ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ ”නව නාසිවාදය”
Posted on August 29th, 2024

විමල් පටබැඳිගේ (ශාස්ත‍්‍රවේදී, නීතිඥ, සොලිසිටර්*)

මවුබස සහ ඉතිහාසය නො දැනීම, අමතක කිරීම, ගැරහීම සහ තමන්ගේ මවුපියන් සහ
මුතුන්මිත්තන් කවුරුන් දැ’යි නො දැනීම, නො සලකා හැරීම සහ හෙළාදැකීම අතර වෙනසක් නැත.
ඉතිහාසය අධ්‍යාපන විෂය මාලාවෙන් කපා හැරීම 1965 වසරේ ආරම්භය විය. ලංකා ඉතිහාසය,
ඉන්දියානු ඉතිහාසය සහ යුරෝපා ඉතිහාසය යනුවෙන් පුළුල් විෂය තුනක් ලෙස එතෙක් හැදෑරූ
සිසුන්ට එතැන් සිට ලංකා ඉතිහාසය සහ ඉන්දියානු ඉතිහාසය හෝ ලංකා ඉතිහාසය සහ යුරෝපා
ඉතිහාසය යනුවෙන් එක විෂයයක් විය. 1970 වසරෙන් පසු ඉතිහාසය ”සමාජ අධ්‍යයනය” තුළ
අච්චාරුවක් බවට පත් කරනු ලැබීය. ඉතිහාසයෙන් සහ සාහිත්‍යයෙන් කන්න පුළුවන් දැ’යි ඇසූ
පාලකයන් සිටි රටේ ඉතිහාසය ”රට කෑමට” යොදාගෙන ඇති සැටි නැගෙනහිර පළාතේ ගැටළුව
එළිදරවු කරයි.
දෙමළ ජනයා ඇතුළු ලක්වැසි සියලූ දෙනාට සාමය සහ සැනසුම උදා කරමින් 2009 වසරේ
”දෙමළ ඊළාම් විමුක්ති කොටි” ත‍්‍රස්තවාදය මැඩලනු ලැබීය. වර්ගවාදී දෙමළ වෙල්ලාල පක්‍ෂ සහ
ඊළාම් කණ්ඩායම් එක් වී නව පෙරමුණකින් ඉදිරියට පැමිණ ඇත. ”දෙමළ ජාතික සංධානය” (ඔ්පසක
භ්එසදබ්ක ්කකස්බජැුඔභ්* උතුරු සහ නැගෙනහිර පළාත් වාර්ගික භූමියක් කරගැනීමට මේ දක්වාත්
පවතින පුරාණ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය ඝාතනය, සංහාරය කිරීමේ නිරත වී ඇත. ඇතැම් හින්දු
නොවෙන ටී.එන්.ඒ. ප‍්‍රධානීන් පුරාණ සිංහල බෞද්ධ වෙහෙර විහාර, පුරාවිද්‍යා ස්ථාන විනාශ
කිරීමේ නිරත වෙන්නේ හින්දු ආගමික උන්නතිය සඳහා දැ’යි පැහැදිලි නැත. වර්ගවාදය ජනිත කළ
අයගේ දරුමුණුපුරු පරම්පරාව වර්ගවාදී/ජාතිවාදී උග‍්‍ර අන්තගාමීන් වූ ”නාසිවාදී” වී ඇත. ජාතිවාද
විරෝධී සමහර දෙමළ ජනයා ඔභ් ”දෙමළ නාසි සංධානය” ලෙස හඳුන්වනු ලබයි.
ලෝකයේ බිහිසුණු ම වර්ගවාදියා, ජාතිවාදියා වූ හිට්ලර් යුදෙව් ජනයා සහ ඔවුන්ගේ වසර
දහස් ගණනක් පුරාණ ආගම, සංස්කෘතිය සමූල ඝාතනය කළ, සංහාරය කළ ”මහා නාසි වාදියා”
විය. ඔහුගේ අනුගාමිකයෝ, සහායකයෝ ද ම්ලේච්ඡු ”නාසිවාදියෝ” වූහ. වර්තමාන දේශපාලනයේ
නිරත උග‍්‍ර වර්ගවාදී, ජාතිවාදී වෙල්ලාල නායකයන්, ඓතිහාසික යුගය ආරම්භයේ සිට වසර දෙදහස්
පන්සියයකට වැඩි ඓතිහාසික, ආර්ථික සහ සංස්කෘතික උරුම සහිත සිංහල ජාතික ජනයාට සහ
ඔවුන්ගේ ආගමට, බෞද්ධ සංස්කෘතියට එරෙහි ”ජන ඝාතක”, ”සංස්කෘතික ඝාතක” සහ ”මානව
ශිෂ්ටාචාර විරෝධී” කි‍්‍රයා මගින් ම්ලේච්ඡු නාසිවාදීන් බවට පත් වී ඇත. ඔවුන්ගේ අනුගාමිකයෝ සහ
සහායකයෝ ද නාසිවාදීයෝ ම ය. උතුරු සහ නැගෙනහිර පළාත්වල කි‍්‍රයාත්මක සියලූ දෙමළ
දේශපාලන පක්‍ෂ, සංවිධාන මෙහෙයවන උග‍්‍ර වර්ගවාදී, ජාතිවාදී වෙල්ලාල නායකයන් සහ ඔවුන්ගේ
අනුගාමිකයන් සහ සහායකයන් සියල්ලන් ම ම්ලේච්ඡු ”නාසිවාදියෝ” නාමය ලැබීම නම්බු නාමයක්
ලෙස සලකනවා විය හැකි ය.
ශී‍්‍ර ලංකාවේ වාර්ගික ජාතිවාදී නාසිවාදීන්ට ආරම්භයේ සිට රැුකවරණය, පුහුණුව, ආයුධ,
මුදල්, උපදෙස් ආදිය සපයමින් සියලූ ආකාරයෙන් සහායකයන් වූ ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව,
බි‍්‍රතාන්‍යය, නෝර්වේ ඇතුළු යුරෝපීය, බටහිර රටවල බලධාරීන්ගේ සහ හිටපු මහ ලේකම් බැන්කි
මූන් වැනි එ.ජා.සං. යේ සිටි සහ සිටින නිලධාරීන්ගේ හෘද සාක්‍ෂිය ”නාසිවාදී” නාමය ගැන යළි
යළිත් සිහි කිරීම වැඩදායක වෙනු ඇත.
විදේශීයයන්ගේ සහ ”දෙමළ රාජ්‍යයක්” සඳහා වූ ද්‍රවිඩ පෙරමුණේ ආශීර්වාදය සහ අතහිත
ලබමින් වර්ධනය වූ, ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදී භීෂණය මගින් උතුර සහ නැගෙනහිර පළාත් දෙක
දැඩි ලෙස බද්ධ කොට තිබුණි. ව්‍ය.ව. 2009 වසරේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කරන තෙක් වසර
තිහකට ආසන්න කාලයක් පැවතුණි. එසේ වුව ද, යාපනේ දෙමළ සහ මඩකලපුව දිස්ති‍්‍රක්කයේ
දෙමළ ජනයා අතර සමාජමය අසමාන කමක් සහ විරසකයක් ආරම්භයේ සිට ම තවමත් ඔවුන්
විසින් ම පවත්වා ගෙනයනු ලබයි. යුරෝපීය ආක‍්‍රමණිකයන් විසින් ගෙනෙන ලද සියලූ මලබාර් ද්‍රවිඩ
/දෙමළ ජනයාගේ මවුබිම ඉන්දියාව වුව ද, වතු වගාව හා සම්බන්ධ, ව්‍ය.ව. 1901 දී ”ඉන්දියානු
දෙමළ” යනුවෙන් නම් කරන ලද දෙමළ ජනයා සහ ”ලංකා දෙමළ” යනුවෙන් තමන් ම හඳුන්වා
ගත් යාපනේ දෙමළ ජනයා, අතර ද එ වැනි ම වෙනස් ලෙස සැලකීමක් පවත්වනු ලබයි.
පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබී වසර හැත්තෑ පහක කාලයක් ගත වුව ද මේ පළාත්
දෙකේ සාමාන්‍ය දෙමළ ජනතාව තවමත් දෙමළ වෙල්ලාල කුලාධිපත්‍යය යටතේ ය. වහල් සමාජ
ලක්‍ෂණ සහිත වැඩවසම් සමාජ ක‍්‍රමයෙන් මිරිකෙමින් ඇත. 1801 විප්ලවයෙන් ප‍්‍රංශ අධිරාජ්‍යයෙන්
නිදහස් වූ හයිටි රාජ්‍යය වහල් සේවාව සහ වහල් වෙළ\ම තහනම් කිරීම ලෝකයේ වහල් වෙළ\මට
එල්ල කළ පළමු වෙඩි මුරය විය. ලෝකයේ ප‍්‍රධානම වහල් වෙළෙඳුන් දෙදෙනෙකු වූ ප‍්‍රංශයට සහ
බි‍්‍රතාන්‍යයට වහල් වෙළ\ම නතර කිරීමට සිදු විය. 1844 දී වහල් සේවාව ලෝකය පුරා තහනම්
කරනු ලැබුව ද, අහෝසි කළ ද, තවමත් බලාත්මක ව පවත්වා ගෙනයනු ලබන තේසවලාමෙයි මගින්
නීතිගත කරන ලද ”කුලවාදය” සහ ”වහල්” භාවය, වහල් සේවාව දෙමළ සමාජය තුළ ප‍්‍රායෝගිකව
අහෝසි නො වී, වෙනස් නො වී ඇත. සමහරු බාහිර සමාජය ඉදිරියේ තේසවලාමෙයි නීතිය දෙමළ
විවාහ, දික්කසාද සහ දෑවැදි හිමිකම් පිළිබඳ විධිවිධාන වලට ලඝු කරමින් සිටින බව ද දක්නට ඇත.
1978 ව්‍යවස්ථා නීතියට සහ මැතිවරණ නීතියට අනුකූල ව, උතුර සහ නැගෙනහිර පළාත්වල
දෙමළ වර්ගවාදය පදනමෙන් සහ ආගමික පදනමෙන් ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහයෙන් වියුක්ත වූ
දේශපාලන පක්‍ෂ, සංවිධාන රැුසක්, ලන්සු තබමින්, රටේ දේශපාලනය, ආර්ථිකය සහ සමාජය
අස්ථාවර බවට පත් කොට ඇත.
ව්‍ය.ව. 20 වෙනි සියවසේ අවසාන කාර්තුවේ සිට නැගෙනහිර පළාතේ, දෙමළ මවුබස වූ
මුහමදික (මුස්ලිම්* භක්තිකයන් ද අප‍්‍රකාශිත ”අභිලාශ” වෙනුවෙන් දේශපාලන සංවිධාන කීපයක් සහ
ආගමික කඳවුරු නම්වලින් සංවිධාන කීිපයක් ද හදාගෙන ඇතත් ඔවුන් ආගමික වශයෙන් එකට
බඳිමින් සහ බැඳෙමින් ඇත. ඔවුන්ගේ අවසන් අරමුණ මුස්ලිම් ආගමික රාජ්‍ය පාලනයකි. දෙමළ
වර්ගවාදී දේශපාලකයන් ”දෙමළ කතාකරන ජනයා” ලේබලය මගින් මුස්ලිම් භක්තිකයන් තමන්ගේ
ජාතිවාදී දේශපාලනයට යොදා ගැනීමට කරන උපක‍්‍රමයෙන් අන්තවාදී මුස්ලිම් භක්තිකයන්ගේ
අරමුණ වෙනස් කළ හැකිය’යි සිතීම උගහට ය.
එසේ ම, යාපනේ ද්‍රවිඩයන් විසින් විසිවෙනි සියවසේ පවා ”උතුරේ රජ්ජුරුවෝ”, ”යාපනේ
රජ්ජුරුවෝ”, ”ඩයික් රජ” යනුවෙන් බුහුමන් කරනු ලබන ඔහුගේ පාලනය, අධීක්‍ෂණය යටතේ
පැවති යාපනේ, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, මන්නාරම, පුත්තලම සහ නැගෙනහිර පළාත ඊළාම්
භූමිය ලෙස සකස් කරගෙන ඇත. එය ඊළාම් සිතියම පැහැදිලි ව පෙන්නුම් කරයි.
වර්ගවාදී නිර්මාණයක් වෙන ”දෙමළ නිජබිම” තුළ මේ මනෝරාජ්‍යය පිහිටි ලෙස දක්වා
ඇත. නැගෙනහිර පළාත එහි ප‍්‍රධාන ම සහ වැදගත් ම කොටස වෙයි. රටක් නැතිව සිටි යුදෙව්
භක්තිකයන් නැගෙනහිර පළාතේ පදිංචි කොට යුදෙව් භූමිය (ඊශ‍්‍රායලය* නිර්මාණය කිරීමට බි‍්‍රතාන්‍ය
කොලනි පාලකයන්ගේ යෝජනාව කි‍්‍රයාත්මක කිරීමට හැකි වී නම්, 20 වෙනි සියවසේ අවසාන
කාලයේ නැගෙනහිර පළාත ඇතුළත් කොට දෙමළ නිජබිම නිර්මාණය කිරීමට ඉඩ නොලැබෙනු
ඇත. (දෙමළ නිජබිම සහ නැගෙනහිර පළාතේ උරුමයක් ගැන කතාකරන දෙමළ හෝ මුස්ලිම්
කිසිවෙකු එය රැුකගැනීම සඳහා මේ යෝජනාවට එරෙහි වී නැත. විරුද්ධ වූයේ මාතෘභූමි වාසී
සිංහලයන් පමණකි. සිංහල විරෝධය සාර්ථක විය.*
උතුරු පළාතේ මෙන් ම නැගෙනහිර පළාතේ ද දෙමළ කතාකරන හින්දු, කතෝලික/
කි‍්‍රස්තියානි සහ ඉස්ලාම් ලබ්දික ජන කොටස් ද වාර්ගික සහ ආගමික භේදවාදී දේශපාලනයේ
කි‍්‍රයාකාරීව නිරත වී සිටිති. එහෙත් ජාතිවාදී පදනමින් සිංහල ජනතා දේශපාලනය බැඳී නැත. දෙමළ
දේශපාලනය නිරන්තරයෙන් තමිල්නාඩුවේ සහ දිල්ලියේ උපදෙස් සහ පිහිට පතන අතර ඉස්ලාම්
භක්තික දේශපාලනය සවුදි අරාබිය ඇතුළු මුස්ලිම් රාජ්‍ය කීපයක මෙහෙයවීම් සහ බරපැන ලබන
බව රහසක් නොවේ. ඉංගිරිසි/බි‍්‍රතාන්‍ය, ඇමරිකා, කැනඩා, ඕස්ටේ‍්‍රලියා, නවසීලන්ත සහ යුරෝපා
කොලනිවාදීන්ගේ අතහිත සහ ආශීර්වාදය විවිධ මට්ටමෙන් මේ දෙපිරිසට ම ලැබෙයි. නීති සම්මත
කරමින් වර්ගවාදයට, ත‍්‍රස්තවාදයට විරුද්ධව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන අතර ම අතහිත දෙමින්
විවෘතව ම පෝෂණය කරති.
දෙමළ වෙල්ලාලයන් ”දෙමළ වාර්ගික” පාලනයක් ඉලක්ක කොට ඇති අතර අන්තවාදී
ඉස්ලාම් භක්තිකයන් ”ශරියා” පදනම මත ගොඩනගන ”අරාබි සුල්තානයක්” ඉලක්ක කොට ඇත.
(මුස්ලිම් භක්තිකයන්ගේ ඉලක්කය ආගමික රාජ්‍යයකි. ”මුස්ලිම්” ජාතියක් නොවේ. ආගමික ජන
කොටසකි.* කෙසේ වෙතත් ”දෙමළ ඊලාම් රාජ්‍යයක්” හෝ ”අරාබි සුල්තානයක්” බිහිවීම/බිහි කිරීම
මහා ව්‍යසනයක ආරම්භය වෙනු ඇත.
නැගෙනහිර පළාතේ දෙමළ වර්ගවාදී රාජ්‍යයක් සඳහා වෙල්ලාල ප‍්‍රධානීන් මෙහෙයවන
දේශපාලන සංවිධාන සහ මුස්ලිම් ආගමික රාජ්‍යයක් සඳහා දෙමළ මුස්ලිම් භක්තික අන්තවාදීන්
අතර පවතින අප‍්‍රකාශිත සටන විවෘත සටනක් වුවහොත් එය සියලූ පුරවැසියන්ට දැඩි වේදනාකාරී
වෙනු ඇත. කෙසේ වෙතත්, 2006 ශ්‍රේෂඨාධිකරණය නැගෙනහිර පළාත උතුරු පළාතෙන් වෙන් වූ
පළාතක් බව තහවුරු කිරීම, නැගෙනහිර පළාතේ පවතින ආගමික අන්තවාදී ප‍්‍රවණතාවය සහ
ඔලූවිල් ප‍්‍රකාශය දැනට ම ශී‍්‍ර ලංකාවේ ”දෙමළ නිජබිම” මිථ්‍යා නිර්මාණය බිඳ හෙළා ඇත.
ව්‍ය.ව. 16 වෙනි සියවසේ මුල් කාලයේ යාපාපටුනේ සම්පූර්ණ ජනගහණය 120,000 ක් පමණ
විය. එයින් 66% ක් සිංහල බෞද්ධයෝ වූහ. 15% ක් ද්‍රවිඩ/දෙමළ ජනයා විය. සෙස්සෝ මුස්ලිම්
භක්තිකයෝ වූහ.
ඓතිහාසික සහ පුරාවිද්‍යා සාධක සනාථ කරන පුරාණ සංස්කෘතියක උරුම කරුවන් වෙන,
අනාදිමත් කාලයක සිට 19 වෙනි/20 වෙනි සියවසේ පවා යාපාපටුනේ (යාපන දිස්ති‍්‍රක්කයේ* සහ
වන්නි ප‍්‍රදේශයේ පදිංචිව සිටි මාතෘභූමි වාසී දසදහස් සංඛ්‍යාත සිංහල බෞද්ධ වැසියන්ට කුමක් වී
ද? ඝාතනය කරනු ලැබී ද? ඔවුන් නෙරපා හරිනු ලැබී ද? මෙය ජාතිවාදී ප‍්‍රශ්ණයක් ලෙස නො
සැලකිය යුතු ය. එසේ කරනු ලැබී නම් මේ ප‍්‍රදේශවල සිංහල බෞද්ධ සංහාරයට ඉංගිරිසි (බි‍්‍රතාන්‍ය*
කොලනිවාදීන් වගකිව යුතු වෙයි. නො එසේ නම්, ඔවුන් දෙමළකරණය කරනු ලැබී ද? එසේ කළේ
නම්, ඒ ආකාර වූ සිංහල බෞද්ධ සංහාරයට ඉංගිරිසි (බි‍්‍රතාන්‍ය* කොලනිවාදීන් වගකිව යුතුය.
නැගෙනහිර පළාතේ කරනු ලැබූ ලෙසින් ඔවුන් දෙමළකරණය කරනු ලැබී නම් උතුරු පළාතේ
වත්මන් දෙමළ ජනයාගෙන් විශාල සංඛ්‍යාවක් දෙමළකරණය කරනු ලැබූ සිංහල බෞද්ධයන්ගෙන්
පැවතෙන්නෝ ය. එමෙන් ම වත්මන් මුලතිව් දිස්ති‍්‍රක්කයේ දෙමළ ජනතාවගෙන් බහුතරය
දෙමළකරණය කරනු ලැබූ පුරාණ කුරුඳුගමුරට සිංහල බෞද්ධයන්ගෙන් පැවතෙන්නෝ ය. උතුරු
සහ නැගෙනහිර සිටින දෙමළ බෞද්ධයන් බහුතරය ඔවුන් විය හැකි බව නිසැක ය. දෙමළකරණය
කරනු ලැබූ සිංහල බෞද්ධයන් දෙමළ වෙල්ලාලයන් විසින් සමාජයෙන් බැහැර කළ අයගේ තත්වයට
පත් කරනු ලැබ ඇත. විසිවෙනි සියවසේ දෙවෙනි භාගයේ සිට කරනු ලබන සිංහල බෞද්ධ
සංහාරයට හින්දු, කතෝලික/කි‍්‍රස්තියානි දෙමළ ජාතවි ාදීන් (නව නාසිවාදීන්* වගකිව යුතු වෙයි.
මෑත කාලයක සිට දෙමළ ජාතිවාදීන් සහ සමහර ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඇතුළු දේශීය සහ
විදේශීය සිංහල බෞද්ධ විරෝධීන්, ශී‍්‍ර ලංකා විරෝධී ”නව නාසිවාදීන්” විසින් සිංහල බෞද්ධ ජනයා
”සිංහල ජාතිවාදීන්”, ”සිංහල බෞද්ධ ජාතිවාදීන්” ලේබලයෙන් ගර්හාවට ලක් කරමින් මානසිකව
සිරකරුවන් බවට පත ් කරනු ලැබෙයි. එමගින ් තමන්ගේ ම පරපුරේ ළමා මනස ද නව නාසිවාදී
වෛරසයෙන් රෝගී බවට පත් කරන බව ඔවුන්ට නො හැෙඟ්. සියලූ ආගමික නායකයන්, ඉහළ ම
නායකයන් ඇතුළු දේශපාලකයන්, බෞද්ධ නායකයන්, උගතුන් සිරකරුවන් බවට පත් ව ඇත. රටේ
සහ සියලූ රටවැසියන්ගේ එකමුතුකම, සාමය, නිදහස සහ සෞභාග්‍යය අගයන, පතන සියලූ
ආගමික නායකයන්, විද්වතුන් ඇතුළු පාලක පාලිත සියලූ දෙනා මේ ”මානසික සිපිරිගෙය” විවර
කිරීමට තව දුරටත් පමා නොවිය යුතුව ඇත.
වර්ගවාදීන්ගේ, ආගම්වාදීන්ගේ සහ ඔවුන්ට සියළු ආකාරයෙන් අනුග‍්‍රහ කරන, සඟවාගත්
න්‍යායපත‍්‍ර සහිත දේශීය, විදේශීය, ජාතික සහ විජාතික සියල්ලන්ගේ අරමුණ වාර්ගික සහ/හෝ
ආගමික රාජ්‍යය(ක්* බිහි කිරීම වුවත් ශී‍්‍ර ලාංකික පුරවැසියන්ගේ අභිලාශය සියල්ලන් ම එකමුතු ව
සහෝදරත්වයෙන් වාසය කරන ඒකීය ස්වෛරී රාජ්‍යය කි. සියලූ පුරවැසියන්ගේ අභිලාශය සම්බන්ධ
තමන්ගේ වගකීම සහ වගවීම පිලිබඳව සිහිඑළවා කටයුතු කිරීම සියලූ ම වර්ගවාදී සහ ආගම්වාදී
උගතුන් සහ න්‍යායවාදීන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නො කරන සිංහල, අසිංහල,
බෞද්ධ සහ අබෞද්ධ සියලූ දෙශපාලකයන්, දේශපාලන පක්‍ෂ, කණ්ඩායම්, රාජ්‍ය සහ රාජ්‍ය නො
වෙන සංවිධාන, සමාජ සහ මුද්‍රිත සහ දෘශ්‍ය මාධ්‍ය වෙත පැවරී ඇති අනුල්ලංගනීය වගකීමක් බව
අමතක නො කළ යුතුව ඇත. සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන තම තමන්ගේ ”දේශපාලන
ව්‍යාධි” වලට සහ ”සිවිල්” ලේබලයෙන් පෙනී සිටින සකල විධ සංවිධාන භේදකාරී රෝග පතුරුවන
”මානසික වෛරස්” පැතිරවීමට තිත තැබිය යුතුව ඇත. මේ උත්තරීතර වගකීම අමතක කොට, නො
සලකා කටයුතු කරන කිසිම අයෙකුට ”දේශද්‍රෝහී”, ”ජනතා ද්‍රෝහී” හෝ ”නාසිවාදී” හැඳින්වීමෙන්
මිදීමට නො හැකි වෙනු ඇත.
ශී‍්‍ර ලංකාව ජනතා පරමාධිපත්‍යය නියෝජනය කිරීම සඳහා, සිංහල ජනයා දෙමළ සහ
මුස්ලිම් අපේක්‍ෂකයන්ට, දෙමළ ජනයා සිංහල සහ මුස්ලිම් අපෙක්‍ෂකයන්ට සහ මුස්ලිම් භක්තිකයන්
සිංහල සහ දෙමළ අපේක්‍ෂකයන්ට තම කැමැත්ත දී පාර්ලිමේන්තුවට තෝරා පත් කළ සුන්දර
අතීතයක් සහිත රටකි. වර්ගවාදී සහ ආගම්වාදී මනෝ ව්‍යාධියෙන් පෙළෙන රෝගීන් විසින් එය
විනාශ කරනු ලැබ ඇත.
සමස්ථයක් ලෙස මුළු රටේම සහ සියලූ පුරවැසියන්ගේ පූර්ණ ආරක්‍ෂාව, සංවර්ධනය,
සහජීවනය සහ සහෝදරතව් ය වෙනුවෙන් කැපවෙන, අරමුණු සහිත දේශපාලන පක්‍ෂ, සංධාන සහ
පෙරමුණු පමණක් මැතිවරණ සඳහා ලියාපදිංචි කිරීම සහ එක් ජනවර්ගයක්, ආගමක් පමණක්
අරමුණු කොට ඒ වෙනුවෙන් පෙනී සිටින, නියෝජනය කරන, නම් සහිත දේශපාලන පක්‍ෂ, සංධාන,
පෙරමුණු ප‍්‍රතික්‍ෂේප කිරීම නීති ගත කළ යුතුව ඇත. ජනතා පරමාධිපත්‍යය වාර්ගික ආධිපත්‍යයක්
හෝ ආගමික ආධිපත්‍යයක් බවට ලඝු නොකළ යුතුව ඇත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය නාමයෙන් පෙනී සිටින
මුරකරුවන් අවි අමෝරනු ඇත. එවැනි අය වේ නම් ඔවුහු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විකුණා කුස් පුරවා
ගන්නා කූඨ වෙළෙන්දෝ ය.
1978 ව්‍යවස්ථාව අනුව, පරමාධිපත්‍යය නියෝජනයට නුසුදුසු නිසා ජනතාව ප‍්‍රතික්‍ෂේප කළ
සහ එක ඡුන්දයක් හෝ නොලැබූ, ජනතා පරමාධිපත්‍ය නියෝජිතත්වය නොලැබූ 29 දෙනෙකු ද
සිටින වාර්ගිකාධිපත්‍ය තහවුරු කරන පාර්ලිමේන්තුවක් මගින් ජනතා පරමාධිපත්‍යය කි‍්‍රයාත්මක
කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘතිය කි. ජනතා පරමාධිපත්‍ය පරම හිමිකරුවන් වෙන ජනතාවට කරන
සරදමකි. සමච්චලයකි. නතර කළ යුතු සරදමකි, සමච්චලයකි.
අද ලෝක දේශපාලනය තුළ, තමන් ලඟවත් නැති ප‍්‍රජාතන්ත‍්‍රවායේ උරුමයට හිමිකම් කියන
අයගේ භාවිතය අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලන කඩතුරාවකි. අභිමතය අනුව අපනයනය කරනු
ලබන වෙළඳ භාණ්ඩයකි. දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු, තාක්‍ෂණික යුගයේ නව අධිරාජ්‍යවාදී,
කොලනිවාදී දඬුකඳකි. ආයුධයකි.
තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් ”ගල්දොර බිඳලා” පියවි ඇසින්, නැණසින් ලෝකය දෙස
බලා පියවර ගැනීමට තවත් පමා විය යුතු නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress