ආර්ථික මොඩලයේ ගැඹුරු වෙනස්කම් නොකර රටේ අර්බුද කිසිවක් විසඳන්න බැහැ… කිසිඳු අපේක්ෂකයෙක් අර්බුදය ජයගත හැකි ආකාරය ගැන කියන්නේ නැහැ – වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
Posted on August 28th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

අද මෙරට තුළ දක්ෂිණාංශික ලිබරල්වාදී මතවාද ශක්තිමත් වී අධිරාජ්‍යවාදීන් විසින් ඉතා සුක්ෂමව එම ව්‍යාපාර මෙහෙයවමින් සිටින අවස්ථාවක ජාතිකවාදී, වාමවාදී ව්‍යාපාර දුර්වල වෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සමසමාජ ජාතික සන්ධානයේ ජනාධිපති අපෙක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා, මහාචාර්ය තිස්ස විතාරණ මහතා  ප්‍රමුඛ නියෝජිතයන් විසින් සංවිධානය කළ එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති කිසිඳු අපේක්ෂකයකු රටේ පවතින අර්බුදය ජයගත හැකි ආකාරය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නොමැති බවත්, මෙම අර්බුදය වර්ධනය කිරීමට දායක වූ පුද්ගලයන් අද මෙම අර්බුදය නමැති රෝගය සුවපත් කරන වෙදුන් බවට පත්ව ඇති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවේ සිහියට නැගෙන්නේ කොසොල් රජු දුටු සිහින දාසය බව යැයි සඳහන් කරන වසන්ත බණ්ඩාර මහතා, සියල්ල උඩු යටිකුරු වී පවතින මෙවැනි වාතාවරණයක ජනාධිපති වී කුමක් කරනවාද යන්න ජනතාව විසින් මෙම අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න කළ යුතු  බව  ද සඳහන් කරයි.

මෙම ආර්ථික මොඩලයේ ගැඹුරු වෙනස්කම් නොකර රටේ අර්බුද කිසිවක් විසඳිය නොහැකි බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress