අයුතු ලෙස වත්කම් උපයා ගත්තා කියා කිසිම සාක්ෂියක් නෑ. ඒ නිසා එම නඩුවලින් නිදහස් වුණා.
Posted on September 11th, 2024
මාධ්‍ය මධ්‍යස්ථානය, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ.
ජනාධිපතිවරණ – 2024 දිස්ත්‍රික්ක – ආසන ජනහමු මාලාව
2024.09.09 – මාතලේ
ප්‍රවෘත්ති නිවේදනය 11
අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාාමජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන ආණ්ඩුව වියදම් කළේ ද මේ රටේ මහජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
එදා තම පවුලට එරෙහිව ක්‍රියාත්මක කළ විමර්ශන දෙස බලනවිට සිනහ යන බව පවසන ඒ මහතා එදා එවැනි ක්‍රියාමාර්ග ගත් නායකයෝ ද අද රට පාලනය කරන්නේ කියා සිතෙන බවද ප්‍රකාශ කරයි.
2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මාතලේ නාවුල නගරයේ දී පසුගිය (09) දා පස්වරුවේ පැවැති ජනහමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා,
අපේ රටේ දේශපාලනඥයෝ බොහෝ වෙලාවට සංවර්ධනේ දැක්කේ වැරදි ඇසකින්. එක පැත්තකින් ඒ අයට දැක්මක් තිබ්බේ නෑ රට හදන්න. ඒ අය කවදාවත් සිතුවේ නෑ මේ රටේ මාර්ග පද්ධතිය කාර්පට් වෙලා ගම සහ නගරය යා කරයි කියලා. ඒ අය බොහෝ වෙලාවට බැලුවේ මැතිවරණ වේදිකාවේදී පොරොන්දු ගොන්නක් දීලා ඒ පොරොන්දු අලුත් කරගෙන ඊළඟ මැතිවරණයට යන්නයි. ඒ නිසාම තමයි අපි අවුරුදු තිහක් දැක්කේ මැතිවරණ වේදිකාවේ දූෂණය, භීෂණය, යුද්ධය ආදිය පෙරළා පෙරළා කියන්න ගත්තා. දැන් යුද්ධය කියන කාරණය අවසන්. ඒ නිසා දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නේ. ඒ නිසා හොරු අල්ලන්න ගියාම පොලිසියට වෙනත් වැඩක් කරන්න වෙන්නේ නෑ. ජනාධිපතිවරු වෙන්නෙත් හොරු අල්ලන්න. යහපාලන ආණ්ඩුවෙත් එහෙමම ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම ඒ කමිටුවට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා. අපිට නඩු පිට නඩු දැම්මා. මම මේ මැතිවරණය ඇතුලෙත් උසාවි ගිහිල්ලා ආවෙ. නමුත් අපි ඒ හැම නඩුවකින්ම නිදොස් කොට නිදහස් වුණා විතරක් නෙවෙයි වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා පැහැදිලිව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළා ලෝකෙ වටේ ගිහිල්ල රාජපක්ෂවරුන්ගේ ගිණුම් පිළිබඳව සොයා බැලුවා.
අයුතු ලෙස වත්කම් උපයා ගත්තා කියා කිසිම සාක්ෂියක් නෑ. ඒ නිසා එම නඩුවලින් නිදහස් වුණා. නමුත් ඒ සෑම පරීක්ෂණයකටම වියදම් කළේ මේ රටේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල්. මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් ආණ්ඩුවට ලැබෙන බදු මුදල්. සමහරවිට ගත්ත ණය වෙන්නත් පුළුවන්. මේවා තනිකරම දේශපාලන වේදිකාවේ ඇමති සටන් පාඨ. ලැම්බෝගිනි හොයන්න අපේ ගෙවල් වලට ඇවිල්ල ලැට් වලවලුත් හාරලා බැලුවා. දැන් බැලුවම අපිටම හිනා යනවා. මෙහෙම නායකයෝ ද රට පාලනය කරන්නේ කියලා. අපේ අම්මට පෙර පාසලක් තිබෙනවා. ඒකෙ තිබෙනවා මුහුදෙ දාපු හෙලිකොප්ටරයක්. ඒ ගැන පරීක්ෂණයක් කරන්නත් ආවා හෙලිකොප්ටරයක් තියෙනවා කියලා. එවැනි පිරිසක් තමයි මේ රටේ ආණ්ඩු කරන්න ඉල්ලන්නේ. අපිට වෛරය නෑ. අපිට ඊර්ෂයාව නෑ. අපිට පළිගන්න වුවමනාවක් නෑ. නමුත් අපිට වැඩ කරන්න ඕන. අපිට රට හදන්න ඕන. අපි හැමදාම විශ්වාස කළ අපේ සංස්කෘතිය, අපේකම, දේශීයත්වය, ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕන. අපි මැතිවරණ වේදිකාවට එන්නේ ප්‍රතිපත්තියක් එක්ක. පෞද්ගලික කාරණා මත නොවෙයි. පෞද්ගලිකත්වය මට දේශපාලනය කරනවා නම් 1994 සිට කැබිනට් එකේ හිටිය හැම ඇමති කෙනෙක්ම වගේ වැඩ කරන්න තිබුණා.
ආණ්ඩුවකම හැම ජනාධිපතිවරයෙක් යටතේම හිටපු ඇමැතිවරු ඉන්නවා. ඒ වගේ අපටත් තිබුණ දේශපාලනික වශයෙන් මාරුවෙන්න. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා. මහින්ද රාජපක්ෂ මහතා එදා මොන්ටි ගොපල්ලෝ මැතිතුමාලා එක්ක ගොඩනඟපු දේශපාලන බලවේගය අපි දන්නවා. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තිබෙන්න ඕන. අපි පැහැදිලිව රට හදන පැත්තේ සිට ගනුදෙනු කරනවා. අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ දේශීය ව්‍යාපාර රකින්න ඕන. මාතලේ දිස්ත්‍රික්කයට එනකොට කුඩා කර්මාන්ත, සඳහා හොඳ මිලක් දෙන්න, ව්‍යාපාරිකයන්ට සහන දෙන්න අපි කටයුතු කරනවා. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම බෝගයක්ම නිෂ්පාදනය කරනවා. දේශීය ව්‍යාපාරිකයා කම්කරුවා, ව්‍යාවසායකයා ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුවක් තුළ කටයුතු කරනවා. අපි ඒක කරනවා. ඒ අය කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. මේ රට ඩිජිටල් කරනය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ තරුණ තරුණියන්ට විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය පෝලිම්වල නොසිට ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.
සැබෑ පෝලිම ඉවත් කරනවා. වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් ඉවත් කරනවා. තාක්ෂණය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිට ටෙන්ඩර් පටිපාටිය දක්වා තරගකාරී ලංසු ක්‍රමයට තාක්ෂණයේ හඳුන්වාදී විනිවිදභාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි ගනුදෙනු කරන්නේ ලෝකයත් සමග. අපි ගනුදෙනු කරන්නේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි. තොරතුරු තාක්ෂණ අංශය වෙන්න පුලුවන්. ආයෝජන හා නිෂ්පාදන අංශය වෙන්න පුලුවන්, සේවා අංශය වෙන්න පුලුවන්, විදේශ රැකියා අංශය වෙන්න පුළුවන් රැකියා ලක්ෂ විස්සක් ඊළඟ වර්ෂය දහය තුළ ඔබේ දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම භාර ගන්නවා. මම දන්නවා මේ රටේ තරුණයන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන විදිය මම දන්නවා. ඒකීය බව ආරක්ෂා කරන මේ රට තුළ සියලු සංස්කෘතීන් ආරක්ෂා කරමින් මාතෘ භූමියේ ඒකීයත්වය රකිමින් අපේ දරුවා වෙනුවෙන් රාජ්‍ය සම්පත් සංවර්ධනය කොට අලුතින් රැකියා උත්පාදනය කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් දියුණු රටක් ඔබ වෙනුවෙන් ගොඩනගන අභියෝගය අපි භාරගන්නවා.
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ මහතා,
අද අපි රටක් ලෙස අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දෙමින් ඉන්නවා. අසාමාන්‍ය දේශපාලන වාතාවරණයක විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. එදා මැයි මාසයේ 9 දා මගේ කාර්යාලය ගිනි තිබ්බා. නිවස විනාශ කළා. රට අර්බුදයට ඇද දැම්මා. ආණ්ඩුවේ නායකත්වය මාරු කරන්න කටයුතු කළා. නමුත් වසර කිහිපයක් යාමට පෙර විශාල පිරිසක් එක්කර ගන්න අපිට හැකියාව ලැබුණා. 2020 පාර්ලිමේන්තු මැතිවරණය අපි විශාල ජයග්‍රහණයක් ලබාගත්තා. එයින් පසුව මැතිවරණ පවත්වා නැහැ. නමුත් ඒ අවුරුදු 4 ඇතුලත වසංගත තත්ත්වයක් ආවා. ආර්ථික අර්බුදයක් ආවා. ඒවා දඩමීමා කරගෙන මේ රටේ දේශපාලනයේ වෙනස්කම් සිදුවුණා. ඒවා සියල්ල සිදුවුණේ කුමන්ත්‍රණවලින්. අපි ශ්‍රී ලංකා පොදුන පෙරමුණ නියෝජනය කරන්නේ මේ රටේ ජාතිකවාදී කඳවුරයි. මේ රටේ දේශීයත්වය නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂයි. අනෙක් සියලු අපේක්ෂකයන් විදෙස් බලවේග සමඟ එක්ව සිටිනවා. ඡන්දයෙන් ගන්න නොහැකි අවස්ථාව විවිධ කුමන්ත්‍රණවලින් ලබාගන්න ඔවුන් උත්සාහ කළා. මේ රටේ අරගලයක් නිර්මාණය කළා. ඒවා කෘතීමව නිර්මාණය කළා. තෙල් ගබඩාවල දත්ත පද්ධතිය එදා සම්පූර්ණයෙන්ම මකා දමා තිබෙනවා. එදා පෝලිම් හදපු විදිය අපි දන්නවා. බලය අල්ලා ගැනීම සඳහා ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
මේ රටේ ජාතිකත්වය මරන්න බැහැ. ජාතිකත්වය, දේශීයත්වය නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂ. මගේ මහ ගෙදර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනවා. අම්මා සමඟ තරහා වෙලා ගෙදරින් ගිය අය යළිත් මහ ගෙදරට එනවා. මේ රටේ බෙදුම්වාදී යුද්ධය අවසන් කරන්න අපේ පක්ෂය පෙනී සිටියා. සංවර්ධනය කරන්න අපේ පක්ෂය පෙනී සිටියා. අපි යම්තාක් දුරට නිහඩව සිටියා. නමුත් දැන් අපේ පාක්ෂිකයන් අවදි වී තිබෙනවා. නමුත් අපිය බිය කරන්න උත්සාහ කරනවා. කිසිඳු අදහසක් ප්‍රකාශ නොකර ඉන්න සියයට 65 ක් 70 ක් පමණ ඉන්නවා. ඒ පිරිස නිහඩව සිටින්නේ නාමල් රාජපක්ෂ මහතාට ඡන්ද්ය දෙන්න. නාමල්ට ඇයි අපි ඡන්දය දෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා නිසා නොවෙයි. මෙවැනි තරුණ අපේක්ෂකයෙක් වෙනත් පක්ෂවල නැහැ. අරගලයෙන් ද ඉල්ලුවේ තරුණ අපේක්ෂකයෙක්. නාමල් රාජපක්ෂ හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනත් අයෙකු ඉදිරිපත් කර නැහැ. දේශීයත්වයට ගරු කරමින් මේ රට බෙදන්න දෙන්නේ නැහැ කියා නාමල් රාජපක්ෂ කියනවා. නමුත් 13 ක්‍රියාත්මක කරන්නේ නැහැ කියා වෙනත් කිසිඳු අපේක්ෂකයෙකු ප්‍රකාශ කර නැහැ.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා,
වියත් මගෙන් පැමිණි වියතුන් තමන්ගේ උගත්කම භාරදීලා බාර් ලයිසන්, රුපියල් ලක්ෂ 2000 ට 3000 ට මහින්ද රාජපක්ෂ කඳවුර පාවාදීලා ගියා. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉතිරිවුණු එකම කෙනා නාලක කෝට්ටේගොඩ මහතායි. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහන දිසානායක සියලු දෙනා පැන ගියා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලයේ ඇමැතිකම් ලබාගෙන සංවර්ධනය කළා. නමුත් ඒවාට සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. නමුත් අවසානයේ අපිව දාලා ගියා. ඒ වලොවේ මාතලේ දිස්ත්‍රික්කයේ අභිමානය ආරක්ෂා කරගන්න නාලක කෝට්ටේගොඩ මහතා සමත් වුණා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 10 ක් හිමිවුණා. එහෙම මුදල් අරගෙන අපේ කඳවුරෙන් වෙන්ව ගියා. මෙතන ඉන්න පිරිස සම්බන්ධයෙන් මම ආඩම්බර වෙනවා. නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව අරගෙන තිබෙන ජවය අපිට පේනවා. 22 දාට නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති බවට පත්වන්නේ නාමල් රාජපක්ෂ බව පැහැදිලි වෙනවා. අවසන් මැතිවරණයේ දී අපිට ඡන්ද ලක්ෂ 69 ක් තිබුණා. ඒ නිසා අපි බිය වියයුතු නැහැ. වැඩිපුරම වැඩ කලේ අපි නම් කිසිවෙකුට බිය වියයුතු නැහැ. ජේ.ආර් ජයවර්ධන 83 කළු ජුලිය හදලා 30 වසරක යුද බිය ඇති කළා. රණසිංහ ප්‍රේමදාසට ඒක නතර කරන්න නොහැකි වුණා. ගම්උදාව, ජනසවිය හැර රණසිංහ ප්‍රේමදාස කිසිවක් කළේ නැහැ. ඩී.බී විජේතුංගත් මේ රටට කිසිවක් කළේ නැහැ. නූතන විහාර මහාදේවිය කියලා ගෙනාව චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් යුද්ධය අවසන් කරන්න නොහැකි වුණා. නමුත් 2005 දී බලයට ආව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරන්න කියලයි.
ඒ මහතා කිවුවා වගේ අවුරුදු තුනෙන් යුද්ධය අවසන් කළා. ඒ අනුව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වෙනවා. ඒ කඳවුර නියෝජනය කරන ජාතිය අපි. මහින්ද රාජපක්ෂ මහතා මේ රට දැවැන්ත පරිවර්තනයකට ගෙනාවා. එතුමාගේ කඳවුරේ ඉන්න අපිට ලැජ්ජා නැද්ද කියලා කවුරු හරි අහනවා නම් ඒ අයට රටේ සත්‍යය පිළිබඳ අවබෝධයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා රටට දැනෙන්න යමක් කළේ නැහැ. මිනී මරන්නේ නැතිව අභය දානය දෙන්න මහින්ද රාජපක්ෂ මහතා සමත්වුණා. මේ රටට අවස්ථා දෙකක දී අභය දානය දුන්නා. මෙවර ඡන්දයෙන් අපි දිනනවා. අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ නොම්මර එකේ මිනීමැරුවා. ඔවුුන් භීෂණය වපුරනවා. අනුර කුමාර දිසානායක බලයට පැමිණි ගමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කරනවා කිවුවා. ඒ වගේම හිටපු ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන්ගේ ආරක්ෂාව සහ නිවාස ඉවත් කරනවා කිවුවා. රනිල් වික්‍රමසිංහගේ යාන්ත්‍රණය ජනතා විමුක්ති පෙරමුණ විසින් ක්‍රියාත්මක කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රීකුණාමලය නාවික කඳවුරට ගෙන ගොස් තමයි බේරා ගත්තේ. මේ රටේ යුද්ධය අවසන් කොට රටට සාමය ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතයි. තවමත් ජාත්‍යන්තරය තුළ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තවමත් නතර වෙලා නැහැ. මහින්ද රාජපක්ෂ මහතා මරා දමන්න ගන්නා උත්සාහය වහාම හෙළි කරන්න කියා මම අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලනවා.
දිගාමඩුල්ල් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා,
මාතලේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් දාලා යද්දී නාලක කෝට්ටේගොඩ මහතා මහින්ද මහත්තයාගේ කඳවුරේ ඉන්නවා. මේ අසීරු මොහොතේ විශාල පිරිසක් මේ ස්ථානයට සම්බන්ධ වී සිටිනවා. මේ වනවිට අපේ අය බියට පත්ව තිබෙනවා. ඒකට සාධාරණ හේතු තිබෙනවා. අපේ ජනාධිපතිවරයා පන්නා දමලා, අගමැතිවරයා ඉවත්කරන්න අරගලය සමත්වුණා. අපි මේ රට විනාශ කළ පක්ෂයක් නොවෙයි. මිනිස්සු මරලා, සොරකම් කරලා තිබෙන පක්ෂයක් නොවෙයි. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර නොගත්තේ නම් අපේ රට වෙනත් දිශාවකට යනවා. අවුරුදු 30 ක් පැවැති යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිම නායකයෙකුට නොහැකි වුණා. යුද සමයේ දී මේ රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් මියගියා. රාජ්‍ය සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වුණා. මේ රටේ පැවැති යුද්ධය අවසන් කරන්න යම් යම් උත්සාහ දරන්න මේ රට පාලනය කළ නායකයන් උත්සාහ කළා. නමුත් යුද්ධය ඉවර කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන්නා. මීට වසර කිහිපයකට පෙරම අපේ රටේ පැවැති තත්ත්වය හොඳින් දන්නවා. අම්පාරේ සිදුවූ ඝාතන මගේ ඇස් දෙකින් දැක තිබෙනවා. එදා තමන්ගේ දරුවා පාසල් ගොස් ගෙදර එනකල් විශ්වාසයක් තිබුණේ නැහැ.
අම්මයි තාත්තායි එක බස් රථයේ ගමන් ගියේ නැහැ. එදා යුද බිමට ගිය තමන්ගේ දරුවා යළි එනකල් දෙමාපියන් බලා සිටියා. එදා එළාර පරාජය කළ දුටුගැමුණුගෙන් පසුව යුද්ධය අවසන් කළ නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂ මහතා වෙනවා. මම මේ රටේ විවිධාකාරයෙන් පීඩාවට පත්වුණු කෙනෙක්. මගේ පියා එදා ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විසින් මරා දැම්මා. අරගලය වෙලාවේ මගේ ගෙදර ගිනි තිබ්බා. එහෙම කළා නම් අපේ දේශපාලන කඳවුර හැර යන්න ඕන අපි. නමුත් අපි අපේ ආත්ම ගෞරවය පාවා දෙන්න ගියේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයක් ලබාදෙමින් අපි අපේ කඳවුරේ තවදුරටත් ඉන්නවා. යුද්ධයෙන් පසුව දැවැන්ත සංවර්ධනයක් කළෙත් ගමේ ඉන්න ජනතාවට ආර්ථිකය සවිමත් කරන්න පියවර ගත්තෙත් මහින්ද රාජපක්ෂ මහතායි. ඒ සියල්ල සිදුවුණේ 2005 – 2015 කාලයේ. නමුත් ඒ සංවර්ධන කටයුතු 2015 න් පසුව අතරමඟ නතර වුණා. රට හදපු නායකයෙකුගේ පක්ෂයක් අපි නියෝජනය කරනවා. නමුත් කියන්න පුළුවන් කිසිඳු සංවර්ධනයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකර නැහැ. මේ රට ණය වුණා නම් ණය වුනේ ජනතා විමුක්ති පෙරමුණ මේ රටට කළ හානිය නිසයි.
ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය ලබාදෙන බවට මෙහිදී සහතික වූහ.
මාධ්‍ය මධ්‍යස්ථානය,
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ.
2024.09.11