වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය වූ ප්‍රථම ස්ථූපය ගෞතම සසුනට පූජා කෙරේ
Posted on September 2nd, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය වූ ප්‍රථම ස්ථූපය ගෞතම සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය ඓතිහාසික සපුමල්ගස්කඩ රාජ මහා විහාර පරිශ්‍රයේ දී ඊයේ (31) දින සිදුවිය.

එහිදී පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ මෙන්ම ජූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දිවයිනේ ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා විසින් උතුරුකරේ ප්‍රථම වරට තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ සුමධුර ධර්ම දේශනා පවත්වන ලදහ.

උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් මෙම ස්ථූපය ගෞතම සසුනට පූජා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ජාතියක් ලෙස සමස්ත බෞද්ධ ජනයාට මෙය සතුටුවිය හැකි කරුණක් බවය.

එමෙන්ම වර්තමානය වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර වසර 150ක් පමණ ගතවී තිබුනද, දෙපාර්තමේන්තුවට හෝ අනෙකුත් බෞද්ධ සංගම්වලට බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත්කර තිබූ උතුරු පළාතේ ස්ථුපයක් ප්‍රතිිසංස්කරණය කිරීමට නොහැකි වූ බවද උන්වහන්සේ පැවසූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress