මේ රටේ ජන්ම උරුම කරුවන් වන සියළුම දේශප්‍රේමී, ජාති හිතෛෂී සිංහල බෞද්ධ චන්දදායකයින් වෙත විවුර්ථ සන්දේශයක් හා රට ජාතිය වෙණුවෙන් කරණුලබන ආයාචනයක්
Posted on September 14th, 2024

දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ ලේකම් සහ ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවා සන්ගමයේ සභාපති (1991/94) මහනුවර 10.9/2024

පෙරවදන

රට ජාතියට සහ බුදු සසුනට ආදරය කරණ කිසිම සින්හලයෙකු, පහත සඳහන් පොරුන්දු ඉටු කිරීමට එකඟ නොවන කිසිම ජනාධිපති අපේක්ෂකයෙකුට සැප්තම්බර් 21දා තම වටිනා චන්දය නොදෙන මෙන් මම ඉල්ලමි. මෙම සන්දර්භය තුල බුදු දහම ප්‍රතික්ෂේප කරන මේ රටට කිසිසේත්ම නොගැලපෙන මාක්ස් ලෙනින් වාදය සහ පන්ති සටන ආත්මකොටගත්, ඊර්ෂියාව,ක්‍රෝධය සහ වෛරය හිස මුදුනේ තබාගෙන  සටන්වැදි සිටින   “ජාතික ජනබ්ල වේගය” නමින් වෙස්වලාගෙන සිටින ජ්.වි.පියට හෝ අන්ත නව ලිබරල් වාදය නියෝජනය කරන බටහිර රටවලට හා ඉන්දීයාව ඇතුළු කිසිම විදේශයන්ට රට පාවාදෙන, ජාතිකත්වයක් නැති රනිල් ප්‍රමුඛ අපේක්ෂකයින්ට රටේ පාලනය භාරදී ජාතියක් වශයෙන් සියදිවි නසාගැනීම නොකරණ මෙන්ද  මම ඉල්ලා සිටිමි.

ලබන සැප්තැම්බර්.21 වනදා ඔබ ගනුලබණ තීරණය මත මේ රටේ හා ජාතියේ අනාගත ඉරණම රඳා පවතින බවද මතක් කර දෙණු කැමැත්තෙමි.

මා මෙම සටහන තබණුයේ ක්‍රි. පූ. 543 සිට මේ ක්වාම අඛණ්ඩව මේ රට සිංහල බෞද්ධයින්ගේ ඓතිහාසික ජන්ම භුමිය යන පදනම මත පිහිටාය. ලිඛිථ ඉතිහාසයට අනුව මේ රට සොයාගත්තෝද එහි ශිෂ්ඨාචාරය බිහිකලෝ ඔවුන්මය.එසේම සිංහලේ නම් වූ මේ රටේ ජාතිය සිංහලය. ඉතිහාසයේ වරින්වර හොරෙන් මෙහි පැමිණි හෝ අධිරාජ්‍ය වාදි ආක්‍රමණිකයින් විසින් 1765 න් පසු ඔවුන්ගේ වහලුන් මෙන් දකුණු ඉන්දියාවෙන් මෙහි ගෙනවිත් අතරමන්කොට දමා ගිය හෝ වෙඳාමට පැමිණ මේ රටේ පැවති ඓශ්වර්‍යයෙන් මවිතවී නතරවූ දෙමළ, මුස්ලිම් හෝ වෙනත් සියළු දෙනාම මේ රටේ පෙර පැවති නීතිය අනුව රටේ ජාතිය වූ සිංහල සමාජයට අන්තර්ග්‍රහනයවී සිංහලයින් වනතාක් ඔවුන් මේ රටේ රටවැසියන් නොවේ.සුළුජන කොටස් පමණි. රුසියාවේ පුටින් කී පරිදි අප කිසි දිනක මොවුන්ට මේ රටට එනමෙන් ආරාධනා කොට නැත.එමනිසාම, රුසියාවේ රුසියන්වරුන් වන මෙන්, ඔවුන්ද සිංහලයින් වන තුරු ඔවුන් කිසිවෙකුට භූමිපුත්‍රයින් වන සිංහලයින් සමඟ භූමියට  හෝ වෙනත් කිසිම දෙයකට සම අයිතිවාසිකම් ඉල්ලිමට අයිතියක් නැත. නීතිය තුල ඔවුන් ආගන්තුකයින් පමණි..

ඒ අනුව මේ රටේ ජාතිය සිංහල බෞද්ධය. රාජ්‍ය භාෂාව සිංහලය. රාජ්‍ය ආගම බුද්ධාගමය. මේ රට වසර 2566 ක් තිස්සේම සිංහල බෞද්ධයින්ගේ මාතෲ භුමියය. ඕලන්දකරයින්ගේ අවසාන කාලයේ සහ ඉන්පසුව ඉන්ග්‍රීසීන් විසින් 1815 පසු සින්හලයින්ගේ, 1817-18 සහ 1848 නිදහස් සටන් වලදී සින්හලයින් මර්ධනය කිරීම සඳහා යුධ කුලීකරුවන් වශයෙන් මෙහි ගෙන එනලද දැන් දෙමළ වශයෙන් හැඳින්වෙන මේ මලබාකාරයින්ගේද මව්බිම ඇත්තේ දකුණු ඉන්දියාවේ කඳුකරයේය. උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදින්චි කළ මොවුන් සුද්දන්ගේ කුමන්ත්‍රණය අනුව ලන්කා දෙමල වශයෙන් අරුණාසලම් පොන්නම්බලම් විසින් නම් කළේ 1901 දීය.

කඳුකරයේ දෙමළ නමින් හැඳින්වෙන පිරිසද 1838 සිට සුද්දන් විසින් වරින් වර ඔවුන්ගේ කෝපි සහ තේ වතුව්ල වැඩට දකුණු ඉන්දීයාවෙන් ගෙන ආ වහල් කම්කරුවන්ය. 1987 දී ඔවුන් මේ රටේ පුර වැසියන් කළේ ජේ.ආර්/රජිව්  ගිවිසුමෙන්ය. ඔවුන්ගේ මව්බිම ඇත්තේද දකුණු ඉන්දියාවේය.එසේම මුස්ලිම්වරුන්ගේ මව් බිම්ද ඇත්තේ ඔවුන් මේ රටට ඒමට පෙර සිටි දකුනු ඉන්දියාව සහ මැලේසියාව වැනි රටවලය. එමනිසා මේ සියළු දෙනාම ඒ යතාර්ථය තෙරුම්ගෙන මේ රටේ ශිෂ්ඨාචාරය බිහිකළ එහි පරම උරුමකරුවන්ට අන්තර් ග්‍රහණය වී රටේ ජාතිය වූ සින්හලයින්ට   කරදරයක් නොවන අන්දමින් ජීවත් වීමට දැනගතයුතුය. එසේ කිරීමට නොහැකිනම් ඔවුන් සියළුදෙනාම තම තමන්ගේ මව් රටවලට ආපසු යා යුතුය. නැතිනම් රජය විසීන් ආපසු යැවිය යුතුය.

මෙම ඓතිහාසික තත්වය පළ්මුවෙන්ම තෙරුම් ගතයුත්තේ මේ රටේ දේශපාලකයින්ය.

මේ සින්හල රටේ ස්වයන් නිර්ණය සිහින කින මාවල් සේනාධිරාජා ඇතුළු මේ  මලබා දෙමලුන්ට එම දවල් සිහිනය දැන්වත් අත්හැර ඔවුන්ගේ සැබෑ ඓතිහාසික මව්බිම වන ඉන්දියාට ගොස් ඒ සිහිනය සැබෑකරගන්නා මෙන් කිවහැකි සින්හලයෙක් දැන්වත් මේරටේ ජනාධිපති විය යුතුය.

කතෝලික ආගමද මේ රටේ මුහුඳුබඩ ප්‍රදේශවලට බලහත්කාරයෙන් හඳුන්වාදෙනු ලැබුයේ 1505 පෘතුගීසි ආක්‍රමණයෙන් පසුවය. ඒ අනුව කතෝලික වූ බහුතරය සින්හල බෞද්ධයින්ය. එමනිසා ඔවුන්ගේ වසර 2500 කට වැඩි සින්හල බෞද්ධකම වෙනස්විය නොහැක.ඇත්ත වශයෙන්ම ඔවුන්ද තවමත් සින්හලයින්ය.හින්දු ආගමිකයින් මෙහි ඇතිවූයේ ඕලන්දකාරයින් විසින් 1665 න් පසු මලබාර් වැසියන් ගෙන ඒමත් සම්ඟය. මුස්ලිම් වරුන්   වෙනම ජාතියක් වශයෙන් නැගීසිටීම ආරම්භ වූයේ 1915 දි ඇතිවු සින්හල මුස්ලිම් කෝලාහලයෙදී ඉන්ග්‍රීසීන් විසින් ඔවුන්ට ලබාදුන් රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබූ ජාති ආගම් වාදී උත්තේජනයෙන් පසුවය.මේ අනුව ආක්‍රමණිකයින්ගේ නොමඳ අනුග්‍රහය ඇතිව අන්‍යාගමික කරණය සහ සුළුජන ජාතිවාද ය මේ රටේ පැළපදියම් වුවද වසර 2500 කට වැඩිකළක් මේ ලක් පොලවේ මුල්බැස තිබුණු  බුද්ධාගම විනාශකිරීමට බටහිර බලවේග කොතරම් වෑයම් කළද අදටත් මේ රටේ ජනගහනයෙන් 70% ට වැඩි පිරිසක් බෞධාගමිකයින් වීමෙන්ම  කිසිම ජගතෙකුට  මේ රටේ බෞද්ධ බලය සහ බෞද්ධ ලාන්චනය වෙනස්කළ නොහැකිබව සක්සුදක්සේ පැහැදිළිය. මේ රටේ පරම අයිතිය ඇති සින්හල බෞද්ධයින්ට මේ මහපොලව මත ඇති එකම බිම්කඩ ව.සැ. 25,330 ක් වු මේ පුන්චි රට පමණය. එබැවින් ඔවුන් සමඟ අන්තර්ග්‍රහනය වී ජීවත් වීමට සූදානම් නැති සියළු මේ ආගන්තුකයින් දෙනාම තම ත්මන්ගේ මව් රට වලට ආපසු යා යුතුය.

1948න් පසු මේ රට පාලනය කළ මානසික වශයෙන් සුද්දන්ගේම කාබන් කොපියක්වූ මෝඩ සිංහල දේශපාලනඥ්යින්ට, 1799 ක්ලෙග්හෝන් සන්දේශයෙන් සුද්දන් විසින්  නිර්මාණය කළ මෙම දෙමළ ජාතික මිත්‍යාව ඛණ්ඩණය කොට රටේ භූමිපුත්‍රයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ජාතිකත්වයක් හෝ මොලයක්  නොතිබුණු නිසාද ඊටත් වඩා සුළුජන කොටස්වල චන්දය ලබාගැනීම සඳහාද එදාමෙන්ම අදද   ඔවුන් ගොලුවන්, බිහිරන් සහ අන්ධයින් මෙන් මේ රට බහුජාතික, බහු භාසික සහ බහු ආගමික රටක් වශයෙන් පිලිගෙන සිංහල ජාතියට හා මේ රටට  ද්‍රෝහි වී පාවා දීමනිසා  සිංහල ජාතියත් බුදුසසුනත් මේ රටෙන් අතුරුදන් වන තැනට අ පත්ව  ඇත. මේ සෑම දේශපාලකයෙකුම දෙමල මුස්ලිම් වරුන්ගේ අයිති වාසිකම් සහ දුක් ගැනවිළි විසඳීම සඳහා රෑ දවල් වෙහෙසෙන නමුත් මේ රටේ උරුමකරුවන් වන සින්හල මින්සුන්ගේ අයිතිවාසිකම් දුක් ගැනවිලි ගැන එක වචනයක් වත් කථාකරන්නේ නැත. විසේෂයෙන්ම 1505 සිට 1848 දක්වා පරසතුරන්ගෙන් මෙ රට ආරක්ෂාකොට ගැනීම සඳහා වසර 443 කාලයක් පුරා ජීවිත පරිත්‍යාගයෙන් සටන්කළ උඩරට ජනතාවගේ ප්‍රවේණී ඉඩම් ඉන්ග්‍රීසින් විසින් බලහත්කාරයෙන් අල්ලා ගත් නිසා ඔවුන්ට අහිමිවූ අක්කර 13 ලක්ෂයක් පමණ වූ ඔවුන්ගේ ප්‍රවේණි ඉඩම් වලින් අඟල්ලක්වත් ඔවුන්ට ලබාදිමට 1948 සිටම අද දක්වාත් කිසිදු උත්සාහයක් කොට නැත. එසේ කරණු වෙනුවට දැනට තේ වතු වශයෙන් ඇති එම ඉඩම් සුද්දන් විසින් ඔවුන්ගේ වහල් කම්කරුවන් මෙන් ගෙනවිත් 1948 ඔවුන් මේ රටින් යනවිට මෙහි අතර්මන්කොට දමා ගිය ඉන්දීය වතු කම්කරුවන්ට  ලබාදීම සූදාන්නම් බව පෙනේ. ජනාධිපති අපෙකික්ෂකයින් දෙදෙනෙකු වූ රනිල් සහ සජිත් දැනටමත් වතු කම්කරුවන්ට මේ පොරොන්දුව දී ඇත ඔවුට එම ඉඩම් ලබාදුනහොත් 1815 ට පෙර මේ ඉඩම්වල ඓතිහාසික උරුමකරුවන් වූ උඩරට සින්හලයින්ට  සිදුවන්න්නේ ඉන්දියන් සාගරයට පැන සිය දිවි නසාගැනීමට නොවේද. ඔබ මේ තරඟයේදී චන්දය දෙන්නේ රට හෝ ජාතිය පිලිබඳ  අබමල් රේණුවක හැඟීමක් නැති දේෂ ද්‍රෝහී ජාති ද්‍රෝහීන්ටදැයි ඔබ සිහි බුද්ධියෙන් සිතා බැළියයුතු නොවේද.

රනිල් මෙම තරඟයේදී තමන්ගේ ප්‍රමුකතාව ආර්ථිකය ගොඩ ගැනීම මිස ජාතිය ආගම රැකීම නොවෙන බවද අනුර ජාතිය සහ ආගම තම දේශපාලනයේදී යොදා නොගන්නා බව දැනටමත් ප්‍රකාශකොට ඇති බැවින් මේ රටේ ජනාධිපති කමට ඔවුන් දෙහ්දෙදෙනාම සුදුසු නොවන බව මැනවින් ප්‍රකට වේ. රනිල් මේ රටේ ආර්ථිකය හදන හැටි 2015 සහ 2016 මහබැන්කු මන්කොල්ලයෙන්ද අනුරගේ ආගම සහ සන්ස්කෘතිය පිලිබඳ ආකල්පය 1971 සහ 1989 ඔවුන්ගේ පක්ෂය රටපුරා ක්‍රියාත්මක කළ භීෂනයෙන්ම සිතාගත හැක. රට, ජාතිය සහ ආගම ගැන නොසිතන කිසිවෙකු මේ රටේ භූමිපුත්‍රයෙකු වශයෙන් සැලකිය නොහැකි නිසා ඔවුන් දෙදෙනාම මේ සිංහල බෞද්ධ රටේ ජනාධිපති කමට කිසිසේත්ම සුදුසු නොවේ. ළබන 21 වනදා ඔබ ඔබේ වටිනා චන්දය දීමට බලාපොරුත්තුවන්නේ මෙවැනි දේශ ද්‍රෝහී ජාති ද්‍රෝහීන්ටදැයි සිහි බුද්ධියෙන්සිතා බැළිය යුතු කාලය දැන් පැමිණ ඇත.

මේ වනවිට රටේ සිදුවෙමින් පවතින ප්‍රධානම සන්සිද්ධිය ජනාධිපති වරණ තරඟයය.

මා එය දකිණුයේ, රටක් ජාතියක් සව්භාග්‍ය කරා ගෙනයාමට රාෂ්ඨ්‍රපාලනය පිළිබඳ හසළ දැණුමක් ඇති දේශප්‍රේමී ජනහිතකාමී මහතුන්ගේ දේශපාලන මෙහෙයුමකට වඩා, බලලෝභී, ආත්මාර්තකාමී සහ බඩගෝස්ත්‍රවාදී පුද්ගලයින් කීපදෙනෙක් තම ආත්මාර්තය සඳහා රටේ දේශපාලන බලය ලබාගැනීම සඳහා කරණ මාරාන්තික යුද්ධයක් ලෙසය. ඊටත් වඩා එය සමකළ හැක්කේ මකුණක් බෙදාගැනීමට එකිනෙකා කුළල්කාගනිමින් සටනක යෙදී සිටින කපුටු රැළක සහ කබරගොයින් රැළක ගාලගෝට්ටියක් මෙන්ය. මන්ද, කපුටන් සහ කබර ගොයින යන සෑම සතෙකුගේම එකම අරමුණ ඒ මළකුන කෑම මිස එය අරක්ෂා කිරීම නොවන බැවිනි. මා එසේ කියණුයේ මේ රටේ දෙශපාලකයින්ගේද එකම අරමුණ එයම මිස රට හෝ ජාතිය නගාසිටුවීම නොවන නිසාය.

එවැනි පසුබිමක වසර 2566ක අඛණ්ඩ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති මේ සින්හල බෞද්ධ රටේ අද පවතින අතිශයින්ම අවුල් සහගත තත්වයෙන් මේ රට ගොඩ ගැනීමේ භාරධූර වගකීම භාරදීමට තරම් සුදුසු ප්‍රතාපවත් නායකත්ව ලක්ෂණ, රාජ්‍ය විචාරණය සහ පාලනය පිළිබඳ පලපුරුද්ද සහ විචක්ෂන බව, මේ රටේ හා ජාතියේ ඉතිහාශය හා ශිෂ්ඨාචාරය පිලිබඳ ඇති දැනඋගත්කම, රට ජාතියට ඇති ආදරය, රට මුහුන දී ඇති ප්‍රශ්න සහ ඒවාට යෙදියයුතු පිළියම් පිළිබඳ ඇති අවබෝධය, පරාර්ථකාමි බව හෝ දර්ශනයක් වැනි ගුනාන්ග ඇති එසේම ජනකාන්ත පෞරුෂතවයක් ඇති විශ්වාශයක් තැබිය හැකි එකම අයෙකු හෝ  සිටින බවක්  බවක් මටනම් නොපෙනේ. එසේම මේ රටේ ආරක්ෂාව, පාලනය, ආර්ථිකය සහ ජනතා ශුභසෙත යන මූලික රාෂ්ට්‍රපාලන කාර්‍යයන් පිළිබඳ, තරඟවැදී සිටින කිසිම ප්‍රධාන තරඟකරවෙකු තුල කිසිදු පරිචයක් හෝ අවභෝධයක් ඇති බවක්ද නොපෙනේ. ඔවුන් කිසිවෙක් මේ රට කුමක්ද,එහි ඉතිහාශය කුමක්ද,  එහි උරමකරුවන් කවරෙක්ද ඔවුන්ගේ ආගම,භාෂාව, අපේක්ෂාවන් සහ අභිළාශයන් මොනවාද  මූලික සමාජ සහ ආර්ථික ප්‍රශ්න මොනවාද, එවා විසඳීමට යෙදිය යුතු පිළියම් මොනවාද,ඒවා විසඳන්නේ කෙසේද  යන ගැටළු පිළිබඳ කිසිවෙක් දන්නා බවක් නම් නොපෙනේ.එහෙත් ඒ අඳුරු බින්ගෙය කෙළවර ජාති හිතෛශී හා රටට ගැලපෙන එක් සහන්එළියක්ද මම දකිමි. ඒ දිලිත් ජයවීර නම් පුද්ගලයාය.  කෙසේ වුවද ඔහු මේ පොරයට ප්‍රවේශ වීම ප්‍රමාදවූ නිසාද, සජබයට සහ ජා. ජනබල වේගයට තරම් රට පුරා ගම් මට්ටමේ ශාකා ජාලයක් නැති නිසාද මේ සටනින් මුල්තැනට ඒමට හැකිවේයයි සිතිය නොහැක.එහෙත් ඉදිරි සතිය තුළ මේ රටේ දේශප්‍රේමී ජන හදවත් තුලට සක්‍රීයව ඔහුට ප්‍රවේශ වීමට හැකිවුවහොත් සහ මේ රටේ ජනතාව යතාර්ථවාදීව සහ බුද්ධිමත්ව රට ජාතිය බේරාගැනීම මුල්තැන තබා  ක්‍රියා කළහොත් සෙසු අපේක්ෂකයින් නොසිතූ චන්ද ප්‍රතිශතයක් 22 දාට ඔහුට ලැබෙන්ටත් ඉඩකඩ  තිබේ.

 කෙසේ වුවද ප්‍රථමයෙන්ම මේ රටත් ජාතියත් එසේම දේශපාලනයත්, විශේෂයෙන්ම 1977 න් පසු , විවුර්ත ආර්ථිකයේ පියවරුන් වූ දෙශපාලකයින් විසින් ඇදදමා ඇති අඝාධයෙන් ගොඩ ගැනීම සඳහා, දැනට ඉදිරිපත්ව සිටින පේක්ෂ්කයින් අතුරෙන් රට ජාතියට ආදරයක් ඇති, පහත සඳහන් ප්‍රතිඥාවන් දෙන, ඒ අනුව රට ජාතිය ගොඩ ගැනීමට එකඟවන අයෙකු මී ලඟ ජනාධිපති වරයා වශයෙන් තෝරා ගත යුතුයයි  මම යෝජනා කරමි.

එම උතුම් ජාතික අරමුණ ශාක්ෂාත් කරගැනීමටනම් තමන් ජනාධිපති වශයෙහෙන් පත්වූ පසු පහත සඳහන් කරුණු ඉටුකිරීමට ප්‍රතිඥා නොදෙන, කිසිවෙකුට තම වටිනා චන්දය නොදෙන මෙන් දේශප්‍රේමී සියළුම චන්දදායකයින් සියළු දෙනාගෙන්ම රට ජාතියේ නාමයෙන් මම ඉල්ලා සිටිමි.  මේ රටේ බුද්ධිමත් ජනතාව 21 වනදා නිවැරැදි තීරණය නොගතොත් බන්ගලි දේශය අද වැටී ඇති තත්වයටත් වඩා භයානක තත්වයක් මේ රට තුල ඇතිවිය හැකියයි මට සිතේ. ඇතැම්විට ඊටත් එහා ගොස් 1789 මැයි 5–1799 නොව් 9 ප්‍රන්ශ විප්ලවයෙන් පසු ඒ රටේ ඇතිවූ අභාග්‍ය සම්පන්නා අඩියට වුවද මේ රට වැටීමට අවකාශ ඇතැයි මම අනතුරු හඟවමි. 

ඒ සඳහා

1 ප්‍රථමයෙන් වර්තමාන පාර්ලිමෙන්තුව තුල රටේ ජනමතය කිසිසේත්ම නියෝජනය නොවන බැවින් හා ඒ තුළ, මේ සින්හල බෞද්ධ රටේ රාජ්‍ය විචාරණයට සුදුසු කිසිවෙකු නැති නිසාත් එසේම මොන ජගතෙකු ජනාධිපති වශයෙන් පත්වුවද, දැනටපවතින  අච්චාරු පාර්ලිමෙන්තුව හරහා මේ රට අද වැටී ඇති අඝාධයෙන් ගොඩහත නොහැකි නිසාත්, ප්‍රමුඛතා අන්ක එක වශයෙන් වහාම එය විසුරුවා හැර එම තත්වයට ප්‍රධාන හේතුව වූ 1978 ව්‍යවස්ථාවද අහෝසි කොට, 1972 ජනරජ ව්‍යවස්ථාව වහාම බල ගැන්වීමට සහ වසර 2566 ක දීර්ඝ ඉතිහාසයක් සහිත අපගේ ශිෂ්ඨාචාරය මත පදනම්වූ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ජන වරමක් ඉල්ලා සිටීම සහ මැතිවරණයෙන් ජයගත් පසු එය ඉටුකරණ බව රට ජාතිය ඉදිරියේ ප්‍රතිඥාදීම.

1978 ව්‍යවස්ථාව අහෝසි කොට, 1972 ජනරජ ව්‍යවස්ථාව බලගැන්වූ වහාම පහත සඳහන් ප්‍රතිලාභයන් සියල්ල මේ රටට ලැබෙණු ඇත.

1. විධායක ජනාධිපති තනතුර නිරායාශයෙන්ම අහෝසි වීම සහ ඒ වෙනුවට ජාතිකරාජ්‍ය සභාවේ එකඟතාව ඇතිව අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරණු ලබණ රටට බරක් නොවන ජනාධිපති වරයෙකු මේ රටට නැවත ලැබීම-ලකිසුරු වරයෙක්.

2. 13 ව්‍යවස්ථා සන්ශෝධනය සභ පලාත් සභා අහෝසිවීම සහ ඒ සමඟම  පලාත් සභාවලට ඉඩම් බලතල, පොලිස් බලත සහ ස්වයන් නිර්ණ බලතල  වැනි සියළුම බෙදුම්වාදී ඉල්ලිම්ද නතරවණු ඇත.

3.මේ රට තුල වසර සිය ගානක් තිස්සේ පැවති ලෝකයේම විශිෂ්ඨ රාජ්‍ය පරිපාලන ආකෘතියක් වශයෙන් පිළිගත් මේ රටේ පැවති දිසා පරිපාලනය විනාශ කොට රට අස්ථාවර කිරීමට ඉන්දියාව විසින් අප හිස මත පැටවූ හිසරදයක් වන 13 ව්‍යවස්ථා සන්ශෝධනය ඇතුළු එහි අඩන්ගු දේශපාලකයින්ගේ වාසිය පමණක් අරමුණුකොටගෙන සිදුකරණලද සියළුම සන්ශෝධනද අහෝසි වීම

4. වසර 37 ක් තිස්සේ පලාත්සභා නඩත්තුවට නාස්ති කළ කෝටි ප්‍රකෝටි අසීමිත ධනස්ඛන්ධයක් වාර්ශිකව රටට ඉතිරිවීම

5.ඒ යටතේ ස්ථාපිත, රටේ සමස්ථ දේශපාලන, පරිපාලන ක්‍රියාවළිය එකම අවුල් ජාලයක් කළ පලාත් සභා හූනියම සහ ඊට සම්භන්ධ කැබිනට් අමාත්‍ය වැටුප් සහ වරප්‍රසාධ ලබන ජනතාව විසින් ප්‍රතික්ෂේප කරණලද දේශපාලන පරාජිතයින් හා මැති ඇමති වරුන්ගේ නෑදෑයන් වූ ආණ්ඩුකාරවරුන් 9, මහ මැතිවරුන් 9 සහ ඇමැතිවරුන් 45 ක් ඇතුළු 700 ක් පමණ වන මන්ත්‍රී වරුන්, මහ ලේකම්වරුන් 9 සහ අමාත්‍යාන්ශ ලේකම් වරුන් 63ක්  ඇතුළු නිලධාරීන් 12,000 ක් පමණ  සහ පලාත් මට්ටමේ විවිධ ආයතන රාශියක්  අහෝසිවීම නිසා වසරකට රුපියල් බිලියන 1000 ක් පමණ බැගින් වසර 37 ක් තිස්සේ නාස්ති කළ ජාතික ධනය රටට ඉතිරිවීම සහ පලාත් සභා යටතේ ඇති සියළුම ආයතන සහ නිලධාරින් සහ සේවකයින්ගේ බරින් රජය නිදහස් වීම සහ එම ධනස්ඛන්ධය මධ්‍යම රජයට ලැබීම

6. සම්ප්‍රදායික දිසා පාලනය යළි ප්‍රකකෘතිමත්වී ජනතාවට දේශපාල ඇඟිලිගැසීම් වලින් තොර සාධාරන, හා කාර්‍යක්ෂම වඩා හොඳ රාජ්‍ය සේවයක් ජනතාවට යළිත් ලැබීම.

7. මෙතෙක් පලාත් සභා විසින් කොල්ලකාගෙන රටේ සන්වර්ධනට අහිමි කල කෝටි සිය දහස් ගානක බදු මධ්‍යම රජයට ලැබීම නිසා රාජ්‍ය භාණ්ඩාගාරය තරවිම.

8. එසේම සෑම වසර 5ක් පාසාම ජනාධිපති වරණයකට වැය වන රු. බිලියන15 ක් පමණ සහ විධායක ජනාධිපති වරයකු නඩත්තු කිර්‍රීමට වසරකට වැයවන කෝටි 107.7 කට (2021) ආසන්න විශාල මුදලක්ද මීට අමතරව රට පුරා ඇති හැමදාම මෙන් වසා තිබෙණ, මේ කුඩා රට පුරා පිහිටුවා ඇති අධිරාජ්‍ය වාදි නෂ්ඨාවශේෂ වන සුඛෝපභෝගී ජනාධිපති හොල්මන් මන්දිර නඩත්තුවටද වැයවන අති විසාල මුදලත් රටට ඉතිරි කොට ගෙන රටේ සන්වර්ධමයට යෙදීමට හැකිවීම සහ අධිරාජ්‍යවාදී නෂ්ඨාවශේෂයක් වූ එම මන්දිර රටට ප්‍රයෝජනවත් වෙනත් කටයුත්තකට යොදා ගත හැක විම.

9.එසේම ජනාධිපති වරණය පැවැත්වෙන කාලය තුල නිෂ්ක්‍රීය වන රටේ රාජ්‍ය පරිපාලනය, සන්වර්ධනය, ජනජීවිතය, රටපුරා ඇතිවන දෙශපාලන කලකෝලාහල මෙන්ම   මැතිවරණය නිසා රටට අහිමිවන මිනිස් දින ගණන සහ ඉන් අහිමිවන අති විශාල පාඩුව නැතිවීම.

10 ජනාධිපති මැතිවරණයක් සඳහා නාස්තිකෙරෙණ අසීමිත ජාතික ධනය රටේ සන්වර්ධනයට යොදා ගැනීමට හැකිවීම.

11. ජාතික රාජ්‍ය සභාවෙන් පත්කෙරෙණ, රාජ්‍ය සභාවට වගකියන ලකිසුරු වරයෙන් පත්කර ගැනීමට හැකිවීම සහ විධායක ජනාධිපතිවරයෙකු නඩත්තු කිරීමට වාර්ශිකව වැය වන වියදම් සියල්ල රටේ සන්වර්ධනයට යොදාගත හැකිවීම

12. මීට අමතරව අති විශාල අනවස්‍ය ජනාධිපති කාර්‍යාල කාර්‍යමණඩල, නිමක් මැති ජනාධිපති උපදේශකවරුන්, 600 ක් පමණවන ජනාධිපති ආරක්ෂක බලකාය, විදේශ ගමන්, සිය ගණනක් යාන වාහන ආදිය, ජනාධිපති වරුන් විශ්‍රාම යාමෙන් පසු පවා විශ්‍රාම වැටුප්, නිළනිවාශ,ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා නාස්තිකෙරෙන මහා ධනස්ඛන්ධය  ජනතා සුභසෙත සඳහා යෙදීමට හැකිවීම. 

13.බෙදුම්වාදී සුළුජන කොටස් උතුරු නැගෙනහිරට සහ මධ්‍යම කඳුකරයට වෙනම ස්වාධීන පාලන ප්‍රදේශ, 13 යටතේ පොලීස් හා ඉඩම් බලත ආදිය ඉල්ලිම සහ එසේ කරනමෙන් ඉන්දියාවේ බලපෑම නැතිවීම13 න් උපන් සියළුම වර්ගවාදී සහ බෙදුම්වාදි ඉල්ලීම් නතරවීම.

14. වර්තමාන ජනාධිපතිවරයා වැනි රටක කිසිම ජන ප්‍රසාධයක් නැති කෙනෙකුට වුවත් 1978 ව්‍යවස්ථාවේ අන්ක 40 යටතේ මෙන් හොල්මන් ජනාධිපති වරයකු පත්වීමේ කිසිදු අවකාශයක් ඉන්පසු නැතිවීම.

15. 1978 ව්‍යවස්ථාව යටතේ වූ 225 හේ පාර්ලිමේන්තු මත්‍රී සන්ඛ්‍යාව 168 දක්වා අඩුවීමන් රටට අති විශාල මුදලක් ඉතිරිවීම. (අඩුවීම වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින 225 න්, ජාතික ලැයිස්තුව් 29 සහ 1978 න් වැඩිකළ 28 = 57).

16. කිසිදාක චන්දයකින් මැති සභයට ඒමට නොහැකි, එසේම චන්දයකින් පත්වෙන ජනතා නියෝජිතයෙ කුගෙන් කරවාගත නොහැකි දේවල් පක්ශ නායකයින්ට කරවාගත හැකි, පක්ශ නායකයින්ට මිස රටේ ජනතාවට වගනොකියන පක්ශ නායකයින්ට තමන්ට ඕනෑ ගජමිතුරන් පාර්ලිමේන්තුවට ගැනීමේ ජේ.ආර්.ගේ තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී  ඊනියා ජාතික ලැයිස්තුවද අහෝසි වීම

17. වර්තමාන ජනාධිපති වරයා වැනි රටක මුළුමහත් ජනතාවම වසර15 ක් තිස්සේ ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකුට වුවද 1978 ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය යටතේ රටේ ජනාධිපතිවි ඔහුගේ පුද්ගලික න්‍යාය පත්‍රය අනුව පිස්සු කෙලීමට වුවද අවස්ථාවක් ලැබීම නතරවීම.

18.මීට හොඳම උදාහාරණය රනිල් වැනි, 2005 සිට 2020 දක්වාම වසර 15ක් තිස්සේ මුළු රටම ප්‍රතික්ෂේපකළ දේශපාලන අනාථයෙකුට වුවද 2022 දී 40 වගන්තිය අනුව පත්වීමට හැකිවූ පරිදි යළි කිසිදිනක මේ රටේ ජනාධිපති වීමට නොහැකිවීම)

19. මේ අනුව 1978 ව්‍යවස්ථාව යටතේ දැනට සිදුවන පරිදි යළි කිසිම දිනක රටේ සම්භාවනීය මෙන්ම වැදගත්ම රාජ්‍ය නායක තනතුරට සුදුසු නැති කෙනෙකු පත්වන්නේ නැත.මන්ද ඒ සඳහා සුදුසුකම් 1972 ව්‍යවථාවෙන්ම නියමවන නිසා.

20. ඉන් පසු වර්තමානයේ 1978 යටතේ සිදුවන පරිදි කිසිම දවසක ජනාධිපති මැතිවරණය සඳහා අපේක්ෂයින් 35 ක 40 ක බලුපොරයක් යළි ඇතිනොවන අතර ඒ වෙනුවෙන් රටේ ජාතික ධනය කෝටි ප්‍රකෝටි ගණනින් වැයවන්නේද නැත. එසේම ජනාධිපති චන්ද රැස්වීම් නිසා රටට අහිමිවන මිනිස් දින දසලක්ෂ ගානක්ද ඉතිරිවනවන නිසා රටේ නිශ්පාදනයට සිදුවන හානියද වැලකේ.

21. තවද ජේ.ආර් කලාක් මෙන් , තමන්ගේ තනි මතයට ක්‍රියාකරමින්, මන්ත්‍රීවරුන්ගෙන් දින නොමැති අනීතිකව අස්වීමේ ලිපිගෙන  ඔවුන් ප්‍රාණ ඇපකරුවන් මෙන් හෝටල්වල හිරකර තබා,වෙලාවට පාර්ලිමේන්තුවට ගෙන්වාගෙන ඔවුන්ගේ චන්දය, බලයෙන් ලබාගැනීම,    වැනි ඒකාධිපති වැඩද නතර වීම

22.1972 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පත් කරණු ලබන්නේ අගමැති නිසා සහ ඔහු/ඇය විධායක ජනාධිපති වරයෙකු නොවන නිසා, විධායක ජනාධිපතිට තරම් පරිවාර සේනා,ආරක්ෂකයින්,කාර්‍ය මන්ඩල, යාන වාහන වැනි අධික වියදම්ද ඇති නොවණු ඇත

23. නව තත්වය යටතේ ජනාධිපති වීමට 1978 ව්‍යවස්ථාවෙන් මෙන් සුළු ජනකොටස්වල චන්දය කෙරෙහි යැපිමක් නැති වීම.

24. මේ සියල්ලටම වඩා අවුරුදු 34ක් වැනි කෙටි කාලයක් තුල 21 ක් වතාවක් සන්ශෝධනය කළ රටේ සහ ජනතාවගේ පොදු යහපතට  වඩා දේශපාලකයින්ගේ හුදු පැවැත්ම සඳහා සම්මත කරණලද එක් ආත්මාර්ථකාමි පුද්ගලයෙකුගේ අවෂ්‍යතාවන් පිරිමසා ගැනීමට 7,1.14 සහ 16 වැනි සන්ශෝධන සහ  මේ රටේ භෞතික අඛණඩතාව,ස්වයිරී භාවය, ස්වාධිපත්‍ය, ආර්ථිකය සහ රාෂ්ට්‍රපාලන යාන්ත්‍රණය මුලුමනින්ම අක්‍රීයකොට මේ රටේ භූමිපුත්‍රයිනිගේ අභිලාෂයන්ට වඩා ඉන්දියාවේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා සකස්කළ, බෙදුම්වාදයට මඟපෑදූ 13 වන සන්ශෝධනය සමඟම එහි සන්ශෝධන 21ක් නිසා  ව්‍යවස්ථාවකට වඩා සතිපතා පුවත්පතක් බවට පත්කොට ඇති ව්‍යවස්ථාව නැමැති මේ රට විනාශකළ දේශපාලන හුනියමද අහෝසිවීම.

25. මේ රටත්, ආර්ථිකයත්, සදාචාරයත් විනාශකළ වසර 37 ක විධායක,දේශපාලන සහ පරිපාලන ශාපයක් අවසන්වීම

26. අගමැති වරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය ඊලඟට නව ජනාධිපති වරයෙක් පත්කර ගැනිමත් සමඟම මේ රටේ නව සිංහල  බෞද්ධ නායකත්වයක් යටතේ රටට සුභ අනාගතයක්ද උදාවීම.

27. දැනට පවතින දිසා මන්ත්‍රී ක්‍රමය සහ පක්ෂනායකයින් විසින් පත්කරන ජනතාවට වග නොකියන ප්‍රජාතන්ත්‍රවාදි නොවන ඊණියා ජාතික ලැයිස්තුවද අහෝසිවී පක්ශ නායකයින්ගේ දඩබල්ලන් වෙනුවට නැවතත් ආසන මට්ටමින් ජනතාවගේ චන්දයෙන් පත්වන, ජනතාවට වගකියන, ජනතාවට සමීපව සේවය කරණ මහජන සේවක මන්ත්‍රීන් 168 ක් ඇතිවීම

28. මැතිවරණ ක්‍රම්යද වෙනස්වී මනාප,අනුපාත වැනි අපභ්‍රන්ශ අහෝසිවී  ජනතාවට සරළ මැතිවරණ ක්‍රමයක් යළි ඇතිවීම

29. හොර බොරු නැති, ජනතා හිතවාදී චන්දදායකයින්ට සමීප ජනතාවට වගකියන නව දේශපාලන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සන්ස්කෘතියක් යළි ඇතිවීම.

30. 1987 සිට 37 වසරක් පුරා රටට ශාපයක් හා හූනියමක්ව පැවැති ඉන්දිය රජය විසින් ලක්මවගේ ගෙලේ බැඳි උරචක්‍රමාලයක් වූ 13 වනව්‍යවස්ථා සන්ශෝධනයෙන් ලක්මව නිදහස්වීම.

31. ඇමතිවරුන්,අමාත්‍යන්ශ ලේකම් වරුන්, තානාපතිවරුන්, දෙපර්තමේන්තු ප්‍රධානීන්, සන්ස්ථා සභාපතිවරුන් ආදිය පත්කිරීමේ, මාරුකිරීමේ සහ ඉවත්කිරීමේ ඒකාධිපති බලයද ජනාධිපතිවරයාගෙන් ඉවත්වීම සහ ඒකාධිපති රාජ්‍ය පාලකයෙකුගෙන් මේ රට නිදහස්වීම

දෙවනුව ඉහත දක්වනලද අන්ක 1 ප්‍රතිඥාවට අමතරව පහත සඳහන් ප්‍රතිඥාද දීම අනිවාර්‍යවේ.

2. දැනට මේ රටේ පවතිනුයේ සැබෑ ජන මතයක් නියෝජනය නොවන, 2020 ජනවරමට ඉඳුරාම පටහැනි වූ,  සෑම ඇතින්ම විකුර්ති වූ ප්‍රජාතන්ත්‍රවිරෝධී, දේශපාලක්යින්ට පමණක් ධන බල නිධානයක් හා කල්පවෘක්ෂයක්  බවට පහ්ව ඇති  රටට හෝ ජනතාවට සේවයක් නොවන පාර්ලිමේන්තුවක් බැවින් වහාම එය විසුරුවාහැර අලුතෙන් බලගැන්වුණු 1972 ව්‍යවස්ථාව අනුව පැවති කොට්ඨාශ ක්‍රමය අනුව මන්ත්‍රීන් 168 දෙනෙකුගෙන් යුතු ජාතික රාජ්‍ය සභාවක් පත්කරගැනීම සඳහා හැකිපමණ කඩිනමින් පවතින පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම.

 3 ඒ අනුව පත්කරගන්නා අලුත් පාර්ලිමේන්තුව ජාතික රාජ්‍ය සභාව වශයෙන් නම්කිරීම

4. චන්දදායකයින්ගේ දැනගැනීම සඳහා 17 කට නොවැඩි තම ඇමති ණ්ඩලය සැප්තැම්බර් 21 ට පෙර ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රකාශයට පත්කිරීම, ඔවුන්ට භාරදෙන විෂයන්ද සමඟ.

5.  ශ්‍රී ලාන්කික ශිෂ්ඨාචාරයේ අනන්‍යතාව සහ සින්හල බෞද්ධ ලාන්චනය ආරක්ෂාකර ගැනීම සඳහා රට මෙහෙයවියයුතු ආකාරය පිලිබඳ රජයට උපදෙස් දීම සඳහා ජාතික රාජ්‍යසභාවට ඉහලින් ත්‍රයි නිකායික මහනාහිමිවරුන් වහන්සේලා 4 දෙනාගේ ප්‍රධානත්වයෙන් පහත සඳහන් පරිදි ජාතික පුරෝහිත මණ්ඩලයක්පත්කිරීම[S1] . 

එය පහත සඳහන් පරිදි සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයයි යෝජනා කෙරේ.

සියම් මල්වතු,අස්ගිරි,අමරපුර සහ රාමඥ  ත්‍රයිනිකායික මහනාහිමිවරුන්   4

කල්‍යාණි, රෝහන, කෝට්ටේ සහ දඹුළු පාර්ශව

නාහිමිවරු නාහිමි නාහිමිවරුන්                                                              4

විද්‍යෝදය/ විද්‍යාලන්කාර පරිවේනාධිපති හිමිවරුන්                                 2

හින්දු,කතෝලික මුස්ලිම් නායක පූජකවරුන්                                          3

රාජ්‍ය සහාවේ කථානායක                                                                     1

රාජ්‍ය සේවයේ ප්‍රධානියා භා/ලේ                                                             1

මහබැන්කු අධිපති                                                                                 1

නීතිපති                                                                                                 1

මුලුගණන                                                                                           17

(ශ්‍රී ළන්කා ජනරජ‍යයේ සියළුම තීරණ මෙම උත්තරීතර රාජ්‍ය උපදේශක සභාවේ අනුමැතියට යටත්විය යුතුය).

6. රාජ්‍ය නාකයා ලකිසුරු වශයෙන් හැඳින්වීම. 

(1972 ව්‍යවස්ථාව පරිදි ජාතික රාජ්‍ය සභාවේ අනුමැති ඇතිව අග්‍රාමාත්‍ය වරයා/වරිය විසින් ඔහු පත්කරණු ළැබේ)

7.අග්‍රාමාත්‍ය වරයා ප්‍රමුක අමාත්‍ය වරු 17 ට නොවැඩි අමාත්‍ය මන්ඩලයක් පත්කිරීම

8 අධිරාජ්‍ය වාදී නෂ්ඨාවශේෂයක් වූ දැනට පවතින පබරවාරි 4 නිදස් දිනය අහෝසිකොට මේ රටට සැබෑ නිදහස ලබාගත්තේ 1972 මැයි 22 බැවින් මේ රටේ නිදහස් දිනය වෂයෙන් මැයි 22 කිරීම

9.මේ රටේ දැනට පවතින ජාතික දිනය වෂයෙන් නම්කොට ඇති පෙබ 4 ඉවත්කොට නියත වශයෙන්ම සිංහල -බෞද්ධ ජාතිය උපත ලැබුයේ ක්‍රි.පූ. 307 පොසොන් පසොලක්වක දිනයේ බැවින් සෑම වසර්කම   පොසොන් දෙපෝය දිනය මේ රටේ ජාතික දිනය වෂයෙන් ප්‍රකාශකොට ව්‍යවස්ථාගත කිරීම.

10.ලෝකයේ බොහෝ රටවල රජයේ නිවාඩු දින ගණන 12කි. මේ රටේ රජයේ නිවාඩු දින ගණන 125 ද ඉක්මවූ අවස්ථා ඇත.මෙය රටක සන්වර්ධනයට  මහත් භාධාවකි.එය  පහත සඳහන් පරිදි දින 20 ට  සීමා කිරීම.

එය පහත පරිදි විය යුතුයයි යෝජනා කරණු ලැබේ. 

නිවාඩු දිනයේ නම                                        මාසය                           දින ගණන

සිංහලේ අලුත් අවුරුද්ද                            අප්‍රේල්  13 &14                           2   

වෙසක් පෝය                                   මැයි පසොලොක්වක් පෝය                2                                    2

ජනරජ දිනය                                                 මැයි.  22                                 1

ජාතික ගොවි කම්කරු දිනය                            මැයි                                      1

සිංහලේ ජාතික දිනය පොසොන් පෝය)*                                                   2

+පරිසර දිනය                                                                                              1

+ජාතික ළමා දිනය                                                                                      1

+ජාතික මව්වරුන්ගේ දිනය                                                                         1

+ජාතික වැඩිහිටි දිනය                                                                                 1

වෙසක් පොසොන් පෝය   හැර ඉතිරි පසොලොක්වක පෝය                      10                                                           

මුළු ගණන                                                                                                22                                                                                                             

*සිංහලේ ජාතික දිනය මේ රටේ සින්හ සිංහල බෞද්ධ ශිෂ්ඨාචාරය බිහිවූ දිනය පොසොන් පසොලොක්වක් පෝය

+ මාසය සහ දිනය රජය තීරණය කරණ පරිදි

* මේ අනුව 1815 සිට මේ රට තුල බලහත්කාරයෙන් කළ අධිරාජ්‍යවාදී යුදෙව් ක්‍රමය වූ ඉරිදා සහ සෙනසුරාද නිවාඩු අවලන්ගු කෙරෙන අතර අන්‍යාගමික දින අදාල ආගම් අදහන්නවුන්ට පමණක් සීමා කිරීම .

* කතෝලික,හින්දු සහ මුස්ලිම් ගමික දින 8 අදාල ආගමිකයින්ට පමණි. ඒවා රජයේ නිවාඩු දින ලැයිස්තුවෙන් ඉවත් කෙරෙනු ඇත.

11.මේ රටේ රටවැසිභාවය   තීරණය කළයුත්තේ 1953 (කොතලාවල /නේරු ගිවිසුම අනුව පමණක් බව

12. ලෝකයේ සිටි ශ්‍රෙෂ්ඨතම අධිරාජ්‍යයාවූ ධර්මාසෝක ආකෘතියේ (රට වැසියන් රජයේ දරුවන් වශයෙන් සලකන) දේශප්‍රේමී ජාතිහිතෛෂී රාෂ්ට්‍රපාලන ක්‍රමයක් පිහිටුවන බව.

13. දිස්ත්‍රික් මන්ත්‍රී ක්‍රමය අහෝසිකොට ආසන මට්ටමේ රාජ්‍යසභා මන්ත්‍රීන්168 ක් (1977 වන තුරු පැවති පරිදි) මනාප සහ සමානුපාතික ක්‍රමද අහෝසි කිරීම   බහු මන්ත්‍රී ආසන ක්‍රමය අහෝසි කිරීම.

14. එක රටක් 1815 මාර්තු 2 දා උඩරට ගිවිසුමෙන් ඉන්ග්‍රීසීන්ට භාරදෙන ලද්දේ සින්හලේ නම්වූ රාජධානිය වන බැවින්, මේ රට නැවත සින්හලේ නමින් නම්කිරීම. ඒ අතරම බුදුන් දවස පවා මේ රට ලන්කාදීප යන නමින්ද හැඳින්වුනු බැවින් ලන්කා /ශ්‍රී ලන්කා නමින්ද හැඳින්වීමට ව්‍යවස්ථාවෙන් අවසර දීම

15.එක ජාතියක්, ඒ අනුව මේ රටේ ජාතිය සින්හල/ ශ්‍රී ලාන්කික වශයෙන්ද හැඳින්වීම

16. එක නීතියක්. මෙය සින්හලේ නීතිය සහ දැනට පවතින රෝම ලන්දේශි නීතියේ සන්කළනයක් වණු ඇත. ඉන්පසු රටේ සියළුම දෙනාට බල පැවැත්වෙන්නේ එම නීතිය වේ. සුද්දන් විසින් මේ රට බෙදා පාලනය කිරීම සඳහා සුළු ජන කොටස්වලට පමණක් (භූමිපුත්‍රයින් වූ සින්හලයන්ට නොමැතී) දී ඇති විශේෂ වරප්‍රසාදයක් වූ දැනට පවතින තේසවලමේ සහ මුස්ලිම් නීති අහෝසි කිරීම.

17. මේ රටේ ඉතිහාශය ආරම්භවූ දින සිටම පුරාම පැවති පරිදි ගම කේන්ද්‍රකොට ගත් දැහැමි රාෂ්ට්‍රපාලන ක්‍රමයක් ඇති කිරීම.

18. මේ සින්හල රට බෙදීම සඳහා 1799 සිට කුමන්ත්‍රණයකොට 1833 දී මහපොලවේ පිහිටවූ පලාත් ක්‍රමය අහෝසිකොට දිසා ක්‍රමය රටේ පාලන ඒකකකය වශයෙන් ව්‍යවස්ථාගත කිරීම.

19.රට, දැය, සමය ආරක්ෂාකොට ගැනීම තහවුරුකොට ගැනීමට පහත සඳහන් පරිදි වෙනස්කළ නොහැකි ජාතික ප්‍රඥප්ති මාලාවක් ප්‍රකාශකොට ව්‍යවස්ථාගත කිරීම 

එය සිංහලේ ලේ/ශ්‍රී ලංකාවේ රාජ්‍ය ප්‍රඥප්තිය නමින් හඳුන්වමු

1ශ්‍රී ලංකාව/සිංහලේ, සිංහල ජාතියේ අයිතිහාසික මාතෲ භූමිය වේ. 

කි.පූ. එය 543 සොයාගත්තෝද, එහි සිෂ්ඨාචාරය බිහිකලෝද එසේම ක්‍රි.පූ. 2 වන සියවසේ සිට 1987 දක්වා,ඉන්දීයාවෙන් සහ යුරෝපීය රටවලින් පැමිණි සියලු පර සතුරු ආක්‍රමණයින්ගෙන්, ජීවිත පරිත්ත්‍යාගයෙන් මේ රට  ආරක්ෂාකොට ගත්තෝද ඒ තුළ ශිෂ්ඨාචාරය බිහිකලෝද ඔවුහුම බව පිළිගැනීම. 

2.එහි නාමය සිංහලේ/ශ්‍රී ලංකා වියයුතුය

ක්‍රි.පූ.543 සිට ඉතිහාසය පුරාම මේ රට හැඳින්වුයේ සිංහලේ, සිංහලද්වප වශයෙනි.එසේම ලන්කා, ලන්කාධ්වීප කියාද එය වන්ශ කථාවල හඳුන්වා ඇත. 1815 මාර්තු 2 උඩරට ගිවිසුමෙන් බ්‍රතාන්‍යට භාරදී ඇත්තේද සිංහලේ නම්වූ රාජධානියයි. එම ගිවිසුමේ සිංහලේ නමින් හඳුවන ලද්දේ මේ සමස්ථ සිංහලේ ධ්වීපය ඇතුළු ඒ හාත්පසින් වූ මාලදිවයින් ඇතුළු දූපත් සහිත සමුද්‍රයයි. 1948 ව්‍යවස්ථාවේ පළමු කොටසේ (2) න්මාලදිවයින් 1815 භාරදුන් සින්හලේ රාජධානියෙන් ඉවත්කොට ඇත.1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවරට මේ රට ශ්‍රී ලංකා කියා හඳුන්වයි. එම නිසා මෙහි සඳහන් එකී නම්වලින් හැර වෙනත් කිසිම නමකින් එය හැඳින්වීම දඬුවම් ළැබිය හැකි වරදකි. දේශීය වෂයෙන් සින්හලේ කියාද ජාත්‍යන්තර වෂයෙන් ශ්‍රී ලන්කා කියාද එය භාවිතා කළ හැක. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම සිංහලේ යන්න වරහන් තුල සඳහන් කළ යුතුය. 

1815 මාර්තු 2 උඩරට ගීවිසුම අනුව ඉන්ග්‍රීසීන්ට භාරදී ඇත්තේද සිංහලේ නම්වූ රාජධානියයි. එබැවින් ඇත්ත වශයෙන්ම රටේ නිවැරදි නම වූ සිංහලේ යන්න ලබාගත යුතුව තිබුණේ,1948 දී රටේ බ්‍රතාන්‍ය පාලනයෙන් රට භාරගත් අවස්ථාවේදීමය. එය අපි දැන් යලිත් ස්ථාපිත කිරීම.

3. මධ්‍යම කඳුකරයේ මාතලේ, මහනුවර, නුවර එලිය සහ බදුල්ල දිස්ත්‍රික්ක වල සහ උඩරට රාජධානියේ තදාසන්න ප්‍රදේශ වන කුරුකුරුණෑගල,කෑගල්ල. රත්නපුරය, කළුතර,ගාල්ල,මාතර සහ මොනරාගල දිස්ත්‍රික්ක වල තේවතු  පිහිටි ඉඩම් වතුකරයේ දෙමළුන්ට සින්නක්කරව බෙදාදී තනි දෙමළ ගම්මාන පිහිටුවා රටෙන් 3/1 ක් පමණ ප්‍රදේශයක් ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කිරීමේ වර්තමාන රජයේ වැඩපිලිවෙල වහාම නතර කිරීම

4. සිංහලේ / ශ්‍රී ලංකාව  සිංහලේ බෞද්ධ රාජ්‍යක්. වශයෙන් ව්‍යවස්ථාගත කිරීම

(ශ්‍රී ලංකාව ″කි.පු. 307 සිට අඛණ්ඩව පැවති පරිදි සිංහලේ බෞද්ධ රාජ්‍යයකි. එසේම එය ලෝකයේ ඇති එකම සිංහල බෞද්ධ රාජ්‍යයද වෙයි).

(ලෝක ඉතිහාශය ආරම්භවූ දා සිටම ඉන්දීය සාගරයේ පිහිටි සිංහලේ ද්වීපය නම්වූ, වර්ගසැතපුම් 25,332 (65,610 කි.මී)පමණ වු මේ දිවයින, ඒකචත්ත්‍ර සිංහලේ රාජ්‍යයක් වශයෙන් පැවත ඇත. ඒ අඛණ්ඩ සම්ප්‍රදායයි. එබැවින් කුමණ පදනමක් මත හෝ මේ රට බෙදීමට යෝජනා කිරීම හෝ එසේ කිරීමට තැත් කිරීම මරණ දඬුවම ලැබිය හැකි වරදකි.

5. මේ රටේ ජාතිය සිංහල වශයෙන් ව්‍යවස්ථාගත කිරීම.

(දෙමළ සහ මුස්ලිම් ඇතුළු සෙසු සියළුදෙනාම එම සිංහලේ ජාතිය තුල මේ රටේ ජාතිය සිංහලේ බව පිළිගන්නා රටවැසියන් වන ජන වර්ග පමණි.)

6. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුය. ඒ අණුව දිවයින පුරාම    අධිකරණයේ ඇතුළුව රජයේ සියළුම කටයුතු සිදුකළයුත්තේ සිංහලෙන් පමණි.

7. ක්‍රි.පූ 307 දී සිට අඛණ්ඩව පැවති පරිදි මේ රටේ රාජ්‍ය ආගම බුද්ධාගම විය යුතුය. කෙසේ වුවද සෙසු ආගමික ලබ්ධීන්ට ඔවුන්ගේ ආගම් ඇදහීමේ නිදහස පමණක් සහතික කිරීම.

8. මේ රටේ ජාතික කොඩිය යළිත් 1815 තිබුණ සිංහලේ කොඩිය විය යුතුය.

9. මේ රටේ ජාතික ගීය නමෝ නමෝ මාතා යනුවෙන් ආරම්භවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ගීය වේ. ජාතික ගීය දිවයින පුරාම ගායනා කළ යුත්තේ රටේ රාජ්‍ය භාෂාව වන සිංහලෙන් පමණි.  වෙනත් භාෂාවකින් එය ගැයීම දඬුවම් ලැබිය හැකි සාපරාධී වරදකි

10. මේ රටේ තිබිය යුත්තේ මුලු රටටම බලපාන පරිදි එක නීතියක් පමණි–එය 1815 ට පෙර සිංහලේ වන මේ රටේ තිබුණු සිංහලේ නීතිය සහ එහි ඌණ පූර්ණ සඳහා ආදේශකොට ගත් වර්තමාන රෝම ලන්දේසි නීතියේ සම්මිශ්‍රණයකි.

(එය සකස්කිරීම සඳහා සිංහලේ නීතිය සහ රෝම ලන්දේසි නීතිය පිළිබඳ විශාරධයින්ගේ මණ්ඩලයක් පත්කෙරේ).

11.දැනට පවතින මුස්ලිම් නීතිය සහ තේශවලාමේ නීතිය මේ සිංහලේ රට තුල අහෝසි කිරීම

12. මේ රටට පූර්ණ වශයෙන් ව්‍යවස්ථාදායක,විධායක සහ අධිකරණ  නිදහස ලබාගත්තේ 1972 මැයි 22 දා ජනරජයක් වෂයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු බැවින් මේ රටේ සැබෑ නිදහස් දිනය වියයුත්තේ මැයි 22 දිනය වේ.

13. මේ රටේ,ජනාධිපති, අගමැති, අධිකරණ ඇමති, විදේශ ඇමති, ස්වදේශ කටයුතු භාර ඇමති, අධ්‍යාපන ඇමැති.අග්‍රවිනිස්චයකාරයා,  නීතිපති, ත්‍රි විධ හමුදාපතිවරුන්, සහ පොලිස්පති අනිවාර්‍යයෙන්ම සිංහල බෞද්ධයින්ම වියයුතුය.

14. මේ රටේ තිබිය යුත්තේ ජාතික දේශපාලන පක්ශ දෙකක් හෝ උපරිම 3 ක් පමණි. ආර්ථික ප්‍රතිපත්ති වල වෙනස්කම් අනුව ජාතික දේශපාලන පක්ෂ දෙකක් හෝ තුනක්   තිබිමට ව්‍යවස්ථාවෙන් අවසර දිය හැක.

15. මේ රටේ මධ්‍යම කඳුකරය, ශ්‍රී ලංකාවේ හදවත මෙන් රැකගත යුතුය.

(මන්ද මේ රටේ සකළවිධ ජීවී පද්ධතියේ මෙන්ම ශිස්ඨාචාරයේ පැවත්මේ ඉරණම රඳා පවත්නේ එහි භෞතික ස්ථාවරත්වය මත නිසාය.  එමනිසා එහි වනාන්තරයට, භූමියට, පසට, ජල සම්පත් වලට හෝ ජීවී පද්ධතියට හානි සිදුකරණ්නන්ට මරණ දඬුවම දිය යුතුය

1. මධ්‍යම කඳුකරයේ මු. ම. අඩි 5000 ඉහල සෑම ප්‍රදේශයක්ම. රජකාළයේ මෙන් අධිරක්ශි ප්‍රදේශ වශයෙන් ප්‍රකාශ කෙරේ.කිසිම වගාවක් හෝ ජනාවාශයක් මේ තුල සපුරා තහනම්ය. එසේම රාජ්‍ය අවසරයකින් තොරව එහි ඇතුල්වීම පවා මරණ දඬුවම  ලැබීමේ වරදකි

11. අඩි 3500-5000 අතර විශාල තේ වතු තිබුණද ඒ තුළද සෑම වර්ගයේම ජනාවාශ අඩි 3500 යේ සීමාවෙන් පහල ප්‍රදේශ වලට සීමා කිරීම.

කඳුකරයේ 1000-3500 අතර ප්‍රදේශය ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිර්දේශිත ගම්මිරිස්,කරාඹු,කෝපි,එනසල්, පලතුරු වැනි මිශ්‍ර භෝග සහ, ගෘහස්ථ සත්ව පාලනය (ගව, එළු.කුකුල් සහ මීමැසී) සහිත කුඩා ගොවිපල ව්‍යාපාර සඳහා වෙන්කළ යුතුය.

මධයම කඳුකරය වටේ දිවෙන මෙම තීරුවේ උඩරට ඉඩම් නැති ගොවියන් ප්‍රමුඛකොට උඩරට 3500 න් ඉහළ තේ වතු වලින් ඉවත් කෙරෙන දෙමල කම්කරුවන් මිශ්‍ර ගම්මාන වශයෙන් පදින්චි කළයුතුය. එසේ පදින්චි කිරිමට අපේක්ෂිත ගොවි පවුල් ගණන 2,50,000 කි. මෙසේ කිරීමෙන් උඩරට වතු දෙමළ ප්‍රශ්නයද සදහටම අවසන්වණු ඇත.

16.මේ රටේ ජාතික ආර්ථිකයේ මුල්තැන ගොවිතැනට දිය යුතුය.ඉනුත් වී වගාවට ප්‍රමුඛත්වය දිය යුතුය. ඒ සඳහා අවශ්‍යය ජලය,පොහොර, කෘෂිරසායනික, ව්‍යාප්ත සේවා  අලෙවි පහසුකම් සහ සහතික මිල ක්‍රමයක් ආදි සියළු සේවා සහ පහසුකම් රජයෙන් ලබා දිය යුතුය.

17. රටේ ආර්ථිකය, සන්වර්ධනය, සන්ස්කෘතිය සහ අධ්‍යාපනය ආදිය පිලිබඳ ආණ්ඩු මාරුවීමත් සමඟ වෙනස් නොවෙ‍න ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය.

18. මේ රට බහුජාතික,බහුආගමික,බහු වාර්ගික බහු භාසික රටක් යන සන්කළ්පය මුළුමනින්ම බැහැර කිරීම.

20.ක්‍රි. පූ. 327 සිට පණ්ඩුකාභය රජු විසින් නිර්මිත ගම මේ රටේ ශිෂ්ඨාචාර්යේ මෙන්ම සන්වර්ධනයේද පදනම කිරීම 21.මෙම ප්‍රඥප්තියේ සඳහන් නියමයන්ට එකඟ නොවෙන කිසිවෙකුට මේ රටේ රටවැසිබව ලැබීමට හෝ මෙහි දීර්ග කාලීනව රැඳී සිටිමට නීතියෙන් තහනම් කිරීම.

( මීට පටහැනිව කථා කිරීම, ලිවීම හෝ කුමණ අන්දමේ මේ ක්‍රියාවක යෙදෙන ඕනෑම පුද්ගලයෙකු පැය 24 ක් තුල රටින් පිටුවහල් කිරීමේ බලය සින්හලේ/ ශ්‍රී ලංකා රජය සතු වේ).

20 මේ රට සින්හල දෙමළ රට වල් සහ ජාතීන් වශයෙන් බෙදීමට සුද්දා විසින් 1833 ඇතිකළ පලාත් ක්‍රමය අහෝසිකොට තුන් සින්හලේ නැවත පිහිටුවා කන්ද උඩරට සිව්වන සින්හලේ වශයෙන් නම්කොට සිව්සින්හලේ නැවත ඇතිකිරීම.

21. ඒ තුල දිසා, උප දිසා, කෝරළ, ගම් හා නගර මට්ටමින් රට පාලනය කිරීමේ භූ දේශපාලන රටාවක්  නැවතත් ඇතිකිරීම

22 තුසිත (තුන් සින්හලේ තහවුරු කිරීමේ) නමින් නව ජාතික බැන්කුවක් පිහිටුවීම

23.වැල්ලවාය, සේරුවාවිල. මහියන්ගනය සහ යාපහුව නමින් නව දිසා 4 ක් පිහිටුවීම

 24. උඩරට කඳුකරය (ජාතියේ හදබිම) බේරා ගැනීමේ පුලුල් වැඩපිළිවෙලක් සහ 1815 සිට උඩ රට සින්හලයින්ගේ අහිමිවූ ඉඩම් ඇතුළු සියළුම අයිතිවාකම් ඔවුන්ට ආපසු  ලබා දීම  සහ අධි රාජ්‍ය වාදීන්ගෙන් වන්දි ලබාගැනිමට ක්‍රියා කිරීම

25. 1815 සිට උඩරට සින්හලයින්ට සිදුවූ අසාධාරනකම් නැතිකිරීම සඳහා උඩරට කඳුකරයේ මේ රජය විසින් දැනට සිදුකෙරෙන ඉන්දීය දෙමළ වතු කමකරුවන්ට දෙමල ගම්මාන තැනීම වහාම නතරකොට ඔවුන් සියළුදෙනාම මු.ම. 1000- 3500 අතර කලාපයේ උඩරට ඉඩම් නැති සින්හලයින් සමඟ මිශ්‍ර ගම්මාන වල පදින්චි කිරීම

26. කලුගඟ දකුණු පලාතට සහ කැළණි ගඟ වයඹට හැරවීම

27. රටේ දේශපාලන පක්ෂ, ජාතික පක්ශ 3 කට සීමා කිරීම සහ සියළුම වර්ගවාදි, ආගම්වාදි, ත්‍රස්ථවාදී සහ බෙදුම් වාදි පක්ෂ තහනම් කිරීම

28. ශ්‍රී ලන්කාවේ නිවැරැදි ඉතිහාශය නැවත ලිවීම

29.මේ රටේ ශිෂ්ඨාචාරයේ පදනම මත රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ඒ අනුව සභ්‍යත්ව රාජ්‍යයක් ගොඩනැගීම

30. නව ආර්ථික, සන්ස්කෘතික හා සදාචාරාත්මක සමාජයක් බිහිකිරීම

31.සෑම ග්‍රාම සේවා කොට්ඨාශයකම ගම් මට්ටමේ සියළුම සේවා එක් වහලක් යටින් ලබාදීමේ මධ්‍යම සන්වර්ධන මණ්ඩලයක්

32.නව දුම් රිය මාර්ග. කුරුනෑගල-මහනුවර-පල්ලෙ කැලේ. පුත්තලම-මන්නාරම,පුත්-අනුරාධපුරය පුත්- කුරුනෑගල. කුරුණෑගල- මාතලේ. මාතලේ-හබරන. පොලොන් නරුව-මහියන්ගනය.මහියන්ගනය බදුල්ල. -මහියන්ගනය මඩකලපුව.මඩ-හම්බන්තොට හරහා මාතර. රත්නපුරය – මාතර. (පවතින ආර්ථිකය යථා තත්වයට ඒමෙන් පසූ)

 33.රට පුරා අත්යන්ත්‍ර, බලවේග රෙදි කම්හල්,කුඩා කර්මාන්ත,කෘෂිකාර්මික උපකරණ නිශ්පාධන ලුහු ඉන්ජිනේරු කම්හල් නැවත ඇතිකිරීම

34. රට වටා ඇති අසීමිත සාගරය ප්‍රයෝජනයට ගෙන ලන්කාව ආසියාවේ ප්‍රධාන මත්ස්‍ය කර්මාන්ත කරු බවට පත් කිරීම

35.දෙශපාලකයින් සහ රාජ්‍ය සේවකයින් සඳහා සුදුසුකම් නියමකිරීම සහ දැඩි විනයක සහ ආචාර ධර්ම මාලාවක්

36. දිවයිනේ සියලුම ජලාශ සැමවිටම උපරිම ධාරිතාවෙන් තිබීම සඳහා නඩත්තු කිරීම

37.කඳුරටින් ශීග්‍රයෙන් මැකීයන වල්පොලමුල්ල සහ මීමුරේ වැනි පැරණි ගම්මාන සුරක්ෂිත කිරීම

38. මැදපෙරදිග ඇතුලු විදේශවල අපා දුක් විඳින කාන්තාවන්ට රට තුල රැකියා ලබාදීමේ පුලුළුල් වැඩපිළිවෙලක්

39. කෘෂි කර්ම හා කාර්මාන්ත අන්ශවල විප්ලවයක්

40.දේශීය වශයෙන් වැවිය හැකි සියළුම භෝගවලින් රට ස්වයන් පෝෂිත කිරීම,දෙවනුව ඒවා අපනයනය කිරීමේ වැඩපිළිවෙලක්.

41. 1960-77 යුගයේ තිබුණු පරිදි සියළුම කර්මාන්ත නැවත අරඹා රටතුල නිෂ්පාදනය කළ හැකි සියළුම දෙවල් මෙහි නිපදවීම සහ අනිවාර්‍යෙන්ම ආනයනය කළ යුතු භාණ්ඩ පමණක් ආනයනය කිරීමෙන්  විදේශ විනිමය ප්‍රස්නය විසඳීම

42.මේ සඳහා කෘශිකර්ම,කර්මාන්ත, මූල්‍ය, වානිජ සහ සේවා ආදි සියලුම අන්ශවලට උපරිම රාජ්‍ය  සහයෝගය ලබා දීම

43නව නිර්මාණ  සහ යෝජනා වලට උපරිම රාජ්‍ය සහාය.

44. රට පුරා පෘතුගීසි,ඕලන්ද ඉන්ග්‍රීසි, දෙමළ සහ මුස්ලිම් නම් වලින් ස්ථාන, මාර්ග, ගන්ගා, නගර.ගම් ආදී සියල්ල නස්කොට 1815 ට පෙර පැවති නම් දීම හෝ නව සින්හල නම් දීම

45.සහ ඒ අතරම මිනිසුන්ගේ පෘතුගීසි,ඕලන්ද සහ ඉන්ග්‍රීසි නම් වෙනස්කොට ඒ අයට සින්හල නම් දීම සහ අලුතෙන් උපදින සෑම ළමයෙකුටම සින්ල නම් දීම අනිවාර්‍ය කිරීම  . ඒ මගින් අප රටේ  සුවිශේෂී සින්හල අනන්‍යතාව අරක්ෂාකොට ගැනීමට පදනම වැටෙනු ඇත.

46.ජනවර්ග ආගම් සහ ප්‍රදේශ වශයෙන් පිහිටුවා ඇති සියළුම බෙදුම්වාදී දේශපාලන පක්ෂ ත්හනම්කොට ජාතික දේශපාලන පෂ 2ක් හෝ 3 ක් පමණක ව්‍යවථාගත කිරීම

47මත්ද්‍රව්‍ය හා සම්භන්ධ සියලුම අපරාධ, රාජ්‍යදේපල අවභාවිථාකිරීම වැනි අපරාධවලට මරණ දඳුවම නීතිගත කිරීම

 48. බටහිර අධිරාජ්‍යවාදීන් විසින්  ආසියා අප්‍රිකා රටවල් පුරා ක්‍රියාත්මක කරවන නව යටත්විජිත වාදයේ බළල් අත් වන ළෝක බැන්කුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන වලින් ඉවත්වී BRIC සන්විධානය සමඟ එක් වීම මූල්‍ය කටයුතු සඳහා

49. 6 වන ව්‍යවස්ථා සන්ශෝධනය වහාම ක්‍රියාත්මක් කිරීම සහ කොටි සන්විධානයට අනුබල දෙන බෙදුම්වාදයට උල්පන්දන් දෙන රටවල් සමඟ තානාපති සම්බන්ධතා වහාම නතර කිරීම

50.මේ රට රනිල් මෙන් 2048 නොව 2035 දී සන්වර්ධිත රටක් බවට කිරීම

51.ඉන්දියාව මේ රටට අයිති මුහුදුකළාපයේ අනවසරයෙන් මසුන් කොල්ලකෑම වහාම නතර කිරීම.

52. මෙම මැතිවරණයට ඉදිරිපත්වන සෑම අපේක්ෂකයෙකුම චන්ද දායකයින්ගේ දැනගැනීම සඳහා තමන්ගේ ඇමති මණඩලයේ නම් ලැයිස්තුව 21 වන දිනට දින 7 කට පෙර රටට ප්‍රාකාෂ කළයුතුය

52 රටේ කිසිම ප්‍රදේශයක තනි දෙමළ හෝ මුස්ලිම් ජනාවාශ පිහිටුවීම තහනම් නොකෙරේ

 53. ළකිසුරු,අගමැති අග්‍රවිනිශ්චයකාර සහ කැබිනට් ඇමති වරුන්ට හැර වෙන කිසිවෙකුට නිල රත නොසැපයේ. රාජ්කාරියට වාහනයක් අවෂ්‍ය  සියලු දෙනාටම  වාහනයක් ගැනීමට  නය මුදලක් දෙනු ලැබේ. රාජකාරි ගමන් වලට සැතපුම් කුලිය ගෙවණු ලැබේ

 54. සියළුම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු සියලුම වරප්‍රසාද (මහින්ද රාජ්පක්ෂකගේ හැර-කොටි පරාජයකොට රට රැකගත් නිසා) අහෝසි කෙරේ.

55. කොටි ත්‍රථවාදීන්ට සහාය දක්වන සියළුම රටවල් සමඟ තනාපති සම්භන්ධතා නතරකෙරේ.

56. ජාතික සම්පත් සහ ආයතන පිටරැටියන්ට  විකිනීම හෝ බදුදීම නතරකෙරෙන අතර දනට එසේකොට ඇති ආයතන ආපසු ලබාගැනීමට සාකච්චාකෙරෙන අතර එවා ආපසු ලක් රජයට පවරා ගැනිමට පියවර ගණු ලැබේ

57දැනට කෘෂිකර්ම භෝග වලට වන්සතුන්ගෙන් සිදුවන 40% පමණ වන හානිය නැති කිරීමට අවශ්‍ය පියවර ගැනේ

58.සෑම ග්‍රාම්සේවා කොට්ඨාශයකටම ගම්මට්ටමේ සියළුම මහජන සේවා එක් වහලක් යටදී ලබාගතහැකි මධ්‍යස්ථානයක් බැගින් පිහිටවේ

59 අවසාන වශයෙන්මේ රටේ පෙර සිටි සියළුම සින්හල රජදරුවන් කළ පරිදි මේ සින්හල දේශයත්,  සින්හල ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ශ්‍රි දළදා වහන්සේත් දිවිහිමියෙන් ආරක්ෂාකිරීමට මම සපථ කරනවා.

60. අවසාන වශයෙන් පෙර රජ දවස සිදුකළ පරිදි මේ මාතෲ භුමියත්, සින්හල ජාතියත් සම්බුද්ධ සාශනයත් ශ්‍රී දළදාවහන්සේත් සියපන දෙවැනිකොට ආරක්ෂාකිරීමට මම පොරොන්දුවෙමි.


 [S1]

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress