ජාතික සිහිනය | වරෙල්ලා දියසෙන් ඇවිල්ලා…
Posted on August 19th, 2024

කවි සංකල්පනාව හා පැබදුම හෙති රාක්ෂශ අකුරු කරණය පාලිත ආරියරත්න


වරෙල්ලා දියසෙන් ඇවිල්ලා…
මම මුහුණු පොතේ දැක්ක දියසෙන් ඇවිල්ලා අපිව බේරගන්න ඇවිල්ලා
වරෙවු වරෙවු අපේ නායකයා ඇවිල්ලා
උඹලා නිදාගෙනද ?
මේ අපේ දියසෙන් හඳහනේ තියෙනවා මේ ඔහුම කියලා
මේ එයාම තමයි . මාර අත්භූත කෙනෙක් මෙයා…
අරවා මේවා ඔක්කොම බලලා තියෙනවා දැනටමත් ප්‍රසිද්ධයි
මෙයා පොත් පෙරලලා නැහැ පොත් ලියා තිබෙනවා
මෙයා අනාගතේ මේ රට බේරාගන්නවා …

ආ…..මොකක්ද මේ ඔල්මාදයක්ද ,හාමුදුරුවෝ පිරිසක් හා ගිහියන් එකට හිටියා…

සත්‍ය වටහා දෙන කවි පන්තියක් ඇතින් ඇසේ

කෝ මේ හොර දියසෙන් කැ…යෝ…
කවි කියවන්නාගේ උගුර බැරැන්ඩි වී හිරවුන නිසා මැද අකුරු අසුනේ නැත. කැ…යෝ…කියා අසුනේය…

දිය සෙන් මාරු සෙන් එඩි සෙන්    කියමින්
විරු සෙන් ගඳ සෙන් ඔඩමින්          වඩමින්
කියමින් දොඩමින් යැපුමෙන් බොරුවෙන්
නගිමින් අනුනගේ කරමිට             මතනින්

බොරුවෙන් බඩගිනි නිමනින් යතතින්
දියසෙන් දුටුවෙමු ගඳ සෙන්    විලසින්
ගඳ සෙන් හැසිරෙමි දියසෙන්  විලසින්
නුවනුන් දුටුවෙමි මරු සෙන් එලෙසින්

බොදු සෙන් කරමින් නගිමින් ගමනින්
ගුවෙන් කා බොරු මතිනින් යැපෙමින්
අනුන්ගේ බඩවත ඉරමින්        කමමින්
බෝකුවැල් බුදිමින් දියසෙන් කියමින්

රඟමින් රැඟුමෙන් බොරුවෙන් දිනමින්
දියසෙන් කියමින් ගැරුමෙන් රැකුමෙන්
රවටන රටකන දියසෙන්     කෙරුමෙන්
දුටුවද ඒ බලු හොරසෙන්             යසමින්

අතීත රාවණ ශක්තිය          ඇත්තේ
බොටුවෙන් පරදමි මිතුරනි  පරයන්
දීපන් චන්දේ මමයි             රජා දැන්
දිව්රමි මේ හෙළ සුරකමි බැතියෙන්

මමයි රජා මේ රට මතු                      කියමින්
ඔබයි ගොනා මට බැලකම්               කරමින්
මුහුණු පොතේ කල මගේ බොරු රැඟුමෙන්
බොරුවෙන් ඇන්දුවා ගොන්තොට සියලුන්

කෝ මේ ජර මර දියසෙන්           වනසෙන්
හොරෙන් කකා හොර කහවනු  බැතියෙන්
මෙහෙවූ එකා ගෙරි බල්ලෙක්        විලසින්
පහරනු දුටුවෙමි බලු විලසින්         හැමතන්

මතුයම් දිනයක මේ රජ                          එනකන්
ඉන්න එකා ගොන් හරකෙක්                 කියමින්
මෙතුවක් ලියු කවි කෙටියෙන්                ලියමින්
ඇනපිය බොරු දියසෙන් දුටුවොත් කෙටියෙන්

ජාතිය ගොනාට අන්දන හොර දියසෙන්ලාගෙන් බේරෙමු
අදවනවිට ඔබව මෙතුවක් කල් රැවටු මේ එකෙකු අද ඔබ හට නැහැ කාගේ හරි චන්දෙ පොලිම්කදී ඔවුන්ව ඔබට හමුවීමට නියමිතයි.

දියසෙන් තිඹිරි ගෙදරදීම මරාදමා ඇත. ඉපදී සිටින හොර දියසෙන්ලා ඔබව ගොනාට අන්දවා ඇත.

කවි සංකල්පනාව හා පැබදුම හෙති රාක්ෂශ
අකුරු කරණය පාලිත ආරියරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress