ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අහිමි කරවන අවබෝධතා ගිවිසුම් 10ක් අත්සන් කිරීමට “මෝදි – රනිල්” සැරසේ – විමල්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
Posted on July 31st, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

එළඹෙන අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ස්වෛරීභාවය අහිමි කරවන අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීමට සැරසෙන බව සර්වජන බලය විධායක කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඊට ඉඩදී නිහඩව සිටියහොත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් මෙන් ඒවායින් ද ගැලවීමට ඉදිරියේදී බලයට එන කිසිදු ආණ්ඩුවකට නොහැකි වන බවත්, ඒ අවබෝධතා ගිවිසුම් දහය තැබීම වැළැක්වීම පිණිස මේ රටේ සියලු දේශපාලන ව්‍යාපාර වාදභේද පසෙක ලා එක්සත්ව එකමුතුව කටයුතු කළ යුතු බවත් ඒ මහතා අවදාරණය කර සිටියි.

ඊයේ(30) බෙරැල්ල පිහිටි සර්වජන බලය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress