ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ දෝෂය නිවැරදි කිරීමට ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත නොකළහොත් 2024 පත්වන ජනාධිපතිගේ ධූර කාලය වසර 6ද?
Posted on September 22nd, 2024

අරුණ ලක්සිරි උණවටුන B.Sc.(Col), PGDC(Col), නීතීඥ.


1. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනා අවස්ථාවේ එක් නීති විශාරදයෙකුගේ අතපසුවීමක් හේතුවෙන් ජනතාවගෙන් සමාව ගැනීමට
නීතිපති පාරින්ද රණසිංහ, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය,විනිසුරුවරුන්, නීතීඥවරුන් ඉදිරියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ජූලි 19 දින ගාල්ල අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී  පියවර ගත්තේය.

2. ඒ වන විට පුරවැසියන් විසින් 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා එම නඩු විශාල නඩු ගාස්තු වලට යටත්කර ප්‍රතික්ෂේප කර තිබුණි.

3. එසේම 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති වූ වැරැද්ද / අතපසුවීම නිවැරදි කිරීමට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර තිබුණි.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට 2002 දී ජනමතවිචාරණයක් අවශ්‍ය වීමත්, 2015 දී ජනමතවිචාරණයක් නොමැතිව සංශෝධනය කර ගැනීමේත් එකිනෙක පටහැනි තත්ත්වය ගැන සමාජයේ පැවති කතිකාව නැවත ආරම්භ විය.

(ඒ සම්බන්ධයෙන් මෙම ලියුම්කරුගේ 11වන නීති කෘතියආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීමසර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” (ISBN 978-955-38965-6-8)
(A referendum being required to amend Article 70 of the constitution in 2002, a referendum not being required in 2015, right to equaluty and Judicial Precedent.*) කියවන්න)

5. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේදී නීති විශාරදයන් කිහිප දෙනෙකු සිදුකරන අතපසුවීම් සාක්ෂි සහිතව එළිදරව් වීම 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් පෙන්නුම් කළේය.

6. නීතිපතිවරයාගේ අනුමැතිය ලැබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාව යටතේ 2024 ජූලි 18 දින නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නම් එම සංශෝධනයට මුල් වූ 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී වැරදි / අතපසුවීම් කළ අය කවුද යන්න එළිදරව්වන අතර, එය වැළැක්වීමේ අරමුණෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කළද, පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බවට නීතිය පිළිබඳ උනන්දුව ඇති අයගේ අවධානයට යොමු වූ අතර 2024 සැප්තැම්බර් 21 දින පවත්වන ජනාධිපතිවරණයට ඉන් බලපෑමක් විය හැකි බවද ඒ සමගම සාකච්ඡා විය.

7. 2015 ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තිබූ දෝෂය/ අතපසුවීම නිවැරදි කිරීමට එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. අනු ව්‍යවස්ථාවේ පවතින ජනාධිපති ධූරකාලය වසර 6 යන්න 5 ලෙස නිවැරදි කිරීමට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 2024.07.18 දින නීතිපතිවරයාගේ අනුමැතිය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78වන ව්‍යවස්ථාවේ විධිවිධාන මත ගැසට් පත්‍රයේ පළකර තිබුණි.

8. එකී 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් නිවැරදි කිරීමට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. අනුව්‍යවස්ථාවේ පවතින ජනාධිපති ධූරකාලය වසර 6 ඉක්මවා යන්න 5 ඉක්මවා ලෙස නිවැරදි කිරීමට නොහැකි වුවහොත් එය වසර 6 ලෙසම පවතී.

9. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83.ආ. ව්‍යවස්ථාවේ ජනාධිපති ධූරකාලය වසර 6 යන්න නිවැරදි කිරීමට නොහැකි වුවහොත්
2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී සිදුකළ වැරැද්ද/ අතපසුවීම නිවැරදි කිරීමට නොහැකිවන අතර, ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 6ක් ලෙස පැවතිය යුතු අතර, ඒ අනුව 2015 දී ගෙනා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී සිදුකළ වැරැද්ද/ අතපසුවීම නිවැරදි කිරීමද ඒ අනුව සිදුවෙයි.

10. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83වන ව්‍යවස්ථාවේ වැරැද්ද නිවැරදි කිරීමට ගැසට් කළ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවුනහොත් 2024 පත්වන ජනාධිපතිගේ ධූර කාලය වසර 6ක් දක්වා පැවතීම සිදුවෙයි.

11. එය එසේ නොවීමට කළ හැකි නීතිමය විසඳුම වන්නේ, 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම හෝ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැවත සංශෝධන ගෙන ඒම නතර කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනවිත් 2015දී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී සිදුකළ වැරදි යටපත් කිරීමට කටයුතු කිරීමය.

(නීතීඥ අරුණ ලක්සිරි උණවටුන සිය 11 වන නීති කෘතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව සංශෝධනයට 2002 ජනමතවිචාරණයක් අවශ්‍ය වීම, 2015 ජනමතවිචාරණයක් අවශ්‍ය නොවීම, සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම සහ අධිකරණ තිරණ අනුගම්‍ය පූර්වාදර්ශය” (ISBN 978-955-38965-6-8) එළි දක්වන ලද 2024.09.07 දින උත්සවයේදී.)

http://neethiyalk.blogspot.com/2024/09/83-22-2024-6.html?m=1

(කෘතිය ලබා ගැනීමට විමසන්න. දුරකථන 0712063394)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress