සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන්, තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් සියලු නායකයන් හෙළිදරව් කළ යුතුයි – දිලිත් ජයවීර
Posted on August 30th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් ඊයේ (29)     පැවති සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන් තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් මෙම නායකයන් සියලුම දෙනා හෙළිදරව් කළ යුතු බවත්, තමන්ගේ මරණ මංචකයේ දී වත් රණවිරුවන්ට සැනසුමක් ලබා නොදේනම් එම දූෂිත දේශපාලකයන් ගැන සෙවීමට සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී පැවසීය.

ඉකුත් දා දම්පාටින් එළියට දැමූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වැනි පිටුවේ සඳහන්කර ඇත්තේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය තවත් පුළුල් කළ යුතු බව යැයි පවසන ඒ මහතා, රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් කටයුතු කළ රණ විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද පෙන්වා දෙයි.

මෙවැනි දෙයක් පොතක මුද්‍රණය කර බෙදා හැරීමට තරම් පහත් තැනකට මේ රට පත්වුනා නම්, මේ බලවේගවල පිටුපස සිටින හස්ථයන් කෙතරම් බලවත් ඇත් දැයි සිතාගත හැකි බවත් දිලිත් ජයවීර මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress