අනුරට එරෙහිව ඔහුම දිවුරුම් ප‍්‍රකාශ සාක්‍ෂි සපයයි.. ප‍්‍රබල අපරාධ චෝදනාවක් එල්ල වේ..
Posted on August 27th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් ප්‍රකාශය අනුව අනුර දිසානායක මහතා සිදු කර ඇති රාජ්‍ය දේපළ අව භාවිතාවක් තහවුරු වන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවෙකුව හිඳිමින් ඔහු පාර්ලිමේන්තු නිල නිවාසයක්ද ඔහු වෙන්කරගෙන ඇති අතර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා ඔහුට ඇති නුසුදුසුකම තහවුරු කර ඇති බවද සංගමයේ කැඳවුම්කරු රොෂාන් කරවනැල්ල මහතා කියා සිටී.

අදාළ පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව හෙතෙම තම සමාජ ජාලක ගිණුමේ ඊට අදාළ ලිපි ලේඛන හා සම්පූර්ණ තොරතුරු හෙළි කර තිබේ.

අනුරට එරෙහිව ඔහුම දිවුරුම් ප‍්‍රකාශ සාක්‍ෂි සපයයි.. ප‍්‍රබල අපරාධ චෝදනාවක් එල්ල වේ..

අනුර දිසානායකට එරෙහි දූෂණ පැමිනිල්ලේ තොරතුරු
උපුටා ගැන්ම FB

========

අද දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දූෂණ විරෝධි පනතේ 111 වගන්තියේ සදන් වරදක් ගැන පනතේ 43 වගන්තිය ප්‍රකාරව අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව පැමිනිලි කලෙමි. ඊට සාක්ෂි ලේඛන ඔබේ දැනගැනීමට දක්වමි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට මන්ත්‍රී නිවසක් ගන්න තිබිය යුතු සුදුසුකම් පහතින් ඇත. ඒ අනුව ඔහු කරන ඉල්ලීමකින් , නිවාස 120 න් , හිස්ව ඇති නිවසක් හිමිවන්නේ පහත කොන්දේසිවලට අනුවය.

ඒවානම් පාර්ලිමේන්තුවේ සිට සැතපුම් 25 ක් ( ආසන්න කි.මී. 40 ක්) ඇතුලත තමාට හෝ බි කලත්‍රයාට ( බිරිද/සැමියා) ට නිවසක් නැත්නම්, කුලීයට බද්දට දී නැත්නම් ( මහල් නිවාසද ඇතුලුව) පමනි. ඒ බව පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරී මා වෙත තහවුරු කර ඇත. එම ලේඛනය පහතින් ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිවාස ලබාගත් මන්ත්‍රී ලේඛනයේ 42වන නම අනුර කුමාර දිසානායක මහතා ගේ ය.

ඔහු විසින් 2024 ජනාධිපති අපේක්ෂකයකු ලෙස නාමයෝජනා ව සමග ලබාදුන් තම වත්කම් බැරකම් ප්‍රකාශයේ තම බිරිදට 2007.05.20 ,මිලදී ගත් නිවසක්/ ඉඩමක් ගැන සදහන් අතර එය කඩවත වැවහේන පාර ලෙස දක්වා ඇත.

එතැන් සිට පාර්ලිමේන්තුවට සැතපුම් 25 ක් නැත. ආසන්න කි.මී.28.5 කි.

ඒ අනුව 2007.05.20 දින සිට අනුර දිසානායක මහතා මන්ත්‍රී නිවසක් පරිහරනයට නුසුදුසුය. එය තමන්ට හෝ අන් අයකුට වාසියක් වන රජයට පාඩුවක් වන එකකි. එමෙන්ම අයුතු පරිහරනයකි.දූෂණ විරෝධි පනත අනුව දූෂණ වරදකි.

අපේ පැමිනිල්ලක් තුල ඔප්පු කල හැකි දූෂණයක්, වරද කල කෙනෙක්, සිදු වූ අලාභයක්/ ලබාගත් වාසියක් වංක පරිහරනයක්, සිදු වූ කාලය ආදී තොරතුරු නිශ්චිතව ඉදිරිපත් කරමු. මක් නිසාද යත් බොරු පැමිනිලි ඉදිරිපත් කලහොත් 2023 දූෂණ විරෝධි පනත අනුව බොරු පැමිනිලිකරු මාස 06 ක් හිරේ ය.

මෙය අප විසින් සිදුකරන දූෂණ විරෝධි පැමිනිලි 1000න් එකක් පමනකි.අනෙකුත් ජනපති අපේක්ෂකයන්ගේ ද වත්කම් බැරකම් ප්‍රකාශ පරීක්ෂා කරමින් යන අතර ඒවා ගැනද කටයුතු කරමු.

මේ දූෂාන විරෝධි පනත ගෙන එන්නට සටන් කල අපි දැන් එයින් වැඩ ගන්නෙමු. සියල්ල කියවා පනත ද කියවා දායක සභාව මට බැන්නාට කම් නැත. දූෂිතයා නිල් ද රතු ද් කොලද දම් ද කහ ද යන්න අපට අදාල නොවේ.

දර්ශන තන්ත්‍රීගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress