හිටපු ජනාධිපතිලා නඩත්තු වියදම නැවැත්තුවාම රටට පහසුවෙන්ම සල්ලි එනවා..ජාතික ජන බලවේග
Posted on August 30th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට යන මුදල් ඇතුළු මහජන මුදල් කාබාසිනියා කිරීම නතර කළහොත් රටට පහසුවෙන්ම මුදල් ලැබෙන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

එම පක්‍ෂයේ ජනාධිපතිවරණ ජනරැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

සජිත්ගේ අම්ම නඩත්තුවෙන්නේ කාගෙ මුදලින්ද? ජනතා මුදලින්. ඒ මුදල් වලින් එයාට මදුරු කොයිල් එක පවා අරන්දෙන්න වෙලා. ජනාධිපති කාර්යාලයට ලියුමක් යවනවා මදුරු කොයිල්, පෑන් පැන්සල් පවා ඉල්ලලා. දැන් සජිත් ප්‍රේමදාස රටවටේ යනව සුහුරු පංති හද හද. අපි කියනව ඔය ගමන්ම ඔයාගේ අම්මට පුළුවන්නම් සුහුරු ඛෙඩ්රූම් එකක් හදල දෙන්න කියලා.

අරගලයෙන් පැන්නූ ගොඨාභය රාජපක්ෂ දැන් ජීවත්වෙන්නේ කාගේ මුදල් වලින්ද? තමුන්නාන්සේලාගේ බදු මුදල් වලින්. ඉන්න නිවාසය පවා එහෙමයි. මාසික වැටුප රු. 97,500යක්. මාසික දීමනාව රු.100,000යක්. මාසෙට ප්‍රවාහන දීමනාව දෙනව රුපියල් හත්ලක්ෂ හාරදහසක්. දැන් එයාට රාජකාරියක් තියෙනවාද කරන්න; නෑ. මේ ඔක්කොම ජනතාවගේ බදු මුදල්. මේවා නවත්වන්න ඕනද නැද්ද. අපේ පාලනයක් යටතේ වහාම මේ මහජන මුදල් කාබාසිනියා කරන එක නවත්වනවා. මේව නතර කරන කොට රටට පහසුවෙන්ම සල්ලි එනව.

අපි මේ කිව්වෙ එකයි. දෙකයි. ඒ ටිකම ඇති තත්වය තේරුම් ගන්න. හොරකමයි, නාස්තියයි නවත්තපු ගමන් ආර්ථීකයට විශාල මුදලක් එකතු වෙනවා.

මේ පාලකයෝ අපේ රටේ නිෂ්පාදනය කඩා වට්ටල ඇල්පෙනෙත්තේ ඉඳන් චීනයෙන්, ඉන්දියාවෙන් ගේන්නේ. මාලිමා ආණ්ඩුව ආ පසු කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන සැලසුම් හරහා අපේ රටේ නිෂ්පාදන ආර්ථීකය ක්‍රමානුකූලව ශක්තිමත් කරනවා. කාර්මීකරණය මත පදනම්වූ නිෂ්පාදන ආර්ථීකයක් අපි ගොඩනගනවා. එහෙම වෙනකෙට රට ටිකෙන් ටික සංවර්ධනය කරා යනවා. රට පොහොසත් වෙනවා. රටේ මිනිස්සුන්ගේ ජීවිතත් ලස්සන වෙනවා”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress