අපිත් හැදුවේ බංගලාදේශය අරගලය වගේ මෙහෙත් කරන්නයි.. නූලෙන් මිස් වුනා..- ලාල් කාන්ත
Posted on August 6th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

බංගලාදේශ අරගලය මෙන් මෙරට පාර්ලිමේන්තුවද අල්ලා ගැනීම සඳහා පහුගිය අරගල සමයේ අවස්ථාවක් තිබූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

ගාලු මුවදොර අරගලය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා දැමූ පසු වහාම අරගලය පාර්ලිමේන්තුවට හැරවිය යුතුව තිබූ බවද හෙතෙම කියා සිටියි.

තම පක්ෂය එම එම කාර්යය සඳහා මූලිකත්වය ගත් නමුත් තැන තැන විසිරී පැතිරී සිටි අරගලයේ සිටි නායකයන් යැයි කියාගත් විවිධ අය එය වළක්වා ලනු ලැබූ බවද හෙතෙම පැවසුවේය.

අනතුරුව ඉතුරු පාර්ලිමේන්තුවෙන් බිඳ වැටුණු කුළුණ යළි ගොඩනැගුණු බවත් හෙතෙම එහිදී කීය.

අවසානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් පන්නා දැමූ අරගලයෙන් සත පහක වැඩක් නොවූ බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පලකරන ලද්දේ දේශීය ආදම් වෘත්තිකයන්ගේ 16 වන සමුළුව න් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress