මා ජනාධිපති වුනාම ඉන්ධන, විදුලි ගාස්තු අඩු කරනවා..ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක
Posted on August 17th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ඉන්ධන හා විදුලි ගාස්තු අඩු කරන බව එම අපක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
මේ වන විටත් ඊට අදාළ සැලසුම් සකස් කර අවසන් බවද බවද ඔහු කියා සිටියේය.
ගුණාත්මක ඖෂධ අඩු මිලකට ලබාදෙන සැලැස්මක්ද සකසා ඇති බවත් පැවසූ තම ආණ්ඩුවක් යටතේ පාසල් උපකරණ සඳහා පනවා ඇති භාණ්ඩ හා සේවා බද්ධ ඉවත් කර දමන බවද කියා සිටී.
ඉන් අහිමිවන බදු ආදායම උපයා ගැනීම සඳහා බදු ඉතාමත් සරල කර ඊට අදාළ බදු සැලැස්මක් සකස් කරන බවද හෙතෙම තවදුරටත් කියා පැවසුවේය.
ජාතික ජන බලවේගය විසින් තංගල්ල නගරයේදී සංවිධානය කර තිබූ ජනරැුලියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.
අනුර දින්නාම විධායක ජනාධිපතිකම අහෝසියි.. විධායක බලය අරන් පාර්ලිමේන්තුවට..
ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
එයද අතුලත්වය ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ක්ෂේත්‍ර හතළිහක් ආවරණය වන ප්‍රතිපත්ති ප්රකාශනය එළඹෙන 26 වැනිදා එළිදක්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට විධායක බලතල පවරමින් සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දෙන ප්රජාතන්ත්රවාදය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් නව ආණ්ඩුව යටතේ බිහි කරන බවද හෙතෙම කියා සිටියි.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන තේමාව යටතේ මෙම ප්‍රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි ද පැවසූ ඔහු යහපත් රාජ්‍ය පාලනය, වංචා දූෂණ නතර කිරීම හා ජාතිවාදය නතර කිරීම ඇතුළු කරුණුවලට මෙහි ප්‍රමුඛකත්වය ලබා දී ඇතැයිද කියා සිටියේය.
රටේ ආර්ථිකය මුළුමනින්ම යථාවත් කිරීම සම්බන්ධයෙන් මෙම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අවධානය යොමු කර ඇති බවත් කෘෂිකර්මය, කර්මාන්ත, ධීවර, වැවිලි හා ආයෝජනය අාදී ක්ෂෙත්රවලින් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්නද එහිදී අවධාරණය කරන බවද කියා සිටියේය.
මාලිමා ඇමතිලාට උපදේශක මණ්ඩලයකුත් පත් කරනවා…
ඉදිරියේ පිහිටවනු ලබන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කැබිනට් අමාත්‍ය දුර සංඛ්‍යාව විසි පස්දෙනකුට සීමා කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
එම අමාත්‍යවරුන් සඳහා උපදෙස් ලබා දීමට වෙනම උපදේශක මණ්ඩලයක් පත්කරන බවද ඔහු සදහන් කරයි.
එම උපදේශකයන් අදාළ විෂයන් සම්බන්ධයෙන් විෂය ප්‍රවීණයන් වනු ඇති අතර එම අමාත්‍යංශයෙන් ඉදිරියේදී ගනු ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් විසින් උපදේශ ලබා දෙනු ඇතැයි ද කියා සිටියේය.
කොළඹදී එම පක්ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව පැවසුවේය.