මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර
Posted on August 30th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා කරන්න පුළුවන්. ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් ගබඩා කරන්න පුළුවන්.

ඕකෙ තෙල් අපට වැඩියි. තෙල් පිරිපහදුව ආරම්භ කරලා, තෙල් පිරිපහදු කරලා, ගබඩා කරලා, ළඟම තිබෙන වරායෙන් මාර්කට් එකට යවන්න පුළුවන්.

ඒ වැඩේ කරන්න පුළුවන් ජාත්‍යන්තර සමාගමකුයි, තෙල් සංස්ථාවයි ඒකාබද්ධ වෙලා නැවත මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයට පණ දෙනවා. දැන් ඒක මළකඩ කමින් තිබෙනවා. අපි ඒක ගොඩ ගන්නවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress