මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඊනියා සත්‍ය සෙවීමේ කොමිසම තවත් බලගන්වා රණවිරුවන් පාවා දෙන්නේ මෙහෙමයි… – වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක් (වීඩියෝ)
Posted on August 31st, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වෙනි පිටුවේ සත්‍ය සෙවීමේ කොමිසම තවත් බලගන්වා ක්‍රියාත්මක කරන බව සඳහන් කර ඇති බවද ඔවුන් එසේ පවසන්නේ කෙසේදැයි සිතාගත නොහැකි බවද දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
2002 සටන්විරාම ගිවිසුමට එරෙහිව සහ යුද්ධ කාලසීමාව තුළ එදා ජනතා විමුක්ති පෙරමුණ ඉටුකළ මහා භූමිකාව අද ඔවුන් විසින් මෙලෙස පාවාදීම ගැන ඇත්තේ දැඩි සිත් වේදනාවක් බවද ඒ මහතා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් ඉකුත් 29 දා පැවති සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සත්‍ය සෙවීමේ කොමිසම පනත දුෂ්ඨ පාවාදීමක් බවත්, ලෝකයේ කිසිඳු රටක තමන්ගේ රටේ හමුදාව පාවාදෙන පාලකයන් සිටින බවට සාක්ෂි නොමැති බවත් වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
මෙම පනත ගැසට් කිරීමටවත් පාලකයකුට අයිතියක් නැති බවත් පවසන ඒ මහතා මෙම පනත සම්බන්දයෙන් ජනාධිපති අපේක්ෂකයන් දැනුවත් කළ බවත්, මෙයට විරුද්ධ නොවන කිසිඳු පුද්ගලයකුට මේ බිමේ ජීවත්වීමට අයිතියක් නැති බවත් සඳහන් කරයි.
මෙම කොමිසම දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කළ ආකාරයේ කොමිසමක් නොවනබවත් මෙය සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසම බවත්, මෙහි ඊනියා සත්‍ය සෙවීමට අමතරව වගවීම නොහොත් රණවිරුවන්ට එරෙහිව දඬුවම් කිරීම, වන්දි ගෙවීම, ගැටුම් නැවත ඇති නොවීම යනුවෙන් සඳහන් කර ඇති 13 සංශෝධනය බලාත්මක කිරීමේ ක්‍රියාදාමයද මේ තුළින් සිදු වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…