ලංකාව කළු සුද්දන්ගේ පාලන සමය: දෙවන භාගය 1948-2024
Posted on September 7th, 2024

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL,B.,Ph,D. 

True story of 76 years of political history. Read wisely over and over again.

Russia spokesperson

Rusiyawa Prakashakayo – දුයිෂෙන්ගේ පොත්හල

September 4, 2024

 හැඳින්වීම

මෙම කෘතිය, ලංකාව: කළු සුද්දන්ගේ පාලන සමය, 1948-2019 (නොහොත් මන්ත්‍රී ප්‍රජාතන්ත්‍ර [නාස් ලණු] වාදය) යන ලිපි එකතුවේ දෙවන භාගයය.  ඒවා රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ පදනමට පහර දෙමින් කළු සුද්දන් විසින් 2015 වර්ෂයට පසු කාලයේදී ගෙනෙන ලද පුහු තර්ක හා අර්ධ සත්‍ය වලට ලබාදුන් පිළිතුරුය.  මෙහි ප්‍රථම භාගයෙන් ඉදිරිපත් කරණ ලද අදහස් පිළිඹඳව පාඨකයින් දැක්වූ යහපත් ප්‍රතිචාරය, මෙවැනි කෘති මඟින්  තමන් උපන් රටේ ඉතිහාසය, භූගෝල විද්‍යාව හා සාහිත්‍යය පිළිඹඳ දැනීම පාලකයින් විසින් උදුරා දමා ඇති සමාජයකට කලහැකි සේවයක් පිළිඹඳ ශාක්ෂියකි.

උදාහරණයක් වශයෙන්, ධර්ම ශ්‍රී කාරියවසම්ගේ, ‘කාරිගේ චැනල් 1’ යන යූටියුබ් වැඩ සටහන දැනටමත් මෙවැනි සේවයක් කරමින් සිටී. ‘ඇත්ත ඉතිහාසය, නොලියවුනු ඉතිහාසය හා ලියවුනු ඉතිහාසයේ නොලියවුනු තැන්’ යන තේමාව යටතේ ඔහු කරණ එලිදරව් විෂ්මය ජනකය. මෙවැනි දේ රටක සිදුවන්නට පුළුවන්ද කියා ප්‍රේක්ෂකයා ගේ සිත කම්පාවට පත්කරන්නේය, සසළ කරවන්නේය.  ඔහු වාර්තාකරන පරිදි, 1971 JVP කැරැල්ල පාවාදී ඇත්තේ භික්ෂුවක් විසින් ඊට සම්බන්ධ කල දඩබ්බර පාසැල් ශිෂ්‍යයෙකු විසින්  J.R. ජයවර්ධන හරහාය. මොහු පසු කලෙක ජේෂ්ඨ  DIG  කෙනෙක් වශයෙන් සිට පොලිසියෙන් විශ්‍රාම ගියේය!

රට ඇතුලේ ඉන්නා හා රටින් පිටට පැනගොස් සිටින යූටියුබ්කාරයින්  හා වෙබ් අඩවි කාරයින් විසින් ඩොලර් උපයා ගැනීමේ  යටිඅරමුණද සහිතව සිංහල බෞද්ධ සංස්කෘතියට කරණ දුෂ්ඨ පහරදීම, ඔවුන්ගේ රට කැබලිකිරීමේ ව්‍යාපාරයේම කොටසකි. ජාතික වාදය හා ජාතිවාදය  අතර ඇති වෙනස – තම ජාතිය හතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම (අනාගාරික ධර්මපාල වාදය) හා තම වර්ගයා අති උතුම් යයි සිතා සෙසු ජනවර්ග හෙලා දකිමින් ඔවුන්ට හිරිහැර කිරීම (හිට්ලර්වාදය) – යන ක්‍රියාවලීන් දෙක මොවුන් විසින් පටලවා ගෙන සිටී. මෙම සිංහල බෞද්ධ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පයේ වටිනාකම සම්බන්ධයෙන් පිටකොන්දක් ඇතිව මේ වන විට ප්‍රසිද්ධියේ කතාකරන්නේ ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර හා උවිඳු විජේවීර යන දෙන්නා පමණය.

දෙමළ චේ ගුවේරා කෙනෙක් මෙන් නැඟී එන අරුන් සිද්ධාර්ථ්, මෙම ජාතික වාදී අදහස (සංකල්පය) උතුරේ වෙල්ලාල ජනයාට එරෙහිව, එහි වසන කුලහීන යයි හිරිහැරයට ගොදුරුවී සිටිනා ජනකොටස් ඒකරාශී කර ඉන් මුදවා ගැනීම සඳහා යොදා ගනිමින් සිටින්නේ ඉන්දියාවේ ඩලිත් නායකව සිටි, හින්දු කුල ආධිපත්‍යයට විරුද්ධව නැඟීසිටි, බෞද්ධාගම වැළදගත් අම්බෙඩ්කාර් අනුගමණය කරමින්ය.

රට-ජාතිය-භාෂාව-ආගම ආරක්ෂා කරණා යම් අදෘෂ්‍යමාන බලවේගයක මැදිහත් වීමකින් මිස, මෙම කුඩා දිවයින ඉන්දියාවේ කොලනියක් විමේ නියත  ඉරණම අභියස, සමස්ත රටවැසි ජනයාම අන්ද මන්දව දිය සැලියේ ඉන්නා කකුළුවන් මෙන් හැසිරෙණු පෙනේ. සංවිධානාත්මකව  ක්‍රියාත්මක වන  දේශීය හා විදේශීය බලවේග විසින් රටේ ඓතිහාසික මුරදේවතාවුන් වුන සංඝ සංස්ථාව අඩපණ කිරීමට (නොමරා මරා දැමීමට) සමත්වී ඇත. ගම් මට්ටමින් බෞද්ධ සංස්කෘතික ජීවන රටාව (ජාතික උරුමය) මකා දැමීමට ජිනීවා මට්ටමින් ඩොලර් කුමන්ත්‍රණ ක්‍රියාත්මකය. මෙවන් පසුබිමක දියවන්නා ‘හෝටලයේ’ ඉන්නා සිංහල බෞද්ධයයි කියා ගන්නා පංචස්කන්ධ අතරින් මෙම අනතුර ගැන කතාකරන්නේ දෙතුන් දෙනෙක් පමණක් වීම ඛේදජනකය.

ලංකාවේ ව්‍යවස්ථාදායකය-විධායකය-අධිකරණය යන ආයතන තුනම දූෂිත යයි ප්‍රසිද්ධියේ නිර්භීතව කියා සිටින එකම පුද්ගලයා ඒ නිසාම අයුතු ලෙස ඔහුගේ ලංකාවේ නීතීඥ කළු කබායේ ගැලවීමකට ලක්වූ නාගානන්ද කොඩිතුවක්කු පමණය. මෙම කෘතියේ තේමාවද මුළු රටම දුෂ්ඨ ත්‍රිකෝණයකින් වසාගෙන ඇත යන්නය.  ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ජන මාධ්‍ය, සමාජ මාධ්‍යද මීට ඇතුලත් කල යුතුව ඇත. ඒවාට තිබෙනවායයි කියන නිදහස වඳුරන්ට දුන් දැලිපිහි වැනිය.  ඒ අස්සේ 2024  අංක 8 දරණ ‘අපහාස පාලන’ නීතියක් මඟින් උසාවී ක්‍රමයට අවශ්‍ය නම් රටේ ප්‍රභලම ‘මාෆියාව’ වීමට වුවද ඉඩ සළසා දී තිබේ.

මෙවන් පසුබිමක් යටතේ මෙහි ඇති රචනා කළු සුද්දන් විසින්  පසුගිය දශක වල රටට විනාශකාරී ලෙස හැසිරී ඇති අන්දම සරල බසින් වාර්තා කර ඇත. ඒවා, දෙමළ (ඊළම්), මුස්ලිම් (ශාරියා), ඉන්දියන් (එක්ටා පාලම), ඉංගිරිස් හිසරදය, උසාවි පරිහානිය, මුර දේවතා සංකල්පය හා, මාක්ස්වාදය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාව අතර අතරමංව  සිටින JVP හෘදය ශාක්ෂිය පිළිඹඳ ප්‍රශ්ණය යනාදී වශයෙන් වර්ගකර ඇත. ක්‍රිස්තියානි මූලධර්මවාදී  (evangelist) ආක්‍රමණය, කොම්පැනි ධනවාදී සූරා කෑම (global corporate greed) මේවා යටින් දුවන යකඩ කම්බි දෙකක් වැනිය.

මන්ත්‍රී පංචකන්ධ 225, පැරදුන මන්ත්‍රීන් හා ජනාධිපති අපේක්ෂකයින් කෙසේ හෝ යළි බලයට ඒම සඳහා නොයෙක් මාදිලියේ උප්පරවැට්ටි උපයෝගී කරගනිමින් සිටී. දිනපතාම රටේ දකින්නට ලැබෙන්නේ කොසොල් රජතුමා දුටු සීන දාසැයේ  ආදිනවය. යළිත් වරක් ගෝල්පේස් ගනයේ කුමන්ත්‍රණයකට රට වැසියා ගොඳුරු නොකර, රට ගොඩ ගැනීමේ මාර්ගයක් දැනට කලකට පෙරදී මෙන්ම මෙම කෘතියේ ප්‍රථම භාගයේදී හා මෙම දෙවන භාගයේදීත් අවධාරණය කර ඇත.

Table of Contents

1.කළු සුද්දන් නැටූ නාඩගම් හා ඒවාට මුහුණ දීම

1.ඊලම දමනය

2.පන්සල් අතරමංකල ලංකාවේ හා දකුණු ඉන්දියාවේ දෙමළ බෞද්ධයා

3.කළු සුද්දන් විසින් ලංකාව කැබලි කිරීමට ගත් උත්සාහ

4.13 වන සංශොධනයේ පොලිස් බලතල: ඉන්‌දියාවෙන් අපූරු පාඩමක්!

2.[නො]වරදින (ඉන්දියන්) කුරුමාණම?

5. කුවේණිගේ ශාපයද? ඉන්දියාවේ බලහත්කාරයද?

6. පාලම හා පාලම් පාරුව

3.මුජිබර් රහමන්ගේ කිඹුල් කොරහ හෙවත් දොස්තර ශාෆිගේ බැංකු ගිණුම

7.ලංකාවේ මුස්ලිම් වෙළෙන්ඳන් අරාබි ශාරියා මිණීමරුවන් කිරීම (1)

8. මැකියාවේලී සූත්‍රය අනුගමණය කල මුවර් නායකයින් (2)

9.ශාරියා/ඉකුවාන් ආක්‍රමණය: අගමැතිලා ජනාධිපතිලා නාස්ලණු දමා ගැනීම! (3)

10. සිංහලයා ශ්‍රී ලාංකික කිරීමේ ව්‍යාපාරය හා ගර්‌භාශ යුද්‌ධය

4. සිංහලයාට [සිංහල භාෂාවට] අබසරණයි: 16 වන ව්‍යවස්ථා සංශෝධනය

11.ඉංගිරිස් පාරුව කරට ගැනීම – part 1

12. ඉංගිරිස් පාරුව කරට ගැනීම – part 2

13. ඉංගිරිස් පාරුව කරට ගැනීම – part 3

14. සුනේත්‍රා බණ්ඩාරනායක සිය පියාව පාවා දීම (Betrayal of her father by Miss Sunethra Bandaranayake)- Part I

5. හිරකාරයෝත් මනුෂ්‍යයෝය. නඩුකාරයෝත්  ක්ලේෂභරිත පංචස්කන්ධය!

15.නීති පොතේ ඇති, එහෙත් රටේ නැති, ආධිපත්‍ය දෙකකට නැසෙන සුප්‍රීම් උසාවිය
16. බල්ලට ගිය සුද්දගෙ නීතිය

17. කොසොල් රජතුමා දුටු සීන දාසැය හා ලංකාවේ සුප්‍රිම් උසාවිය

18. රටක සුප්‍රීම් උසාවියක්, අල්ලා ගත් කොටිවලිගයක්! (A Supreme Court’s nemesis: Nagananda Kodituwakku)

6. ලංකාව විදේශ ආක්‍රමණවලින් හා සිංහල කළු සුද්දන්ගෙන් බේරාගත් මුර දේවතා සංකල්පය

19. කාදිනල්තුමා – පැණිවරකා ගහට හෙණ වැදීම

20. ධර්මපාලතුමා ලොවට දුන් දායාදය

21. රට ගොඩගන්නට වෙහෙසුණු කළුකොඳයාවේ මහනාහිමි

7. හෘදය ශාක්ෂිය අනුභවකිරීම (මනෝ පුබ්බංගමා ධම්මා)

22.ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය 

23. ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම – (හැඳින්වීම)

24. ගෝල්පේස් අරගල කරුවන් ඉල්ලන සිස්ටම් චේන්ජ් එක හා ජන සභා සිස්ටම් එක – part 1

25. ගෝල්පේස් අරගලය: ජන සභා පාලන ක්‍රමයකට <සිස්ටම් එක චේන්ජ් කිරීම> (විප්ලවයක් රහිත) විප්ලවයකි – part 2
26. ජනතා විමුක්ති පෙරමුණට (JVP) යාහැකි මඟ – part 1

27. ජාතික විමුක්ති පෙරමුණ හා සිංහල බුද්ධාගම (JVP & Buddhism) – part 2

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress