වඩ්ඩමාන පබ්බත විහාරය සම්බන්ධ නඩුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අද දුන් තීන්දුව
Posted on August 10th, 2024

LANKA LEADER

අද දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වඩ්ඩමාන පබ්බත විහාරය සම්බන්ධව වූ SCFR 133 / 23 නඩුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගරු ඒ එම් ඩී නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි යන ශ්‍රේශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර දී, ඉන් අනතුරුව පහත සඳහන් කොන්දේසිවලට යටත්ව නඩුව සමථයකට පත් කරන ලදී.

ඉන් කිහිපයක් වන්නේ, වඩ්ඩමාන පබ්බත විහාරය සහිත භූමි ප්‍රදේශය, පුරාවිද්‍යා භූමියක් ලෙස එහි කිසිදු වෙනස් කිරීමක්, විනාශයක්, සිදු නොකොට පවත්වාගත යුතු බවත්; ඉහත කොන්දේසියට යටත්ව සියලු ආගමික වැසියන්ට ආගමික නිදහස සුරක්ෂිත විය යුතු බවත්; වඩ්ඩමාන පබ්බත විහාරයට අදාළ සියලුම මහේස්ත්‍රාත් නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා සොයා බලා කඩිනමින් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාදීමටත්, ඊට අදාල අනෙකුත් පියවර ගැනීමටත්; මෙම කොන්දේසි යම් පාර්ශ්වයක් කඩකලහොත් දැඩි නීතිමය පියවර නීතිපතිවරයා පියවර ගතයුතු බවටත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ධනූෂි කළුපාන සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ දර්ශන වේරදුවගේ මහතා පෙනී සිටි අතර, ගරු නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් නවාවි මහතා පෙනී සිටිය අතර, 22 හා 23 වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනගීෂ්වරන් මහතාත්, ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙනුවෙන් නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ මදුමාලි අල්විස් මහත්මිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ චරිත සිරිවර්ධන මහතාත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වෙනුවෙන් නීතිඥ රාජා ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතාත් පෙනී සිටියහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress