ජනාධිපතිවරණයේ ජය කාටද?
Posted on September 14th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

මේ වනවිට තීරණාත්මක ජනාධිපතිවරණ සටනක් දියත්ව ඇත. ජයග්‍රහකයා සම්බන්ධව විවිධ මත රටපුරාම පැතිරෙමින් පවතී. මාලිමාව, ටෙලිෆෝනය, හා ගෑස් සිලින්ඩරය මැතිවරණ සටනේ,ඉදිරියෙන්ම සිටින බවක් බැලූ බැල්මට දිස්වේ.

2019දී චන්ද 418,553 ගත් අනුරද, චන්ද 5,564,239 ක් ගත් සජිත්ද පාර්ලිමේන්තු මැතිවරණයේදී,චන්ද 249,435ක් ලබාගත් රනිල් ජනාධිපති වේවිද, එය සිදුවිය හැක්කේ කෙසේදැයි යන්න සම්බන්ධව ජනතාව ප්‍රසිද්ධියේ සාකච්චා කරමින් සිටින අවස්තාවක් සමාජ පසුබිම තුල දිස්වේ.

මෙවර ජනාධිපතිවරයා තේරීමේදී තීරණාත්මක සාධකය වන්නේ එදා ගෝඨාභය රාජපක්ෂයන් දිනවීම සඳහා චන්දය ලබාදුන් 6,924,255 චන්ද දායකයින් ගන්නා ලබන තීරණයයි.

පවතින තත්වයට අනුව මේ මැතිවරණයේදී, චන්ද 4,185,530ක් චන්ද ලබාගන්නා තැනැත්තාට ජනාධිපතිවරම් ලබා ගැනීමේ හැකියාවක් ඇතිබවක් දිස්වේ.අපි කවුරුත් කතාකරන මාලිමාව සම්බන්ධව කතා කරමු.

මාලිමාව
මෙවර ප්‍රභලම සටන් රැල්ලක් දියත්කර ඇත්තේ මාලිමාවයි. එය ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට නම්,2019 ජනාධිපතිවරයේදී, ලබාගත් චන්ද සංඛ්‍යාව මෙන් දහගුණයක චන්ද සංඛ්‍යාවක් ලබාගත යුතුමය. ගියවර අනුර ජනාධිපතිවරණයේදී ලබාගත් 418,553 චන්ද සංඛ්‍යාව එවිට 4,185,530ක් බවට පත්වේ.මේ සම්බන්ධව, අපි ඉතිහාසය ගවේෂණය කර අපට ලැබෙන ප්‍රතිපල කවරේදැයි සොයා බලමු.

1947 මැතිවරණයේදී,චන්ද 751,432ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට වසර 70ගණනකට පසුවත් එම සංඛ්‍යාව මෙන් 10 ගුණයකට ලඟා වීමට නොහැකිව ඇත.

1952 මැතිවරණයේදී, චන්ද 361,250ක් ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වසර 42කකට පසු එම සංඛ්‍යාව මෙන් 10 ගුණයක චන්ද සංඛ්‍යාවක් ලබාගැනීමට හැකිවිය. ඒ 1994 වසරේදීයි. එබැවින්,මාලිමාවට වසර 4ක් වැනි කෙටිකාලයක් තුලදී 10 ගුණයක චන්ද ලබාගත හැකියි යන අධිතක්සේරුවෙන් ඔවුන්ව මුදවා ලිය යුතුය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress