කඩිනමින් ආර්ථිකය ගොඩගන්න සංචාරකයන් ලක්‍ෂ 40ක් ගේනවා…
Posted on September 13th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේග රජයක් යටතේ මෙරටට වසරකට සංචාරකයන් මිලියන හතරක් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව එහි ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

මෙරට ආර්ථිකය නගා සිටුවීමේ කඩිනම් පියවරක් ලෙස සංචාරක කර්මාන්තය දියුණු කළ හැකි බවද ඔහු පැවසීය.

මේ වන විට මෙරට වසරක උපරිම සංචාරක පැමිණීම මිලියන 2.3ක් බවත් එය මිලියන හතරක් දැක්වීමට කර්මාන්තය සංවර්ධනය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress