ප්ලෙන් වලින් මල් අදින්න පුතානෝගෙ පියානෝගේ බෑණා ශ‍්‍රී ලන්කක් අධ්‍යක්‍ෂ මණ්ඩලයට..
Posted on August 11th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය වල පල්ලට යවන්න රාජපක්ෂවරුන් කළ කී දේ ගැන සියලු දෙනාට තාමත් මතක තිබුණත් ඥාති සංග්‍රහය ආරම්භ කළේ පියාණෝ බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ යූ ටියුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

‘අපිට මතක රාජපක්ෂලාගේ ඥාති සංග්‍රහ විතරයි. ඒත් මුලින්ම ජාතික ගුවන්සේවයට ඥාති සංග්‍රහ කළේ පියාණෝ තමයි.

ඒ තමන්ගේ බෑනා 1990 ගණන් වල මුල් භාගයේ එයාර් ලංකා අධ්‍යක්ෂක මණ්ඩලයට පත් කරමින්. ඔහුගේ බෑනා ඉන්නේ මල් වෙළඳාමේ. ඉතිං එයාර්ලංකා ගුවන්යානා තමයි ඒ කාලෙ ඔහුගේ මල් වෙළඳාමට භාවිතා කළේ.

1991 එවක ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයේ තිබූ අල්ලස් චෝදනා වලින් කිහිපයක්ම ඔහුගේ බෑනාට ඇතුළු ඥාතීන්ට ලබාදුන් වරප්‍රසාද හේතුවෙන් එල්ල වූ ඒවා වුණා’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress