දොඩම්පහල රාහුල හිමියෝ රනිල්ගේ වේදිකාවට.. රනිල් රකින්නැයි සියළු පන්සල් වලට දන්වයි..
Posted on September 12th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

අමාරුම කාලයේ රට ගොඩගත් නායකයාට සහය පළකිරීමට තමන් වහන්සේ තීරණය කර ඇතැයි දොඩම්පහළ ශ්‍රී රාහුල හිමියෝ ප්‍රකාශ කරති.

ජාත්‍යන්තරය පවා පුදුම පත්කරමින් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව දෙසට යොමුකරවාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මාට හැකියාව ලැබුණු බවත් දුෂ්කර කාලයේ රට නිවැරදි මඟට යොමුකළ ඔහුට නැවතත් රටේ පාලනය භාරදිය යුතු බවත් උන් වහන්සේ පැවසූහ.

මගෙ රත්තරං හාමුදුරුවනේ, පෙර අවස්ථාවන් වල හැම මාසෙකම මේ රටේ පඩි ගෙව්වේ ඔබවහන්සේලා වැටුපක් නෙවෙයි රැකුමක් ගන්න පිරිවෙනක පණ්ඩිත හාමුදුරුවන්වහන්සේ නමක් නම් අලුත්ම පන්දාහේ කොල ආවා. ස්වාමීනී, මුදල් කොල නෝට්ටු අච්චු ගහලයි දුන්නේ.

මේ අවුරුදු දෙක පුරාවටම මේ මනුස්සයා එක මුදලක් අච්චු ගැහුවේ නැහැ. එක මුදලක් අච්චු ගැහුවේ නැහැ එහෙමනම් මුදල් නෝට්ටුවල තියෙන්න ඕනේ ඒ නම අත්සන් කරලා.

සමහරවෙලාවට අපි දැක්කා , මමත් මුදල් ඇමතිනේ ඉතිං මමත් මේක අත්සන් කොරන්ඩ එපායැ කියලා ඉවර වෙලා අපේ සර්ලා ගෙනාවා. හැබැයි එතැනින් පස්සේ සම්පුර්ණයෙන්ම රට තුළ සාමය ඇති වෙන කොට අර අපේ ජාත්‍යන්තරයේ ඉදලා ලක්ෂ 25 ට කිට්ටු වෙන්න විදේශිකයින් රටට එනකොට සංචාරකයින් හැටියට මේ පැත්තට අපේ ජනතාව සිහිබුද්ධියෙන් අවශ්‍ය කරන ඩොලරය තමන් වැඩකරලා මේ මාතෘ භුමියට එවනකොට මේ රටේ මිනිස්සුන්ගේ ආයෝජන පැත්ත වැඩි කරලා විදෙස්ගත කරන කොට අපනයනයන් හැටියට අද සිටින තැනට හිටගන්නත් ඒ විතරක් නෙවෙයි

ලෝකය තුළ පුදුමයට විශ්මයට පත්කරන විදිහට මනුස්සයින්ගේ සිත් මේ පැත්තට යොමුකරවන්නත් වත්මන් ජනපතිතුමන් සක්‍රීය වුණා. ඒනිසයි පින්වන්ත හාමුදුරුවනේ අපි මෙතන හිටගත්තේ”

https://www.facebook.com/watch/?v=503073955842309

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress