22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද? නැවත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැද්ද? එන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්ද?
Posted on September 15th, 2024

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col, PGDC (Col)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂයක් ඇති හෙයින්, එය නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අනුමැතිය ලබා දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 ව්‍යවස්ථාව යටතේ 2024.07.18 දින ගැසට් පත්‍රයේ පළකර තිබියදී එම දෝෂය නිවැරදි නොකර තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට අනුමැතිය ලබා දීමට නීතිපතිවරයාට හැකිද යන්න ප්‍රශ්නයකි.

2024.07.19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයේදී 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අතපසුවීමක් වී ඇතැයි අගවිනිසුරු ජයන්ත ජයසූරිය, නීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, විනිසුරුවරුන්, නීතීඥවරුන් ඉදිරියේ ජනාධිපතිවරයා විසින් ජනතාවගෙන් සමාව ගෙන තිබෙන තත්ත්වයක එකී දෝෂය නිවැරදි කිරීමට නීතිපතිවරයාගේ අනුමැතියෙන් ගෙනවිත් ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ ගැසට් පත්‍රයේ පළ කළ ශ්‍රී ලංකාවේ අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වීමට ඉඩ ඇත.

ඒ අනුව තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන එනවා වෙනුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනවිත් 2015 ගෙනා 19වන ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථා වැරදි යටපත් කිරීමට මාර්ගය පාදා ගන්නවා ඇත.

එසේ නොකර 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දෝෂ කර ඇති අයගේ වගකීම් අවසන් කළ නොහැකිය.

(නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11 වන නීති කෘතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” (ISBN 978-955-38965-6-8) එළි දක්වන ලද 2024.09.07 දින උත්සවයේදී.)

http://neethiyalk.blogspot.com/2024/09/22.html?m=1


(කෘතිය ලබා ගැනීමට විමසන්න. දුරකථන 0712063394)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress