2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි?
Posted on September 8th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන

2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් ගැන ජනාධිපති සමාව ගත්තේ ඇයි? 1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වැරදුනාට, 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිය වරදින්නෙ නැද්ද?
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11වන නීති කෘතිය එළිදවන අවස්ථාවේදී පැහැදිලි කරයි.

1972ට කලින් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවල නීතිමය දෝෂ නිවැරදි කරන්න රාජාධිකරණය තිබ්බට 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉහළින් අධිකරණයක් නැත්තෙ 1972ට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිමය දෝෂ සිදුවන්නෙ නැති නිසාද? ඒක හරිද? වැරදිද?

එංගලන්තයේ රජු සහ රැජිණිගේ නීති වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේත් දිගටම ක්‍රියාත්මක කරගෙන යමින් නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට එරෙහිව එංගලන්තයේ රාජාධිකරණයේ අභියාචනා බලය ඉවත් කර ජනතාවගේ අභියාචනා අයිතියක් ඉවත් කිරීම ශ්‍රී ලංකා ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීමක්ද?
මේවාට නෛතික විසඳුම් හෝ යෝජනා  නැද්ද?

වසර 2කට පෙර ඉදල ශ්‍රේෂ්ඨාධිකරණය මුල් අවස්ථා අධිකරණය බලය ක්‍රියාත්මක කරමින් ලබා දෙන බන්ධනාගාරගත කිරීම්, දඩුවම්, දඩ, නඩු ගාස්තු නියෝග අභියාචනා කරන්නවිශේෂ අභියාචනා ව්‍යවස්ථා සභාවපිහිටුවන්න කියල නීතිපතිට, අධිකරණ අමාත්‍යාංශය ලේකම්ට, ජනාධිපතිට මම යෝජනා කරල තියෙනව. එහි විභාගවන අභියාචනා අධිකරණ ඇමතිවරයා නියම කරන භාෂාවෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24වන ව්‍යවස්ථාවේ දැක්වෙන අධිකරණ භාෂාවෙන් විභාග කළ යුතු අතර නඩු විභාග සජීවීව ප්‍රචාරය කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය, ප්‍රසිද්ධියේ නඩු විභාග කිරීමේ අයිතිය අරක්ෂා කරන්න ඕනෑ.

සරණාගතයන් ලෙස විදෙස්ගතවී ශ්‍රී ලංකාවේ අභිමානය සහ කීර්තිය අහිමි කිරීම, ජිනීවා මානව හිමිකම් චෝදනා මෙවැනි ව්‍යවස්ථා සභාව මගින් වළක්වා ගත හැකිද?


ඒ සම්බන්ධයෙන් වන කෙටුම්පතක් මා විසින් සකස්කරගෙන යන අතර එය අවසන් වූ විට අධිකරණ අමාත්‍යාංශයට, නීතිපතිට සහ ජනාධිපතිවරයාට එය නීතියක් කිරීමට ඉදිරි කටයුතු ස‍ඳහා ලබා දීමට අදහස් කරනවා.

2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් වෙලා තියෙනවා ඒකට ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියා 2024 ජූලි 19 දින, ගාල්ල බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා, නීතිපති පාරින්ද රණසිංහ මහතා, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ විනිසුරුවරුන්, නීතීඥවරුන් සහ ඉහළ රජයේ නිලධාරීන් සහ ජනතාව සහභාගී වූ උත්සවයකදී  ජනාධිපතිවරයා විසින් අදහස් පළකිරීමත් එය නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීම ඉතා වැදගත් නෛතික සිදුවීම් වන අතර ඒ පිළිබඳ අවධානය යොමු කිරීම නීති විශාරදයන්, නීතීඥවරුන්ගේ වගකීමක් පමණක් නොව ජනතාවගේද අයිතියකි.

නීතිය සංවර්ධනය වන්නේ අවශ්‍යතාවය අනුව අලුත් නීති ඇති වීමෙන්. නීති හදන්නේ ජනතාව වෙනුවෙන්.

මෙම කෘතිය මාතෘකා 9 ක් යටතේ පරිච්චේද දක්වා තිබෙනවා. නීතිය පිළිබඳ යම් අවබෝධයක් ඇති අයට මෙම කෘතිය කියවා එහි ඇතුළත් සංකීර්ණ නීති කරුණු තේරුම් ගත හැකියි.

සිය 11වන නීති කෘතියවනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” 
(ISBN 978-955-38965-6-8)
2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා එළිදැක්වීමේ අවස්ථාවේදී
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින්
දැක්වූ අදහස්වලින්…..

මෙම කෘතියේ මුල් පිළිගැන්වීම විශ්ව විද්‍යාල කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා වෙත සිදු කළ අතර පැමිණ සිටි අය විසින් නීතිය පිළිබඳ ප්‍රශ්න විචාරීමක්ද සිදු කරන ලදී.

සංවාදයට විවෘතය…

http://neethiyalk.blogspot.com/2024/09/2015-1972-1972-11.html?m=1

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0712063394
(2024.09.08)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress