Presidential Election Hallucinations
Posted on August 19th, 2024

Lankaweb Special Political Cover

Hallucinations are where you hear, see, smell, taste or feel things that appear to be real but only exist in your mind.

මා ජනාධිපති වීම ස්ථිරයි.. ප‍්‍රතිශතය 70%ක් විය හැකියි..- අනුර

උපුටාගැන්ම ලංකා සී නිව්ස් 20/08/2024

ඉදිරි ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය ස්ථිර වශයෙන්ම 50% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඇතැම් විට එයට 60-70% දක්වා වුවද ඉහල යා හැකි බවත් හෙතෙම පැවසීය.

පැලවත්තේ පිහිටි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ගෝඨාභයගේ ලක්ෂ 69න් ලක්ෂ 50ක්ම සාම්ප්‍රදායික පොදුජන පෙරමුණු පාක්ෂිකයා නොවෙයි. සජිත්ට ලැබුණ ලක්ෂ 55 සජිත්ගේම ඡන්ද නොවෙයි එතන තිබ්බේ ගෝඨාභයට එරෙහි ඡන්ද. පක්ෂවලට ලියවිලා නැති ඡන්ද ලක්ෂ 80කට වඩා තියෙනවා. ලක්ෂ 12ක් අලුත් ඡන්ද තියෙනවා. ඒ නිසා NPP එකට ලක්ෂ 70 ඉක්මවන්න පුළුවන්. NPP 51% ඉක්මනවා. දේශපාලනිකව බලද්දි 60% – 70% ට කිට්ටු වෙන්නත් පුළුවන්”

මා ජනාධිපති වන බවට සමීක්‍ෂණ තොරතුරු ලැබුනා..

උපුටාගැන්ම ලංකා සී නිව්ස් 20/08/2024

සියළුම සමික්ෂණ වාර්තා අනුව මේ රටේ සියළුම ජාතින් එක්ව සමගි ජන සන්ධානය ජයග්‍රහණය කරවන බවට තොරතුරු ලැබි ඇති බව ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතා ඒ බැව් කියා සිටියේ (19) දින නාවලපිටිය බස් නැවතුම්පොලේ පැවති විජයග්‍රාහී ජන රැළිය අමතමණි.

මෙම රැළිය සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් සංවිධානය කර තිබු අතර, මෙම රැළිය සදහා පා.ම තිස්ස අත්තනායක, පා.ම ලක්ෂ්මන් කිරිඇල්ල , පා.ම රවුෆ් හකිම්, පා.ම වි.රාධාක්‍රිෂ්ණන් , සුජිව සේරසිංහ යන මහතුන් සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

තරුණ නාමල් ජනාධිපති කරවන්න තරුණ තරුණියන් මග බලාගෙන ඉන්නේ..

lanka C news

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තිබූ කුණු ගොඩවල් ඉවත්ව ගොස් ඇති බවත් දැන් ඉතිරී සිටින්නේ ඉතා පිවිතුරු පිරිසිදු පොදුජන පෙරමුණක් බවත් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

අද වන විට මෙරට සුවහසක් තරුණ තරුණියන් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට මඟ බලාගෙන සිටින බවද ඔහු කියා සිටියි.

ඉතිහාසයේ කිසි දිනක අවුරුදු හතළිහකට අඩු පුද්ගලයකු ජනාධිපති කරවීමේ අවස්ථා උදාව නැති බවත් එය මෙවර ලැබී ඇති බවත් හෙතෙම පැවසීය.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

“ලාල්ගෙ කුස්සි කතාවට දැඩි විවේචන” – “මේකාට මතක නෑ අම්මලා කන්න දුන්න හැටි” – Hiru News

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress