අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ත්‍රෛපාර්ශවික ගිවිසුමට එළඹිලා සේවකයන් මෙන්ම ව්‍යාපාරත් රැක ගැනීමට හැකි වුණා.
Posted on August 22nd, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ත්‍රෛපාර්ශවික ගිවිසුමට එළඹිලා සේවකයන් මෙන්ම ව්‍යාපාරත් රැක ගැනීමට හැකි වුණා.

–   ලංකා සේව්‍ය  සම්මේලනයේ  හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ කණිෂ්ක වීරසිංහ මහතා

අග්‍රාමාත්‍යවරයා සේවකයන්ගේ රැකියා ආරක්ෂා කර දීම අරමුණු කර ගනිමින් ඒ සදහා කාර්ය සාධන බලකායක් ඇති කිරීමට කටයුතු කළා. 

කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයෙක්ව සිටි මහින්ද මඩිහේවා මහතා

ත්‍රෛපාර්ශවික එකගතාවයට අපිට එන්න බැරි වුනානම් විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ හැකියාවක් තිබ්බා.

–   කලාප හා පොදු සේවා සංගමයේ සමලේකම් මාක්ස් ඇන්ටන් මහතා

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහතා විසින් රචිත “ත්‍රෛපාර්ශවික එකගතාවය” කෘතිය ජනගත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.08.21 දින  බත්තරමුල්ල, ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

එහිදී ප්‍රධාන දේශනය කළ, කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයෙක්ව සිටි මහින්ද මඩිහේවා මහතා,

“පළමු  කොරෝනා රැල්ල හමුවේ සංචාරක කර්මාන්තය මුළුමනින්ම කඩා වැටුණා.  ඒ වගේම සේවකයන් සේවයට වාර්තා කිරීම නැවතුණා.  මෙම ග්‍රන්ථයේ කතුවරයා එහි බැරෑරුම්කම සංඛ්‍යා ලේඛන වලින් ඉතාමත් පැහැදිලි ලෙස විස්තර කරලා තියෙනවා. සේවකයින්ට වැඩට පැමිණීමට නොහැකි තත්ත්වය  මත හාම්පුතුන්ට  ව්‍යාපාර පවත්වා ගැනීම දුෂ්කර වුණා. ව්‍යාපාර හා කර්මාන්ත පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයට පත් වුනා. මේ අනුව 2020 මැයි වන විට සේවකයින් 65%  පමණ සේවය අහිමිවීමේ තර්ජනයකට මුහුණ දුන්නා. කර්මාන්ත ශාලාවලින් ඉවත් කිරීමට සිදුවුණා. ඒ අවස්ථාවේදී

ගරු අග්‍රාමාත්‍යතුමා සේවකයන් ලක්ෂ 35 පමණ  තම රැකියාව හිමිකර දීමට සක්‍රීය ලෙස දායක  වුණා. එතුමා මේ සඳහා කාර්ය සාධන බලකායක් ඇතිකළා. කම්කරු ඇමතිතුමා හැටියට එම මොහොතේ ගරු අග්‍රාමාත්‍යතුමා ඔවුන්ගේ  රැකියා  සුරක්ෂිත කර දී එම පවුල් ආරක්ෂා කරදීමට සමත්වුණා.”

කෘතියේ කර්තෘ ප්‍රියන්ත රණසිංහ මහතා.

“පර්යේෂණාත්මක කාර්යයක් ඉටු කරමින් කොරෝනා සමයේ ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික අංශයේ 35 ලක්ෂයක රැකියා ආරක්ෂා කරගැනීමේ කතාව අද දවසේ කළඑළි බස්වන්නයි මේ සුදානම් වෙන්නේ.

එකල කලාපයේ ප්‍රබලයා වන ඉන්දියාවේ මෙන්ම බටහිර රටවලද  රැකියා අහිමි වෙනවා අපි දුටුවා. මේ අනුව ලංකාවේ වෘත්තීය සබඳතා  සාකච්ඡා කරන්න ඕන වුණා. එකළ කම්කරු අමාත්‍ය වර්තමාන ගරු අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිදුකල සේවය සහ කැපවීම මෙම කෘතිය මගින් එළිදැක්වෙනවා.

ශ්‍රී ලංකාව ලෝකයටම ආදර්ශයක් සපයමින්  රැකියා 35න් ලක්ෂයක් රැකදීමේ ත්‍රෛපාර්ශවික  එකඟතාවයේ වැඩපිළිවෙළ ලෝකයට මෙමඟින් නිරාවරණය වෙනවා.” 

කලාප හා පොදු සේවා සංගමයේ සමලේකම් මාක්ස් ඇන්ටන් මහතා.

කොවිඩ් කාලය අපි මුහුණ දුන්න ප්‍රධාන ප්‍රශ්න තුනක් තිබ්බා. සේවකයන් කෝවිඩ් උවදුරෙන් ආරක්‍ෂා කර ගන්නේ  කොහොමද කියලා. දෙවෙනි එක තමයි ඔවුන්ගේ රැකියාවන් සුරක්ෂිත කරගන්නේ කොහොමද කියලා. තුන්වෙනි එක තමයි ඔවුන්ගේ ආදායම සහතික කරගන්නේ කොහොමද කියලා.  ඒ අවස්ථාවේදී එවකට හිටපු කම්කරු අමාත්‍යතුමා ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා සහ අපේ වෘත්තීය සමිති ඒ වගේම සේවා යෝජකයින් දීර්ඝ සාකච්ඡාවක යෙදිලා තමයි අපි එකඟ වුණේ 50% සේවයට කැඳවනවනම් ඉතිරි 50% නිවාසවල රදවන්න .

සති දෙකක් සේවයට කැඳවද්දී ඉතිරි සති දෙක ගෙවල්වල ඉන්නවා. ගෙවල් වල ඉන්න සති දෙක තුළ අවම වැටුපෙන් 50%ක්  හෝ අවම වැටුප වන රුපියල් 14500න් අඩක් ගෙවන්න ඕනි කියල තීරණය කරා. ඒ අනුව ඇත්ත වශයෙන්ම ගෙදර හිටියත් සේවකයින්ට රැකියාවන් සුරක්ෂිත කර ගනිමින් සියයට 75 ක ආදායමක් සහතික කරන්න අපිට හැකියාව ලැබුණා ලැබුණා ලැබුණා. එදා ඒ ගිවිසුමට අපිට එන්න බැරි උනානම් විශාල පිරිසකගේ රැකියා අහිමිවීමේ හැකියාවක් තිබ්බා.

ලංකා සේව්‍ය  සම්මේලනයේ  හිටපු අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ කණිෂ්ක වීරසිංහ මහතා –

අග්‍රාමාත්‍යතුමා දන්නවා කම්කරුවන්ගේ ප්‍රශ්න ඒ වගේම ව්‍යාපාරවල ප්‍රශ්න. ඒ අවස්ථාවේදී එතුමා අපිට මග පෙන්වල දුන්නා. ඇත්ත වශයෙන්ම ඒකට කියන්නේ  out of  box කියලා කියනවා කවදාවත් ලෝකයේ තිබ්බ  ගිවිසුමක් නෙවෙයි මේක.ඒ වගේම විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වලින් නීතිය මත ගිය නැත්තෙ ඇයි කියලා අපිට චෝදනා කළා. නමුත් ඒ වෙලාවේ සේවා යෝජකයින් හැටියට අපි රට ගැන හිතන්න ඕනේ කියන හැඟීම අපිට ඇති වුණා. අපි එක හඬින් කිව්වා ගරු අග්‍රාමාත්‍යතුමා කරපු යෝජනාව පිළිගෙන අපි අපේ රට ගොඩනගමු කියලා.”

මෙම අවස්ථාවට කම්කරු රාජ්‍ය අමාත්‍ය  වඩිවේල් සුරේෂ් , රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණී ගුණවර්ධන, ඒ.එච්.එම් ෆවුසි  ඇතුළු මහජන නියෝජිතයින්, වෘත්තීය සමිති නායකයින් සහ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන්,  විද්වතුන් හා විශාල පිරිසක්  සහභාගි වූහ. 

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress