පළමුව හිස් භාණ්ඩාගාරය පුරවමු.
Posted on August 2nd, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

පළමුව හිස් භාණ්ඩාගාරය පුරවමු.

කාලය ගොඩාක් වටිනවා!

ඒක නිසා අපි කෙලින්ම මාතෘකාවට බහිමු.

“මැතිවරණය හා මැතිවරණ පොරොන්දු” අපේ මාතෘකාවයි.

ජනාධිපතිවරණ පොරොන්දු දෝරෙගලාගෙන රටම යටවේගෙන යන අවස්තාවක් මේක.

මේ කිසිදු මැතිවරණ පොරොන්දුවක එම පොරොන්දු ඉටුකරන ආකාරයක් සම්බන්ධව කිසිදු සඳහනක් නැහැ.

පොරොන්දුවිම හා පොරොන්දු ඉටුකිරීම යනු කාරනා දෙකක්.

පොරොන්දුවිම ඉතා පහසු දෙයක් වෙන අතර එය ඉටුකිරීම ඉතා අපහසු දෙයක්.

පොරොන්දුවිමට අවශ්‍යවන්නේ, හොඳ වාග් විලාශයක් වන අතර පොරොන්දු ඉටුකිරීමට විශාල මුදල් කන්දරාවක් අවශ්‍ය වේ. ගැටලුව ඇත්තේ මේ මුදල් කන්දරාව සොයාගන්නේ කොහොමද? යන අභියෝගය මතයි.

අපට ඇත්තේ හිස් භාණ්ඩාගාරයකි. ඒ බව ප්‍රකාශිතය.

දැන් ගැටලුව ඇත්තේ මේ භාණ්ඩාගාරය පුරවන්නේ කෙසේද යන ක්‍රියාදාමය පදනම්වය.

අපට අවශ්‍ය වන්නේ පොරොන්දු නොව, භාණ්ඩාගාරය පුරවන ආකාරය සම්බන්ධව දේශපාලඥයින්ගේ ක්‍රමවේදයයි. එම ක්‍රමවේදය රටේ ජනතාව පිඩනයට පත්කිරීම හෝ නොකිරීම සිදුකරන බැවින් පළමුව ඒ ක්‍රමවේදය රටට ඉදිරිපත් කලයුතුය.

මේ සම්බන්ධව අපට සුපැහැදිලි ක්‍රමවේදයක් ඇත. අපේ ක්‍රම වේදය පදනම් වන්නේ,

” ජනතාව විසින් නඩත්තු කරන භාණ්ඩාගාරය වෙනුවට භාණ්ඩාගාරය විසින් නඩත්තු කරන ජනතාවක්” යන සංකල්පය මත පදනම්වය. එම ක්‍රමවේදය ඔබ තුලද තිබිය යුතුය. සිතන්න! සිතන්න! සිතන්න! ඔබත් අපිත් එකතුව ඒ සම්බන්ධව පසුව කතා කරමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress