IMF විවාද අභියෝගය සජිත් බාර ගනී… අනුර සද්ද නෑ
Posted on August 27th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ණය ප්‍රති ව්‍යුහගතකරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සජීවී සංවාදයට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද අභියෝගය බාරගන්නා බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් මේ බව සදහන් කර ඇත.
අභියෝගය බාරගන්නා බව සඳහන් කළ ද සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පුද්ගලිකව ඊට සහභාගී වන බවක් නිවේදනයේ පැහැදිලි නැත.
මේ අතර එම අභියෝගය ජනාධිපතිවරයා විසින් එල්ල කරන ලද ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා ඒ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.
