69 ලක්ෂයේ බලය දිලිත් ජයවීර දෙසට නැඹුරු විය යුතුය.
Posted on September 11th, 2024
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
මෙවර චන්ද සටනේ දිදුලන තරුව දිලිත් ජයවීර මහතා බව ඉතා පැහැදිලිය. ඔහු යහපාලන රජයේ බලකණුවූ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක එරෙහිව සටන් වදින පිරිසිදුම දේශපාලන චරිතය බව,අවිවාදයෙන්ම පිළිගත යුතුය.
රටේ ණය බර ඉතා ඉහලට ගෙන ගියද සංවර්ධන ඉලක්කයන් කිසිවක් සිදු නොකළ යුගය වන යහපාලන සමයට බලය ලබාදුන් රනිල් වික්‍රම සිංහ , සජිත් ප්‍රේමදාස, හා අනුර කුමාර දිසානායක යන යහපාලන රංගන වේදිකාවේ, සිදුකල සියලුම රංගනයන් මෙරට ජනතාව යලි යලිත් සිහිපත් කල යුතය. මේ ත්‍රිබෑයන් එකතුව පළමුව සිදුකලේ මේ රටේ සිදුවෙමින් පවතී සියලුම සංවර්ධන ව්‍යාපෘති වසර දෙකකට නවතා දැමීමයි.. එය සිදුකලේ මේ තුන්දෙනාගෙම එකමුතුව බව මිනිසුන්ගේ මනසින් බැහැර කරවීමට මේ අය මේ වන විටත් සමත්ව ඇත.
එදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,වසර දෙකකට සංවර්ධන ක්‍රියාවලිය නවතාලන ලද්දේද ගෙවීමට මහා ණය කන්දක් ගෙවා දැමීමට ඇති බව පවසමිනි. එදා මහා බැංකු අධිපතියා මුදල සොරාගෙන පලායන විටද ඒ පාලන යාන්ත්‍රණයේ සුක්කානම මෙහෙයවනු ලැබුවේද මේ අපේක්ෂකයින් තිදෙනාමය.
ඔවුන්ගේ සම්බන්ධතාව කොතෙක්ද යත්, මෛත්‍රිපාල ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයෙන් පලවා හරි මොහොතේද ඔහුව යලි බලයේ ස්ථාපනය කරන්නට අධිකරණයේ පිහිට පැතීමේ ක්‍රියාවලියට අනුර කුමාර දිසානායකගේ කණ්ඩායම මුලිකත්වය ගෙන කටයුතු කල බැවින්, ඔවුන් ඒ අශුද්ධ සන්ධානයේ කොටස්කරුවන්ව සිටි බව මෙරට මහා ජනතාව වටහා ගත යුතුය.
තරඟය ඇත්තේ, මේ තුන්දෙනා අතර නම්, මේ තුන්දෙනාගෙන් මේ පදවියට සුදුසුම පුද්ගලයා වන්නේ, රනිල් වික්‍රමසිංහය. ඒ ඔහු නායකත්වයට සුදුසු පුද්ගලයෙකු බැවිනි. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් 69 ලක්ෂයේ දේශපාලනය හා බද්ධවීමට එතුමාට හැකියාවක් නැත්තේ එතුමා නියෝජනය කරන්නේ අපේ කඳවුර නොවෙන බැවිනි.
සිංහල බෞද්ධ සංස්කෘතිය අපේ පදනමයි. ඒ පදනම මත සිටගෙන මේ රටේ පැන නැගී ඇති අර්බුදය විද්‍යාත්මකව විසදීමට නිවැරදි දේශපාලන විසදුම ඉදිරිපත්කර ඇත්තේ, දිලිත් ජයවීර මහතා පමණි. ඔහු ගොඩනගන රාජ්‍යයේ ස්වරුපය මෙවැන්නක් යයි අප මනසේ සනිටුහන්වේ,
https://www.lankaweb.com/news/items/2015/04/13/%e0%b6%9a%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b6%ad%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b7%83%e0%b6%82%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ba-2/
මෙවන් රාජ්‍යක් බිහි කිරීමකින් තොරව ඔබ අපේක්ෂා කරන සොරකම, වංචාවකින් තොර සරු රාජ්‍යක් කිසිවෙකුටවත් ගොඩ නැගිය නොහැක. එබැවින් ඔබේ වටිනා චන්දය දෙගිඩියාවකින් තොරව දිලිත් ජයවීර මහතාගේ තරුව ඉදිරියේ කතිරයක් ගසා ජාතික මහා පිංකමට දායක වෙන්න.