහලෙන් අර්ථ ගැන්වෙන වේදනාව නොවේ) මෙයයි. ඉන්පසුව මෙම වේදනාව හා එහි නිරූපනයවන සංඥාව පෙරමතකය විමර්ශනය කර සංකාර හා විඤ්ඤාණ දැනුම සකස්කරයි. පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හරහා දිවෙන මෙම ස්කන්ධය සලායතන හරහා ‘මගේ කකුල හා මගේ වේදනාවක්’ බවට පත්කරයි. මෙහිදී සිදුවන දැනීම හෙවත් මගේ කකුල මේසයේ වැදී දැනෙන වේදනාව බවට පත්වී ‘සලායතන මට්ටමේ දිට්ඨ සුත මුත විඤ්ඤාතය – ලෞකික හෙවත් අනාර්ය වොහාරය’ ඇතිකරයි. සත්වයා හෙවත් මම ඇතිවන්නේ මෙම සලායතන මට්ටමේ දැනීම තුලයි. සමුදය යනු මෙසේ සත්වයා ඇතිකරන සලායතන මට්ටමේ දැනීමයි.
සච්චවිභංග සූත්‍රදේශනාවේ ‘ඛන්ධානං පාතිභාවෝ අයතනානං පටිලාභො, අයං වුච්චතාවුසො ජාති’ ලෙස සඳහන්වන්නේ මෙසේ සලායතන මට්ටමේ දැනුම නිසා ‘මම’ සත්වයාගේ හෙවත් ජාතිය ඇතිවීමයි. සියළු දුකට හේතුව මෙසේ ‘සංඛතය’ තුල ඇතිවන ජාති නැමති සත්ව-පුද්ගල දෘශ්ටියයි.
මෙම ලිපියේ අඩංගු කරුනු හා එම කරුනුවල දිගුවකට ඔබට ‘ස්කන්ධයේ උදය-වය දැකීම, නිවන- අනිමිත්ත චේතෝවිමුක්තිය‘ නැමති YouTube ධර්ම සාකච්ඡාව තුලින් සවන්දිය හැකිය. එයට පිවිසීමට පහත සඳහන් link එක භාවිතා කරන්න.
ඔබට තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
2024 ජූලි මස 31 වනදා
Sent from Tissa’s Phone