මාලිමා ආණ්ඩුවේදී නිවෙස්වල කුස්සිය ඉවත් කරනවා.. ආහාර පිටතින් උයා දෙනවා..- ලාල් කාන්ත
Posted on August 10th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ඉදිරියේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ නිවාස සඳහා මුළුතැන්ගෙයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
නිවසක කුස්සියේ ආහාර පිසීමක් සිදු නොවන ඇති බවද පැවසු ඔහු ඉදිරි නිවාස සැලසුම් වලින් කුස්සිය ඉවත් කරන බවත් පැවසීය.
ආහාර විසීමේ කටයුත්ත නිවෙසින් පිටතට ලබා දිය යුතු බවද හෙතෙම කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් පවත්වන ලද ජන හමුවක් අමතමිනි.
ඒ සඳහා ඉදිරි මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.