ලොකුම බොරුව අනුර කරන හැටි දිලිත් හෙලි කරයි…
Posted on August 21st, 2024

Aruna

ජනාධිපති අපේක්ෂකයන් අතරින් වැදගත්ම චරිතය වන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක යනු ව්‍යාජම දේශපාලන ආක්‍යානය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල සිය පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති විද්වත් සහ ව්‍යවසායක හමුව අමතමින්ය.

කනගාටුයි කියන්න. අනුර කුමාර තමයි ලොකුම බොරුව කරන්නේ. මොකද ඔහු ඍජුවම ආණ්ඩු දෙකක ඉඳලා තියෙනවා. වක්‍රව හැම ආණ්ඩුවකටම වගේ උදවු කරලා තියෙනවා. එහෙම ඉඳලා මේ රටේ වෙනසක් කරන්න පෞද්ගලිකව මන්ත්‍රිවරයෙක් වශයෙන්වත් යෝජනාවක් ගෙනාවේ නැති පුද්ගලයෙක්.”යැයිද හෙතෙම කිවේය.

එම නිසා සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ වෙනසක් ඇති කළ යුතු ආකාරය පිළිබඳ සංකල්ප විද්වත් සංවාදයකින් ඉදිරිපත් කිරීම මිස පරණ පුරුදු විදියටම මිනිසුන් රැවටීම නොවන බවද ඔහු සඳහන් කළේය.

මේ සමාජය පසුගියදා ඉල්ලා සිටියා වෙනසක්. ඇත්තටම සද්භාවයෙන් අරගලයට සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණයන් ඇතුළු ජනසමාජයේ විශාල කොටසක් දේශපාලනයේ පරිවර්තනයක් අපේක්ෂා කළා. ඒ කියන්නේ වෙනසක්. දැන් මට ඔබෙන් අහන්න තියෙන්නේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කවුරුත් මේ ගැන හිතුවාද.නැහැ, දැන් ඔන්න ජනාධිපතිවරණයක් ඇවිල්ලා තියෙනවා. මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 40ක් විතර ඉදිරිපත් වෙලා තියෙනවා. මින් ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් 5ක් විතර ඉන්නවා.

එලෙස ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් ඔය පළවැනි පහේ ඉන්නවා කියලා කියන අපේක්ෂකයන් අතර සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ ඉන්නවා. බැලු බැල්මට මෙතන තියෙන වෙනස මොකද්ද? මේ ඔක්කොම ලංකාවේ පාර්ලිමේන්තුවේ අඩුම වසර 20ක් ඉඳලා තියෙනවා. මේ හැමෝම කැබිනට් ඇමැතිවරු වෙලා ඉඳලා තියෙනවා. අනුර කුමාර ලංකාවේ හිටිය බලවත්ම කැබිනට් ඇමැතිවරයෙක්. ඔහුට තරම් බලවත් කෘෂිකර්ම අමාත්‍යාංශයක් කවදාවත්ම හම්බ වෙලා නැහැ. නාමල් කුමාරයත් එහෙමයි. ඔහුට අමාත්‍යාංශ පහක් දුන්නා. අන්තිම කාලයේදී ඒ අමාත්‍යාංශ පහ බලාගන්න උඩින් පහ නෙවේ සියලුම කැබිනට් ඇමැතිවරුන්ව අධික්ෂණය කරන්නත් තනතුරක් හදලා දුන්නා. දැන් මේ අය තමයි ඇවිත් කියන්නේ අපි යම් යම් වෙනස්කම් කරන්න ඕන කියලා. මේ රට මෙතරම් දුෂිත වීමට හේතුවක් වුණේ සමානුපාතික මැතිවරණ ක්‍රමය.මේ දුෂිත දේශපාලනය වෙනස් කරන්න ඔවුන් එක මොහොතකවත් යෝජනාවක් ඉදිරිපත් කරලා නැහැ. ගෙනාපු යෝජනාවලට විරුද්ධ වුණා ඇරෙන්න. දැන් අර ඒ ආසනයට වග කියන මන්ත්‍රිවරයෙක් බිහි කර ගත යුතුයි කියන සංකල්පය යෝජනා වෙලා තියෙනවා. දැන් ඒකටත් මේ අය විරුද්ධයි. ඇයි මේ දුෂිත දේශපාලනයේ ඔවුන් කොටස්කරුවන් නිසා.

මේ ලංකාවේ මිනිසුන්ට සරලවම එක දෙයක් කියන්න ඕන. වෙනසක් ඉල්ලා සිටිනවා. ඒ වෙනස මොකද්ද? ඒ වෙනස තමයි ඔබේ ජිවිතයේ වෙන වෙනස. දැන් අපි අහන්නේ මේ රටේ මිනිසුන්ගේ ජිවිත වෙනස් වෙන්නේ කොහොමද? වෙනස් වෙන ක්‍රමය මොකද්ද? මේ හතර දෙනාම ඊයේ මංගල රැලි පැවැත්වුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් තමන්ගේ කතා පැවැත්වුවා. රනිල් වික්‍රමසිංහ මහතා ගෑස් ටැංකියක් ගෙනල්ලා ගෑස් ටැංකිය පුපුරන්න පුළුවන්, ආයේ පෝලිම් එයි කියලා මිනිස්සු බය කරලා ඡන්දය ගන්න හදනවා .පෝලිම් ඇති කරපු අයත් එක්ක එකතු වෙලා. දැන් කොහොමද මේක කරන්නේ. දැන්  ලංකාව දියුණු වෙනවද පෝලිම් ආයේ එනවා කියලා බය කර කර කතා කරාම. වෙන්නේ නැහැ. ඒ වගේම සජිත් ප්‍රේමදාස කියාගෙන ගියා ලැයිස්තුවක් අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන ආකාරය ගැන. ඒක උසුළු විසුළු සහගතයි. වැඩපිළිවෙළක් ගැන ඒකේ කිව්වේ නැහැ.

දැන් ඒ වගේම අනුර කුමාර. ඔහු කියනවා අපි ඉන්ධන මිල අඩු කරනවා, අපි ආවාම පොත් පත්වලට ගහපු වැට් එක අයින් කරනවා. මේ වැඩේ කරන්න ජනාධිපති කෙනෙක් ඕන නැහැ. මේකද ජනාධිපතිවරයකු වශයෙන් ජනතාවට කිව යුතු දේ. මේ රටට දර්ශනයක් අවශ්‍ය නැද්ද. මේ රටට උපායමාර්ගික වැඩපිළිවෙළක් අවශ්‍ය නැද්ද? මේ රට ඉල්ලා සිටින සාධනීය පරිවර්තනය සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතු නැද්ද? මේ රටේ මිනිස්සු මෝඩයින් ලෙස සලකා අර පරණ පුරුදු දේම කියනවා නම් ඒක අපි නිවැරදි කර ගන්න ඕන.

ඒ නිසා තමයි අපි මේ උපායමාර්ගික වැඩපිළිවෙළේ ජනතා අදහසුත් අරගත්තට පස්සේ දෙවැනි කෙටුම්පතත් ඔබ වැනි විද්වතුන්ට ඉදිරිපත් කරලා තියෙන්නේ. එහි අපි යෝජනා කරලා තියෙන සංකල්පවලින් වඩා වැදගත්ම සංකල්පය තමයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරිය. මින් අපි යෝජනා කරන්නේ ජාතික ප්‍රමුඛතා හා අරමුණු ජය ගැනීම වෙනුවෙන් නිශ්චිත උපායමාර්ගික කාලරාමුවක් සහිතව ඉලක්ක කරා මෙහෙයවන මධ්‍යම අධිකාරියක්. මෙන්න මේ ගැන අපි සංවාදයක් කළ යුතුයි.

මේ රටේ මෙච්චර කල් සිදු වුණු විශාලතම ප්‍රශ්නය වන්නේ ඒ ඒ අමාත්‍යාංශ ඇමැතිවරුන්ට ඕන විදියට වසර පහ තුළ ඒ ඒ එන විදියට සමහර වෙලාවට ඒ වසර 5 තුළ ඇමැතිවරුන් පස්දෙනෙක් ඉඳලා තියෙනවා. සමහර වෙලාවට අටදෙනෙක් ඉඳලා තියෙනවා. අටපාරක් වෙනස් කරලා තියෙනවා. එතකොට මේ රටේ මිනිසුන්ගේ වෙනස සඳහා අපි යෝජනා කරන මධ්‍යම උපායමාර්ගික සැලසුම් අධිකාරිය. මේක සංවාද කරන්න ඕන. මේ අධිකාරිය නිසා ඔබගේ ජිවිත වෙනස් වෙනවා. එතකොට සියලුම අමාත්‍යාංශ වැඩ කරන්න ඕන. එක තැනක ඉඳලා ඒ ගැන උපායමාර්ග හදලා අධ්‍යාපනයද, කෘෂිකර්මයද මේ සියල්ල උපායමාර්ගිකව වෙනස් වන වැඩපිළිවෙළක් ඕන. මේ රටේ ඇමැතිවරුන්ට ඕන ඕන විදියට සෙල්ලම් කරන්න බැරි වෙන්න වැඩ කරන්න ඕන, මේ ඇමැතිවරු උදේට නැගිටලා එකක් හිතෙනවා හවසට නින්දට යනකොට තව එකක් හිතෙනවා. ඒක නැති කරන්න නම් රටට අවශ්‍ය වෙනවා මේ අධිකාරිය. ඒ නිසා මේ ගැන හිතන්න. මේ ලැබුණු අවස්ථාව නිකන් අත හරින්න එපා. බුද්ධිමත්ව හිතන්න.”

– Aruna

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress